About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Beans - බොංචි තෙල් දාගන්න පුලුවන් අළුත් ක්‍රමයක්..

දැන් ඔන්න කියලා දෙන්න යන්නෙ වෙනස්ම විදියකට බෝංචි හදාගන්න පුලුවන් ක්‍රමයක් ගැන. අපි ගොඩක් වෙලාවට බෝං…
Beans - බොංචි තෙල් දාගන්න පුලුවන් අළුත් ක්‍රමයක්..
දැන් ඔන්න කියලා දෙන්න යන්නෙ වෙනස්ම විදියකට බෝංචි හදාගන්න පුලුවන් ක්‍රමයක් ගැන. අපි ගොඩක් වෙලාවට බෝංචි හදන්නෙ පොල් කිරි පොඩ්ඩක් එහෙම දාලා ව්‍යාංජනයක් විදිහටනෙ. එහෙමත් කලාතුරකින් සමහරු කෑලි මිරිස් ටිකක්, උම්බලකඩ ටිකක් එහෙම දාලා බෝංචි තෙල් දාලා හදනවා. දැන් මේ කියලා දෙන්න යන විදිහෙදිත් අපි බොංචි ටික තෙල් දාගන්න එක තමයි කරන්නෙ. හැබැයි, වෙනස් විදිහකට! බොංචි ටික තම්බලා ඇරගෙන තමයි මේ පාර අපි තෙල් පොඩ්ඩක් දාලා තෙම්පරාදු කරගන්න යන්නෙ. මේකට දාන අනිත් වැදගත්ම දේ තමයි සුදු ළුුනු. බෝංචි වලට සුදු ළුුනු රසත් මිශ්‍ර වුනහම බෝංචි ටික හරිම රසයි. හා හා කතා ඇති! හී හී :) ටක්ගාලා බලමු එහෙනම් මේක හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • සුද්ද කරගෙන හොඳට හෝදගත්ත බෝංචි 450ග්
  • ඔලිව් තෙල් තේ හැඳි 2
  • හීනියට කපා ගත්තු සුදු ළුුනු ගෙඩි 4
  • ලුණු සහ ගම්මිරිස් රස අනුව

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අපි බෝංචි ටික තම්බාගන්න ඕනෙ. හුමාලයෙනුයි තම්බාගන්න ඕනෙ. ගෙදර තියෙන උයන්න පිහන්න ගන්න බඩු ගැන චුට්ටක් කල්පනා කරලා බැලුවොත් ඔයාට බෝංචි ටික තම්බා ගන්න පුලුවන් ක්‍රමයක් හොයාගන්න එක එච්චර අමාරු වැඩක් වෙන්නෙ නෑ. රයිස් කුකර් එකෙන්, එහෙමත් නැත්නම් පිට්ටු බම්බුවකින් උනත් බෝංචි ටික තම්බාගන්න පුලුවන්. කොහොම හරි හුමාලයෙන් තැම්බෙන්නනෙ ඕනෙ, වතුරට දාලා තම්බාගන්නත් පුලුවන්. හැබැයි එච්චර සාර්තක නෑ.
  • ස්ටීමර් බාස්කට් එකක් තියේනම් මෙහෙම කරන්න. ලොකු සාස්පානක් ඇරගෙන් ඒකට අඟලක් විතර උසට වතුර දාලා ලිපේ තියලා වතුර ටික නටවාගන්න. ඊට පස්සෙ ස්ටීමර් බාස්කට් එකකට බෝංචි ටික දාලා අර ලොකු සාස්පාන ඇතුලෙන් තියලා හොඳට සාස්පාන වහලා විනාඩි 4-5ක් ස්ටීම් කරගන්න. මොන භාජනේ හැදුවත් විනාඩි 5 කට වඩා ස්ටීම් කරන්න එපා. බොංචි වල ගුණ නැතිවෙනවා. අනික අපිට වුවමනා කරන විදිහට මේ බෝංචි ටික හදා ගන්නත් බැරිවෙනවා. මේවා ස්ටීම් කරගන්න ඕනේ බෝංචි ටික මොළොක් උනත් කර කර ගාලා හැපෙන ගානට. දැන් බෝංචි ටික සාස්පානෙන් එළියට අරගෙන වතුර බේරෙන්නට හරින්න.
  • ඊට පස්සෙ ටිකක් ලොකු තාච්චියකට ඔලිව් තෙල් ටික දාලා රත් කරන්න.
  • දැන් මේ රත් වෙච්ච තාච්චියට සුදු ළුුනු ටික දාලා රත්තරන් පාට වෙනකන් බැදගන්න.
  • ඊට පස්සෙ ඒකට බෝංචි, ලුණු සහ ගම්බිරිස් එකතු කරලා හොඳට කලවම් කර ගන්න. විනාඩි 3-4ක් තිබ්බම ඇති. මේක උයන කොයිම වෙලාවකවත් බෝංචි වල ලස්සන කොළ පාට අව පැහැ වෙන්න දෙන්න එපා. විනාඩි 5-6කට වඩා ලිපේ තිබ්බොත් නම් පාට වෙනස් වෙන්න බලනවා.
  • එච්ච්චරයි! වැඩේ ඉවරයි! දැන් ඉතින් ලිපෙන් බාලා පිළිගන්වන්න තමයි තියෙන්නෙ.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ වගේ ගෙදර තියෙන බොංචි ටික තම්බාගන්න පුලුවන් කැමති භාජනයක් ඇරගෙන ඒකට බොංචි ටික දාලා හුමාලයෙන් තම්බාගන්න.

 මේ වගේ ස්ටීමර් බාස්කට් එකක් තියේනම් ඒත් වැඩේ ගොඩ. මේකට දාලත් බොංචි ටික තම්බාගන්න පුලුවන්.

 මේ තියෙන්නෙ මේ විදිහට ඔක්කොම දේවල් කරලා තෙල් දාලා හදගත්ත අපේ රසම රස බෝංචි ටික අන්තිමට. දැන් ඉතින් පිළිගන්වන්න තමයි තියෙන්නෙ.















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ skinnytaste.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment