About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Rice Kheer - කීර් (බත් වලින් පොඩි කෑමක්)

මොනවද මේ කීර් කියන්නේ....? කීර් කියන්නේ ඉන්දියාවේ සහ ඉරානයේ හදන කෑමක්, කැද එකක්! මේක හදන්නේ හාල්, ත…
Rice Kheer - කීර් (බත් වලින් පොඩි කෑමක්)
මොනවද මේ කීර් කියන්නේ....? කීර් කියන්නේ ඉන්දියාවේ සහ ඉරානයේ හදන කෑමක්, කැද එකක්! මේක හදන්නේ හාල්, තිරිඟු පිටි, වර්මසිලි හෝ මඤ්ඤොක්කා පිටි, කිරි සහ සීනි එක්ක උතුරවලා, ඊට පස්සෙ කරදමුංගු, වියලි මිදි, කුන්කුම, කජු, පිස්ටාෂියෝ ඇට හෝ ආමන්ඩ් වලින් රස කරගෙන. මේක උදේ ආහාරයක් විදිහටත්, හවස තේ වෙනුවටත් කන්න පුලුවන්. මේක ලොකු පොඩි භේදයක් නැතිව කන්න පුළුවන් කෑමක්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • සම්පූර්ණ යොදය සහිත (නැවුම්) කිරි කෝප්ප 5
  • ගල් වැලි ඉවත් කර සෝදාගත් හාල් කෝප්ප 1/4
  • සීනි කෝප්ප 1/2
  • වියළි මිදි 10-13
  • කොල පාට කරද මුංගු 4
  • පොතු හැරලා පොඩියට කපාගත්තු ආමන්ඩ් 10-12

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම ගැඹුර භාජනයක් ලිප තබා කිරි සහ හාල් දමා නටවා ගන්න.
  • දැන් විටින් විට හැඳි ගාමින්, හාල් ටික තැම්බෙනකන් (ඉවෙනකන්) සහ කිරි ටික ඝන වෙනකන් මඳ ගින්නේ තැම්බෙන්න හරින්න.
  • ඒ ටික ගානට හරි ගියහම ඊලගට සීනි, වියළි මිදි සහ කරද මුංගු එකතු කරන්න ඕනෙ. සීනි ටික හොඳට දිය වෙනකන් හැඳි ගාන්න.
  • එච්චරයි! දැන් ඊට පස්සෙ කරන්න තියෙන්නෙ පොඩි භාජන වලට මේ හදාගත්ත මිශ්‍රණය දාලා ආමන්ඩ් වලින් සරසා ගන්න එක.
  • අන්තිමට ඔයාලට කරන්න තියෙන්නෙ මේක උණුවෙන්ම හරි නැත්නම් ෆ්‍රිජ් එකේ දාලා සීතල කරලා පිළිගන්වන එක.. වැඩේ ඉවරයි!

පොටෝ ටිකත් බලන්නකෝ..
 කිරියි, හාලුයි මේ වගේ ගැඹුරු භාජනයක දාලා නටවා ගන්න.

මේ පොඩියට කපාගත්තු ආමන්ඩ්.

මේ තියෙන්නෙ මේ විදිහට හදාගත්ත කීර්. ආමන්ඩ් දාලා එහෙම පොඩ්ඩක් සරසාගෙන තියෙන්නෙ. දැන් ඉතින් කෑමට ගන්න පුලුවන්.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබගත්තේ food.ndtv.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment