About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Curried Tuna Salad - සැන්ඩ්විච් වලට සැලඩ් එකක් හදමුද?

හවස තේ වෙලාවට කට්ටියක් ගෙදරට ආවම සංග්‍රහ කරන්න සැන්ඩ්විච් හදනවානම්, ලේසියෙන්ම සැන්ඩ්විච් එකක් හදාගන…
Curried Tuna Salad - සැන්ඩ්විච් වලට සැලඩ් එකක් හදමුද?
හවස තේ වෙලාවට කට්ටියක් ගෙදරට ආවම සංග්‍රහ කරන්න සැන්ඩ්විච් හදනවානම්, ලේසියෙන්ම සැන්ඩ්විච් එකක් හදාගන්න පාවිච්චි කරන්න පුලුවන් සැලඩ් එකක්, එහෙමත් නැත්නම් පිරවුමක් හදාගන්න විදිහ තමයි දැන් මේ කියලා දෙන්නයි යන්නේ. මේක හදන්නේ, ටින්කරපු කෙලවල්ලා මළුවන්ගෙන්. හරිම රසයි. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • තුන පහ කුඩු මේස හැඳි 1
  • එළවළු තෙල් තේ හැඳි 1
  • මයොනේස් මේස හැඳි 2
  • දෙහි යුෂ රස අනුව
  • ලුණු සහ ගම්මිරිස් රස අනුව
  • පෙති කපපු රතු ලූනු ගෙඩි 1
  • 160g ටූනා ටින් 1 (වතුර වල දාපු ටූනා එකක් ගන්න. තෙල් වල දාපු ටූනා ගන්න එපා.)
  • හීනියට කපපු කොත්තමල්ලි කොළ මේස හැදි 1/2
  • රන්වන් පාට වියළි මිදි 5-10

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම නොන්ස්ටික් පෑන් එකක් මද ගින්නේ තියලා රත්කරගන්න. පෑන් එක රත් උනහම, තෙල් ටික දාලා තත්පර 15 ක් විතර රත්වෙන්න හැරලා තුනපහ කුඩු ටික දාලා බැදගන්න. තත්පර 5 ක් බැදුනම හොදටම ඇති. මේක කර කරගන්න එපා. දැන් ලිපෙන් බාලා හොදටම නිවෙන්න හරින්න.
  • දැන් මේ මිශ්‍රනය, මයොනේස්, දෙහි යුෂ, ලුණු, ගම්මිරිස් එක්ක කලවම් කරන්න.
  • ඊට පස්සෙ ටින් එකේ තියෙන ටූනා ටික ඇරගෙන වතුර බේරලා පොඩිකරගන්න. කුට්ටියක් නේ තියෙන්නේ.
  • ඊට පස්සෙ මේ ටූනා ටික රතු ලුණු, වියලි මිදි සහ කොත්තමල්ලි කොල එක්ක කලවම් කරගන්න.
  • දැන්, අපි අර කලින් හදාගත්තු මිශ්‍රණයත් එක්ක මේ මිශ්‍රණය කලවම් කරගන්න ඕනා. හැබැයි ටූනා ටික දියවෙලා යනකන්වත් ලුණු පෙති ටික කැඩිලා යනකන්වත් කලවම් කරගන්නවා එහෙම නෙමෙයි ඕන්! පොඩ්ඩක් කලවම් කරගන්න විතරයි විතරයි.
  • හරි! වැඩේ ඉවරයි! දැන් තියෙන්නෙ සංග්‍රහ කරන්න තමයි. හදාගත්ත මේ මිශ්‍රණය පාන් පෙති දෙකක් මැදට ගාලා සැන්ඩ්විච් එකක් විදියට හරි නැත්නම් සලාද කොල එක්කත් මේ මිශ්‍රණය පිලිගන්වන්න පුලුවන්.

වැදගත්:
  • මේ ටූනා ටින් ඕනම සුපිරි වෙළෙඳ සලක විකුණන්න තියෙනවා. John West කියන්නේ ඒ සඳහා ප්‍රසිද්ධ වෙළඳ නාමයක්.
  • කොත්තමල්ලි කොළත් ඕනම සුපිරි වෙළඳසැලක විකුණන්න තියෙනවා.
  • ඒ වගේම මයොනේසුත් ඕනම සුපිරි වෙළඳසැලක විකුණන්න තියෙනවා.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තියෙන්නෙ ටූනා ටින් එකක්. මේ වර්ගෙ එකක් ගත්තනම් හරි. ටින් එක ඇරියාම උඩ ෆොටෝ එකේ තියෙන විදිහට තමයි ඇතුලෙ තියෙන්නෙ.

 මේ තියෙන්නෙත් "John West" වෙළඳ නාමයේම තවත් ටූනා ටින් එකක්. මේක ගන්න එපා. මොකද අපි මේ සැලඩ් එක හදනකොට එළවළු තෙල් පාවිච්චි කරන නිසා. මේ ටින් එකේ තියෙන ටූනා දාලා තියෙන්නෙ වතුරෙ නෙමේ. සූරියකාන්ත තෙල් වල (කවරයේ ගහලා තියෙනවා). සුපර් මාකට් වල එක එක වෙළඳ නාමයන්ගෙන් ටූනා ගන්න තියෙනවානෙ, එතකොට එහෙම උනහම ඔයාලා මොකක් හරි වෙළඳ නාමයකින් තියෙන තෙල් වල නොදාපු ටූනා තියෙන ටින් එකක් ගත්තානම් හරි. "John West" එකෙන්ම ඕන නෑ. මේ වෙළඳ නාමය පොඩ්ඩක් ප්‍රසිද්ධයි. ඒකයි මේක උදාහරණයකට ගත්තෙ.

 මේ මොනවාද කියලා නම් ඔයාලා දන්නවා ඇතිනෙ. මේ තියෙන්නෙ කොත්තමල්ලි කොළ.

 මේ මයොනේස්.

 හදාගත්ත සැලඩ් එක අන්තිමට ඔයාලට මේ විදිහට සලාද කොල එක්කත් පිළිගන්වන්න පුලුවන්. නැත්නම් සැන්ඩ්විච් විදිහට හරි.

 නැත්නම් මේ වගේ මිශ්‍රණය පාන් පෙති දෙකක් මැදට ගාලා සැන්ඩ්විච් එකක් විදිහට හදාගෙන පිළිගන්වන්න. මෙතන්දීත් සලාද කොලයක් පාව්ච්චි කරලා තියෙනවා. ඒකනම් ඕනෙම නෑ.













මේ ලිපිය අත්දැකීම් යොදාගෙන සහ foodnetwork.com වෙබ් අඩවියේ ලිපියක් ඇසුරෙන් අපි සිංහලට කරපු පරිවර්තනයක්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment