About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Milk Pudding - කිරි වලින් පුඩින් එකක් හදමුද?

කිරි වලින් පුඩින් එකක් හදන හැටි තමයි ඔන්න දැන් මේ කියලා දෙන්න යන්නෙ.. ගොඩක් ලොකු දේවල් ඕන කරන්නෙ නැ…
Milk Pudding - කිරි වලින් පුඩින් එකක් හදමුද?
කිරි වලින් පුඩින් එකක් හදන හැටි තමයි ඔන්න දැන් මේ කියලා දෙන්න යන්නෙ.. ගොඩක් ලොකු දේවල් ඕන කරන්නෙ නැහැ මේක හදන්න. ඉවුම් පිහුම් වැඩ වලට අලුත් ඒ වගේම මුලුතැන්ගේ පැත්තට අලුත් අපේ නෝනලා මහත්වරු ටිකට මේකට ගන්න දේවල් අතරින් "රෝස වතුර" තමයි ටිකක් අමුතු දෙයක් වගේ දැනුනොත් දැනෙන්නෙ. මේක හදන්න රෝස වතුර ඕනෙම නැති හින්දා ඒක ගැන වැඩිය හිතන්න එපා. හරි! ටක්ගාලා බලමු එහෙනම් මේ පුඩිම හදන්නේ කොහොමද කියලා..
මේ තියෙන්නෙ මේ විදිහට හදාගත්ත පුඩින්.

අවශ්‍ය දේවල්:
  • කිරි කෝප්ප 4 (කෝප්ප 3ක් සහ 1ක් විදියට වෙන් කරගන්න.)
  • සුදු සීනි කෝප්ප 1/2
  • කෝන් පිටි කෝප්ප 1/3 (ඉරිඟු පිටි)
  • රෝස වතුර තේ හැඳි 2 (කැමතිනම් විතරයි)
  • වැනිලා තේ හැඳි 1ක් හෝ 3
  • වියලි මිදි කෝප්ප 1/4
  • කුරුදු කුඩු තේ හැඳි 1/2

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම ලොකු සාස්පානක කිරි කෝප්ප 3ක් සහ සීනි කලවම් කරලා මදගින්නේ රත්කරගන්න. හැබැයි උතුරවන්න එපා. ඒ වගේම හොදට හැඳි ගාන්න අමතක කරන්නත් එපා.
  • ඉතුරු කිරි කෝප්පය වෙනත් භාජනයක දාලා, කෝන් පිටි එක්ක කලවම් කරන්න කෝන් පිටි ටික හොදටම දියවෙනකන්.
  • දැන් අර ලිපේ තියෙන කිරි ටිකට මේ මිශ්‍රණය එකතු කරගන්න ඕනා. මේක එකතු කරනකොට නොනවත්වා හැදි ගාන්න අමතක කරන්න එපා මොකද නැත්නම් කෝන් පිටි එක්ක මේ මිශ්‍රණය ඝන වෙන්න ගන්නවා.
  • දැන් කලින් කිරි මිශ්‍රණය එක්ක කෝන් පිටි මිශ්‍රණය හොදින් කලවම් උනාම මේ මිශ්‍රණය හොදට හැඳි ගාමින් මිශ්‍රණය ඝන වනතුරු විනාඩි 1ක් හෝ 2ක් නටවාගන්න.
  • දැන් මේක ලිපෙන් බාලා, ඔයා පාවිච්චි කරනවානම් රෝස වතුර එකතුකරන්න. ඊට පස්සේ මේ මිශ්‍රණයට වැනිලා තේ හැඳි එකක් එකතු කරන්න. ඔය රෝස වතුර එකතු කරන්න නැත්නම්, මිශ්‍රණයට වැනිලා තේ හැඳි 3 හැඳි තුනක් එකතු කරන්න.
  • මේක තනිකර ලොකු භාජනයකට හෝ කුඩා භාජන කීපයකට ඔබට වත්කරගන්න පුළුවන්. මේ පුඩිං එකේ කිරි සීතල වෙද්දි පටලයක් වගේ බැදෙන එක නවත්වන්න, ඔයාට පුලුවන් පොඩි ලන්ච් ශීට් කෑල්ලක් මේ පුඩින් එකේ මතුපිටින් තියන්න. තෙල් කඩදාසි කෑල්ලක් තිබ්බත් හරි.
  • මේක පැය 4ක් වත් ශීතකරණයේ තියන්න වෙයි, එහෙම නැත්නම් මේ පුඩිං එක හයිය වෙනකන් තියාගත්තානම් හරි. මේ පුඩිං එක සෙට් උනාට පස්සේ අර ලන්ච් ශීට් කෑල්ල අරන් දාලා උඩින් වියලි මිදි සහ කුරුදු කුඩු ඉහලා සරසගෙන පිලිගන්වන්න පුලුවන් ඔයාලට. සරසාගන්න වැඩේ ඉතින් ඔයාලගේ අතේ තියෙන්නෙ. උඩ ෆොටෝ එකේ තියෙන්නෙ නම් දෙළුම් ඇට එහෙම පාවිච්චි කරලා සරසාගෙන. ඔයාලා ගෙදර තියෙන මොනව හරි පාවිච්චි කරලා සරසාගන්න. ඒ හොදටම ඇති. එච්චරයි! වැඩේ ඉවරයි! ඔන්න අපි පුඩිම හදලා ඉවරයි.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තියෙන්නෙ රෝස වතුර. රෝස වතුර මේ වගේ කඩවල් වල ගන්න තියෙනවා. මේක හදන්න රෝස වතුර ඕනෙම නැති හින්දා මේවා ගැන වැඩිය හිතන්න එපා.

 තෙල් කඩදාසි කෑල්ලක්, එහෙමත් නැත්නම් ලන්ච් ශීට් කෑල්ලක් මේ වගේ පුඩින් එක උඩින් දාගන්න. ඊට පස්සෙ ෆ්‍රිජ් එකට දාන්න.

 මේ තියෙන්නෙ මේ විදිහට හදාගෙන පොඩ්ඩක් සරසා ගත්ත පුඩින් එක. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ. හදලා බලන්නකෝ එහෙනම් ඔයාලත්..















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ dairygoodness.ca වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment