About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Fried Apples - ඇපල් වලින් පොඩි අතුරුපසක්

ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න යන්නෙ ඇපල් වලින් පොඩි අතුරුපසක් හදාගන්න විදිහ. මේක ටිකක් වෙනස් විදිහක අ…
Fried Apples - ඇපල් වලින් පොඩි අතුරුපසක්
ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න යන්නෙ ඇපල් වලින් පොඩි අතුරුපසක් හදාගන්න විදිහ. මේක ටිකක් වෙනස් විදිහක අතුරුපසක්. මේක වැනිලා අයිස්ක්‍රීම් එක්ක හරිම රසයි. හදාගන්නත් හරිම ලේසියි. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • ඇපල් ජූස් කෝප්ප 2 1/2
  • ලොකු රසම රස ඇපල් 4ක් (පොත්ත අයින් කරලා ටිකක් ඝනකමට දිග අතට කෑලි කපාගන්න. තේරෙන්නේ නැත්නම් පල්ලෙහා ෆොටෝ බලන්නකෝ..)
  • කෝන් පිටි මේස හැඳි 3 (ඉරිඟු පිටි)
  • කුරුදු කුඩු තේ හැඳි 1
  • කුරුදු, සාදික්කා, කරදමුංගු කුඩු මිශ්‍රණයකින් තේ හැඳි 1/4
  • සීනි මේස හැඳි 4

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම ඉඩකඩ තියෙන භාජනයක් අරගෙන ඒකට ඇපල් ජූස් සහ ඇපල් කෑලි ටික දාගෙන මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණය මදගින්නේ රත්කරගන්න, ගෑරප්පුවකින් ඇන්නහම තද ගතියක් නොදැනෙන ගණනට සහ මතක ඇතිව මේ මිශ්‍රණය ලිපේ තියෙද්දි කලවම් කරන්න හැම කෑල්ලක්ම එක සමානව ඉවීම සදහා. හැබැයි මේ ඇපල් වැඩිය උයන්න එපා. මේවා පිලිගන්වනකොට ඇපල් කටේ දියවෙලා යන්න බැහැ. මෘදු කැබලි හැපෙන්න තියෙන්න ඕනා.
  • දැන් මේ ඇපල් කැබලි ටික හිල් හැන්දක ආධාරයෙන් ජූස් වලින් වෙන් කරලා අරගෙන ලොකු භාජනයකට දමා ගන්න.
  • වෙනත් භාජනයක් අරන් උඩ අවශ්‍ය දේවල් වල සදහන් කරලා තියෙන වියලි ද්‍රව්‍ය ටික දාලා වයර් විස්ක් එකක් (පල්ලෙහා ෆොටෝ එකක් දාලා තියෙනවා) ආධාරයෙන් හොඳට කලවම් කර ගන්න.
  • අර රස්නෙ ඇපල් ජූස් ටික දැන්, අපේ වියලි ද්‍රව්‍ය මිශ්‍රණයට එකතුකරලා කැට නොහිටිනකන් හොදට කලවම් කරගන්න.
  • දැන් මේ මිශ්‍රණය ආයෙත් ජූසුයි ඇපලුයි උයාගත්ත සාස්පානට මාරුකරලා මදගින්නේ රත්කරගන්න. නිතරම හැඳි ගාන්න මේ මිශ්‍රණය බුබුළු නගලා ඝනකම් වෙනකන්.
  • දැන් මේ මිශ්‍රණය ලිපෙන් බාලා ඇපල් ටික එකතුකරලා හැම කෑල්ලක්ම අර මිශ්‍රණයේ හොදට තැවරන්කන් කලවම් කරන්න. එච්චරයි! වැඩේ ඉවරයි! මේක උණු උණුවෙම කන්නත් පුලුවන් එහෙම නැත්නම් නිවෙන්න හැරලා වැනිලා අයිස්ක්‍රීම් එක්කත් පිලිගන්වන්න පුලුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තියෙන්නෙ මේක හදන්න ඕනකරන දේවල් ටික.

 ඇපල් ටික මේ වගේ කපාගන්න.

 මේ ඇපල් ජූසුයි, ඇපල් කෑලි ටිකයි උයාගන්න ගමන්.

 මේ තියෙන්නෙ "වයර් විස්ක්" කියන ඒවා. ගොඩක් අයනම් දන්නවා ඇති.

 මේ ඇපල් කෑලි ටිකට කලින් අපි ඇපල් ජූසුයි, අපේ වියලි ද්‍රව්‍යයි එකට දාලා හදාගත්ත මිශ්‍රණය දාගෙන.

 මේ ඔය ඔක්කොම දේවල් කරලා අන්තිමට හදාගත්ත ෆ්‍රයිඩ් ඇපල් එක. වැනිලා අයිස්ක්‍රීම් තියෙනවානම් ඔයාලට මේක වැනිලා අයිස්ක්‍රීමුත් එක්ක කෑමට ගන්න පුලුවන්.

















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ southernplate.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment