About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Oats Cookies - ඕට්ස් වලින් බිස්කට් (කුකීස්)

මීට කලින් ඉවුම් පිහුම් ඇප් එකේ ඕට්ස් වලින් "පෑන් කේක්" හදාගන්න විදිහ කියලා දුන්නා මතකයි න…
Oats Cookies - ඕට්ස් වලින් බිස්කට් (කුකීස්)
මීට කලින් ඉවුම් පිහුම් ඇප් එකේ ඕට්ස් වලින් "පෑන් කේක්" හදාගන්න විදිහ කියලා දුන්නා මතකයි නේද? ඔන්න අද කියලා දෙන්න යන්නෙ ඕට්ස් වලින් හවසකට කන්න හරි උදේකට කන්න හරි රසම රස කුකීස් (බිස්කට්) හදාගන්නේ කොහොමද කියලා.. වියලි මිදි; ඒ කියන්නෙ මුද්දරප්පලම් දාලා එහෙම තමයි හදන්නෙ. ඒ හින්දම හරිම රසයි මේ කුකීස්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා...

අවශ්‍ය දේවල්:
  • ඕට්ස් කප් 2
  • පාන් පිටි කප් 3/4
  • බේකින් සෝඩා තේ හැඳි 1/2 (ආප්ප සෝඩා)
  • කාමර උෂ්ණත්වයේ තබාගත් බටර් මේස හැඳි 2
  • දුඹුරු සීනි කප් 3/4
  • බිත්තර 1
  • ගෝල්ඩන් සිරප් කප් 1/2
  • ලුණු තේ හැඳි 1/4
  • වියලි මිදි කප් 3/4
  • වැනිලා තේ හැඳි 1
  • වතුර කප් 1/4

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අවන් එක සෙල්සියස් 180ට රත්වෙන්න දැමුවායින් පසු අනෙකුත් වැඩටික පටන් ගන්න. අපි මිශ්‍රණය හදාගෙන ඉවර වෙනකොට අවන් එක ගානට රත්වෙලා තියෙන්න ඕනෙ. ඒකයි!)
  • දැන් බඳුනක් ගෙන එයට පිටි, බේකින් සෝඩා සහ ලුණු එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • වෙනම බඳුනක බටර්, සීනි, වැනිලා සහ බිත්තර එකට දමා මිශ්‍ර කරගන්න. එයට ගෝල්ඩන් සිරප් සහ වතුර එක් කර මිශ්‍ර කරගෙන එයට පිටි මිශ්‍රණය සහ ඕට්ස් සමඟ වියලි මිදි එක් කර හොඳින් කලවම් කරගන්න.
  • මෙය ශීතකරණයේ අවම වශයෙන් විනාඩි 15ක් හෝ සම්පූර්ණ රැයක් තබා ගන්න.
  • ඉන්පසු අවන් එකට දැමිය හැකි බේකින් තැටියක් රැගෙන එහි බටර් තවරා ඔයිල් පේපර් දමා ගෙන එය සූදානම් කරගන්න.
  • ශීතකරනයේ තිබූ මිශ්‍රණය එලියට ගෙන හැන්දක් හෝ ස්කූප් එකක් භාවිතා කර මිශ්‍රණයෙන් ටික ටික රැගෙන සූදානම් කරගත් බේකින් තැටිය මත එකිනෙකට තරමක පරතරයක් හිටින ලෙස තබාගන්න. (මේවා තමයි බේක් වුනටහම් බිස්කට්/කුකීස් වෙන්නෙ. ඒ හින්දා හැන්දෙන් මිශ්‍රණයෙන් ටික ටික තැටියට දානකොට බිස්කට් වගේ රවුම් හැඩයට දාගන්න බලන්න.)
  • දැන් කලින් රත් වෙන්න තියපු අවන් එකට සූදානම් කරගත්ත බේකින් තැටිය දාලා විනාඩි 15ත් 18ත් අතර කාලයක් බේක් කරගන්න.

 මේ තියෙන්නේ ඕට්ස්. ඔයාලට ඕට්ස් මිළදී ගන්න පුළුවන් සුපිරි වෙළදසැල් වලින්.

 මේ තියෙන්නෙ මේ විදිහට ඕට්ස් වලින් හදාගත්ත කුකීස්.
















මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ aniwa.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment