About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Jamaican Banana Fritters - කෙසෙල් වලින් පොඩි අතුරුපසක්

මීට කලිනුත් ඉවුම් පිහුම් ඇප් එකේ "බනානා ෆ්‍රිටර්ස්" හදන විදිහ කියලා දීලා තියෙනවා තමයි, හැ…
Jamaican Banana Fritters - කෙසෙල් වලින් පොඩි අතුරුපසක්
මීට කලිනුත් ඉවුම් පිහුම් ඇප් එකේ "බනානා ෆ්‍රිටර්ස්" හදන විදිහ කියලා දීලා තියෙනවා තමයි, හැබැයි මේ කියලා දෙන්න යන්නෙ ජමෙයිකාවෙ විදියට බනානා ෆ්‍රිටර්ස් හදන්නේ කොහොමද කියලා. බනානා ෆ්‍රිටර්ස් කියන්නේ බොහොම ප්‍රසිද්ධ අතුරුපසක්. පොඩ්ඩෝ, ලොකු පොඩ්ඩො කවුරුත් මේවට නම් ගොඩක් ගොඩක් කැමති වෙයි. මොකද මෙවා ඒ තරම් රසයි. මේවා හදන්න ගොඩක් දේවල් ඕන කරන්නෙත් නැති එකේ අපේ ඉවුම් පිහුම් නෝනලා ටික වෙලාවක මෙවා හදලා බලන එකයි ඇත්තෙ ඕන්..!

අවශ්‍ය දේවල්:
  • හොදටම ඉදුණු කෙසෙල් පොඩි කරලා කෝප්ප1 2/3 (සාමාන්‍ය කෙසෙල් 5ක් විතර)
  • දුඹුරු සීනි මේස හැඳි 3
  • සාදික්කා කුඩු තේ හැඳි 1/4
  • කුරුඳු කුඩු තේ හැඳි 1/4
  • වැනිලා තේ හැඳි 1/2
  • ලුණු පින්චක් (මාපට ඇගිල්ලෙනුයි දබර ඇගිල්ලෙනුයි ලුණු ඇල්ලුවම ඇගිලි තුඩු වලට හසුවන ප්‍රමාණය)
  • පාන් පිටි කෝප්ප 1
  • එළවළු තෙල් මේස හැදි 1-2
  • සුදු සීනි මේස හැඳි 1

සාදාගන්නා ආකාරය:

  • ඉස්සරවෙලාම කෙසෙල් ටික සීනි, කුරුදු සහ සාදික්කා එක්ක පොඩි කරගෙන ඒකට පිටි ටික කලවම් කරගන්න.
  • ඊට පස්සෙ තැටියකට(එහෙමත් නැත්නම් අඩිය නොඇලෙන පෑන් එකක) තෙල් මේස හැඳි 1-2ක් දාගෙන සාමාන්‍යය ගින්දරේ රත් කරගන්න.
  • ඊට පස්සෙ ඒ රත්වුන තෙල් වලට, තරමක් ලොකු හැන්දක් ආධාරයෙන් අර කලින් අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් දාගන්න.
  • දැන් මේ ෆ්‍රිටර්ස් දෙපැත්ත හරවමින් දෙපැත්තම දුඹුරු පාට වෙනකන් බැද ගන්න ඕනෙ. ඔයාට සමහර වෙලාවට වැඩිපුර තෙල් ටිකක් පාවිච්චි කරන්න වේවි. වැඩිපුර තෙල් දාගන්න කිව්වාම ගැඹුරු තෙලේ බැදගන්න තරම් තෙල් දාගන්නවා එහෙම නෙමෙයි ඕන්.
  • හරි. එච්චරයි! ඔයාලා මේ ෆ්‍රිටර්ස් හැන්දෙන් පොඩ්ඩක් තද කලාම ඇතුලෙ තියෙන මිශ්‍රණය එළියට එන්නේ නැත්නම්, ඒ කියන්නේ ෆ්‍රිටර්ස් ටික ගානට බැදිලා කියලා. ඊට පස්සෙ පෑන් එකෙන් එලියට අරගෙන, තෙල් බේරෙන්න තියලා, සුදු සීනි ටිකක් උඩින් ඉහලා උණු උණුවෙම කෑමට ගන්න පුලුවන්..

වැදගත්:
  • මේවාට සීනි නොදා, වැනිලා අයිස්ක්‍රීම් හරි චොකොලට් අයිස්ක්‍රීම් එක්ක හරිත් හරිම රසයි.
 මේ තියෙන්නෙ මේ විදිහට හදාගත්ත බනානා ෆ්‍රිටර්ස්.













මේ ලිපිය ලිව්වේ අත්දැකීම් සහ cooklikeajamaican.com වෙබ් අඩවියේ ලිපියක් උපයෝගී කරගෙන.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment