About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Butter Tempered Rice - රයිස් කුකර් එකේ බටර් තෙම්පරාදු බත් හදමු..

ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න යන්නෙ රසම රස බත් වර්ගයක් හදාගන්න විදිහ. නිවසේ අය සමඟ එදිනෙදා ආහාරයට වගේ…
Butter Tempered Rice - රයිස් කුකර් එකේ බටර් තෙම්පරාදු බත් හදමු..
ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න යන්නෙ රසම රස බත් වර්ගයක් හදාගන්න විදිහ. නිවසේ අය සමඟ එදිනෙදා ආහාරයට වගේම උත්සව අවස්ථාවන්ටත් ඉතාම සුදුසු මේ බටර් තෙම්පරාදු බත්, ඉතාම පහසුවෙන් රයිස් කුකර් එකේම පිළියෙල කරගන්න පුළුවන්. කුඩා දරුවන්ටත් පවුලේ සියළු දෙනාටත් එක සේ රසවිඳිය හැකි මෙය ස්වභාවයෙන්ම රසවත් නිසා, කුඩා දරුවන්ට එලෙසින්ම සහ වැඩිහිටියන්ට ව්‍යාංජන එකක් හෝ දෙකක් සමඟ පමණක් ආහාරයට ගත හැකියි.

ඉතා සුළු කළමනා කිහිපයකින් පිළියෙල කරගත හැකි නිසා විනාඩි 10 කින් පමණ කළමනා සූදානම් කරගත හැකි අතර, තෙම්පරාදු කිරීමට ගතවන අමතර විනාඩි 15 හැරුණු විට මේ රසවත් බත් වර්ගය පිළියෙල කරගැනීමට ඔබට වැයවන්නේ බත් ඉදීමට ගතවන කාලය පමණයි.


අවශ්‍ය දේවල්:
  • හොඳින් සෝදා වතුර පෙරාගත් හාල් කප් 3
  • බටර් කප් 1/4
  • හොඳින් තලා ගත් ඉඟුරු කුඩා කැබැල්ලක්
  • හොඳින් තලා ගත් සුදුළුුනු බික් 3, 4ක්
  • එනසාල් 1ක්
  • අබ තේ හැඳි 1/2ක්
  • වෙජිටබල් ස්ටොක් හෝ චිකන් ස්ටොක් කප් 1ක් (වතුරේ දියකළ "එළවළු" සුප් කැටයක් හෝ "චිකන්" සුප් කැටයක් භාවිතා කරන්නත් පුලුවන්.)
  • තුනපහ කුඩු තේ හැඳි 1/2ක්
  • ලුණු තේ හැන්දක්
  • කහ කුඩු ස්වල්පයක්
  • වතුර (අවශ්‍ය පමණ)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම රයිස් කුකර් එක ඔන් කරලා COOK වලට සෙට් කරන්න.
  • දැන් ඒකට බටර් ටික දමන්න. බටර් දියවීගෙන එනවිට එයට අබ එකතු කර අබ පුපුරන්න ඉඩ හරින්න.
  • ඉන්පසු එයට ඉඟුරු සහ සුදුළුුනු දමා විනාඩි දෙකක් බැදෙන්න හරින්න.
  • දැන් හාල් එක් කර හාල් ටික විනාඩි 3,4 ක් හොඳින් බැදෙන්න හරින්න.
  • ඉන්පසු එයට චිකන් ස්ටොක් එකතු කරන්න.
  • බත ඉදීමට ප්‍රමාණවත් වන පරිදි ඉතිරි කොටසට වතුර එක් කරන්න.
  • එයට එනසාල්, කහ, තුනපහ කුඩු සහ ලුණු එක් කර පියන වසා බත ඉදෙන්න හරින්න. එච්චරයි! වැඩේ ඉවරයි!

වැදගත්:
  • ස්ටොක් සඳහා වතුරේ දියකළ "එළවළු" සුප් කැටයක් හෝ "චිකන්" සුප් කැටයක් භාවිතා කරන්නත් පුලුවන්.
  • බත් ඉදෙන්න ගතවන කාලය එක් එක් රයිස් කුකර් එක අනුව වෙනස් වන බව සලකන්න.
  • හාල් හොඳින් බැදී ඇති නිසා බොහෝ වෙලාවට විනාඩි 5කට පමණ කලින් බත් ඉදෙන්න හැකියාව ඇතිබව මතක තබා ගන්න. 

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ රයිස් කුකර් එකට බටර් දාලා දියවුනාට පස්සෙ ඒකට අබ ටික දාලා අබ පිපිරුනාට පස්සෙ ඒකට ඉඟුරුයි, සුදුළුුනුයි දාලා බැදෙන්න හැරලා..

මේ ඊට පස්සෙ ඒකට හාල් එහෙම දාලා චිකන් ස්ටොක් ටික එහෙම දැම්මට පස්සෙ.

මේ තියෙන්නෙ මේ විදිහට හදාගත්ත බත අන්තිමට. කජු ටිකක්, කොත්තමල්ලි කොල ටිකක් එහෙම උඩින් දාගෙන ඔයාට පොඩ්ඩක් මේ බත් එක මේ වගේ සරසා ගන්නත් පුලුවන්.














මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ බර්නඩින් සහ සජානි කියන මිතුරියන් දෙදෙනාගේ thetastylove.com වෙබ් අඩවියෙන්. එයාලගේ ලිපි අපේ ඉවුම් පිහුම් කට්ටියට බලන්න ඇප් එකේ පළකරන්න අහපුවහම කිසිම අවුලක් නැතිව මිතුරියන් දෙදෙනා හා කිව්වා. ඔවුන්ට බොහොම ස්තූතියි! ඒ වගේම මොනවා හරි ගැටලුවක් මතුවුනොත් එයාලා හදපු මේ වීඩියෝ එකත් බලන්නකෝ.. (https://www.youtube.com/watch?v=948-Gj9t7Bw)
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment