About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chocolate & Ginger - බිස්කට්, ඉඟුරු දෝසි මිශ්‍ර චොකලට් කෑලි

මේ නිවාඩු දවස්වල, පොඩ්ඩොන්ටයි ලොකු පොඩ්ඩොන්ටයි නිකන් ඉන්න වෙලාවට හපන්න, නැත්නම් තේ බොන වෙලාවකට වගේ …
Chocolate & Ginger - බිස්කට්, ඉඟුරු දෝසි මිශ්‍ර චොකලට් කෑලි
මේ නිවාඩු දවස්වල, පොඩ්ඩොන්ටයි ලොකු පොඩ්ඩොන්ටයි නිකන් ඉන්න වෙලාවට හපන්න, නැත්නම් තේ බොන වෙලාවකට වගේ ගන්න පුලුවන් පොඩිම පොඩි කෑමක් හදන විදිහ තමයි දැන් මේ කියලා දෙන්න යන්නෙ. ඔන්න ඔයාලට පුලුවන් කැමති නමක් මේකට දාගන්න. කොහොම හරි අපි මේ හදන්න යන්නෙ මොනවාද කියලා බොහොම සරලවම කිව්වොත් "බිස්කට්, ඉඟුරු දෝසි මිශ්‍ර චොකලට් කෑලි" ටිකක් කියලා තමයි කියන්න වෙන්නෙ. හරි! බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • තරමක කැබලිවලට කපාගත්තු ජින්ජර් නට් බිස්කට් 300g (ඉඟුරු බිස්කට්)
  • පොඩි කෑලිවලට කපාගත්තු ඉඟුරු දෝසි 140g
  • පොඩි කෑලිවලට කඩගත්ත සාමාන්‍ය චොකලට් කෑලි 300g
  • කෑලිවලට කපාගත්තු ශීතකරපු බටර් 100g
  • ගෝල්ඩන් සිරප් තේ හැඳි 4

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම 20×30cm ප්‍රමාණයේ විතර බේකින් ට්‍රේ එක්ක ඇරගෙන තෙල් කොල/ බේකින් පේපර් දාලා ලෑස්තිකරගන්න.
  • ඊට පස්සෙ බිස්කට් කෑලිටික ඇරගෙන පොඩියට කපාගත්තු ඉගුරු දෝසි වලින් කොටසක් එක්ක හොදට කලවම් කරලා පැත්තකින් තියාගන්න.
  • ඊට පස්සෙ තරමක සාස්පානක් අරගෙන ඒකට බාගයක් විතර පිරෙන්න වතුර දාලා ලිපේ තියලා නටන්න හරින්න. දැන්, මේ සාස්පානට වඩා ටිකක් ලොකු වීදුරු බෝල් එකක් අරගෙන ඒක සාස්පාන උඩින් තියලා අර චොකලට්, බටර් සහ ගෝල්ඩන් සිරප් ටික බෝල් එකට දාගන්න. දැන් මේ ද්‍රව්‍යය ටික වතුර වල හුමාලයත් භාජනෙත් රත් වෙලා තියෙන නිසා, උණු වෙන්න ගන්නවා. ඊට ප්ස්සෙ ඒක ටිකක් හොදට හැදි ගාලා සුමුදු සහ දිලිසෙන මිශ්‍රණයක් ලබාගන්න.
  • දැන් මේ මිශ්‍රණය බිස්කට් සහ ඉගුරු මිශ්‍රණයට වත්කරලා හොදට කලවම් වෙනකන් මිශ්‍ර කරන්න.
  • දැන් මේ මිශ්‍රණය අර ලෑස්ති කරගත්ත බේකින් ට්‍රේ එකට දාගෙන අපි කලින් ඉතුරු කරගත්ත ඉගුරු දෝසි කෑලි ටික උඩින් ඉසගන්න.
  • දැන් මේක මතුපිට ටිකක් සමතලා කරන්න. හරියට ගානටම ලෙවල් එකටම සමතලා නොවුනට කමක් නැහැ.
  • වැඩේ ඉවරයි! දැන් ඔයාලට අන්තිමට කරන්න තියෙන්නෙ ට්‍රේ එක පැය 2ක් හරි රෑ එළිවෙනකන් හරි ශීතකරණයේ දාලා තියලා, ශීතකරණයෙන් ගත්තට පස්සෙ පොඩි කොටුවලට කපලා පිලිගන්වන්න තමයි. මේ වෙලාවට නම් ඉතින් නොවැලැක්විය හේතු මත කෑලි කිහිපයක් අතුරුදහන් වෙන්නත් පුලුවන් නෙහ්? හි හී..

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තියෙන්නෙ ජින්ජර් නට් බිස්කට් (ඉඟුරු බිස්කට්). මැලිබන් වෙලඳ නාමයෙන් "ජින්ජර් නට් බිස්කට්" කියලම බිස්කට් පැකට් එකක් කඩේ ගන්න තියෙනවා. ඕනනම් ඔයාලට ඒකම ගන්න පුලුවන්.

 මේ ගෝල්ඩන් සිරප්.

මේ පොඩියට කපාගත්තු ඉගුරු දෝසි.

 මේ තියෙන්නෙ කෑලිවලට කපාගත්තු ශීතකරපු බටර්.

මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් කරලා, ෆ්‍රිජ් එකේ තියලා කෑලි එහෙම කපාගත්තට පස්සෙ. දැන් ඉතින් කෑමට ගන්න පුලුවන්.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ bbcgoodfood.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment