About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Banana Split Pops - කෙසෙල් වලින් පොඩි කෑමක්

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කෙසෙල් වලින් පොඩි කෑමක් හදාගන්න විදිහ. පොඩි බබාලයි ලොකු බබාලයි ඔක්කොම එ…
Banana Split Pops - කෙසෙල් වලින් පොඩි කෑමක්
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කෙසෙල් වලින් පොඩි කෑමක් හදාගන්න විදිහ. පොඩි බබාලයි ලොකු බබාලයි ඔක්කොම එකතු කරගෙන නිදහසේ ඉන්න වෙලාවට හදලා බලන්නකෝ මේක. පොඩ්ඩො එක්ක වැඩක් කරොත් නම් වැඩේ එක දෙක වෙනවා තමයි. ඒත් එයාලට වගේම ඔයාලටත් සතුටක් ගෙන එයි ඒ වගේ පොඩි පොඩි වැරදීම් වලින් එහෙම. අනික කවදා හරි මතක් කරලා පොඩ්ඩක් හිනාවෙන්න පුලුවන් දේවලුත් කරලා තියෙන්න ඕනනෙ පොඩ්ඩොත් එක්ක. දැන් ඉතින් ඉස්කෝලේ නිවාඩු කාලෙත් ළඟ ළඟම එනවා නේ. හදලා බලන්නකෝ එහෙනම් වෙලාවක ඔයාලා..

අවශ්‍ය දේවල්:
  • ටිකක් ලොකු කෙසෙල් ගෙඩි 4
  • පොප්සිකල් කෝටු 8 (පල්ලෙහා ෆොටෝ එකක් දාලා තියෙනවා)
  • ඩබල් බොයිල් ක්‍රමයට දියකරගත්තු චොකොලට් කෝප්ප 1 (කොහොමද කරන්නේ කියලා පල්ලෙහා "වැදගත්" කියන කොටසේ තියෙනවා.)
  • පොල්තෙල් මේසහැඳි 1
  • රේන්බෝ ස්ප්‍රින්කල්ස්/ෂුගර් ස්ට්‍රෑන්ඩ්ස් කෝප්ප 1/2
  • විප්ඩ් ක්‍රීම්, පිලිගැන්වීම සදහා
  • නැට්ටත් එක්කම බෝතල් වල දාලා විකුණන්න තියෙන චෙරි 8

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම ටිකක් ලොකු බේකින් ට්‍රේ එකක් ඇරගෙන බේකින් පේපර්/තෙල් කඩදාසි දාලා ලෑස්තිකරගන්න.
  • ඊට පස්සෙ හැම කෙසෙල් ගෙඩියකම දෙපැත්ත, ඒ කිව්වෙ උඩිනුයි යටිනුයි පොඩ්ඩක් කපලා, ඊට පස්සෙ කෙසෙල් ගෙඩිය දෙකට කපාගන්න (දිග අතට දෙකට පලාගන්නවා එහෙම නෙමෙයි ඕන්!). ඊට පස්සෙ කපාගත්ත ඒ හැම කෙසෙල් කෑල්ලක්ම පොප්සිකල් කෝටුවක ගහගෙන අර කලින් ලෑස්තිකරගත්තු ට්‍රේ එකෙන් තියන්න. පොප්සිකල් කෝටුවෙ යටින් අල්ලන්න පුලුවන් තරමට ඉඩතියන්න අමතක කරන්න එපා. අර කඩේ විකුණන්න තියෙන පොප්සිකල් වල වගේ (අර අපේ කට්ටිය අයිස් පලන් කියන්නෙ, අන්න ඒ වගෙ වගේ). ඊට පස්සෙ මේ ටික පැය 2ක් අධි ශීතකරණයේ දාලා තියන්න.
  • දැන් තරමක භාජනයක් අරගෙන "ඩබල් බොයිල්" ක්‍රමයට දියකරගත්තු චොකලටුයි, පොල් තෙලුයි හොද සුමට මිශ්‍රණයක් එනකන් කලවම් කරන්න.
  • ස්ප්‍රින්කල්ස් ටිකත් වෙනම පොඩි බාජනයකට දාගන්න.
  • දැන් අර අධි ශීතකරණයේ දාපු කෙසෙල් ගෙඩි ඇරගෙන ඒවගේ උසින් 1/4ක් විතර අහු වෙන විදිහට උණු කර ගත්ත චොකලට් වල ගිල්ලලා, ඊට පස්සෙ චොකලට් එකෙන් ඉවත් කරගෙන ඒ චොකලට් තවරා ගත්ත කොටසෙම ස්ප්‍රින්කල්ස්සුත් තවරගන්න. අර ස්ප්‍රින්කල්ස් තියෙන බාජනයකට මේ ටික පොඩ්ඩක් දාලා උඩ කීප සැරයක් රෝල් කරගත්තනම් හරි. මේ හැම කෙසෙල් පළුවම මේ විදියට චොකලට් සහ ස්ප්‍රින්කල් වලින් සරසගන්න.
  • ඊට පස්සෙ මේ කෙසෙල් පොප්ස් නැවත බේකින් ට්‍රේ එකේ තියලා චොකලට් හොඳට හය වෙනකන් විනාඩි පහළොවක් විතර අධිශීතකරණයේ දාලා තියන්න.
  • ඊට පස්සේ මේ කෙසෙල් පොප්ස් උඩට විප්ඩ් ක්‍රීම් දාලා චෙරි ගෙඩියක් උඩින් තියලා සරසලා පිලිගන්වන්න තමයි තියෙන්නෙ. මේකටනම් පොඩ්ඩෝ ගොඩක් කැමතිවෙයි. එච්චරයි! වැඩේ ඉවරයි!

වැදගත්:
  • පොප්සිකල් කෝටු, රේන්බෝ ස්ප්‍රින්කල්ස්, විප්ඩ් ක්‍රීම් සහ මේ කියලා තියෙන ජාතියෙ චෙරි, කේක් බඩු කඩවල සහ ඕනම සුපිරි වෙළෙදසලක විකුණන්න තියෙනවා.
  • ආ... කොහොමද චොකොලට් උණුකරගන්නේ? ඔයාට උවමනා කරනවා කළු පාට චොකොලට් 200gක් විතර. ඩබල් බොයිල් ක්‍රමය [Double Boil Method] කියන්නෙ කුඩා බදුනක් සහ එම කුඩා බදුන ගිල්විය හැකි ප්‍රමාණයේ විශාල බදුනක් ගෙන, විශාල බදුනට වතුර දමා ලිප තබා කුඩා බදුන එම විශාල බදුනේ වතුර මත තබා කුඩා බදුනෙහි මොනවා හරි දිය කර ගන්න එකට. චොකොලට් ටික පොඩියට කඩලා කුඩා බදුනට දාගන්න. එතකොට ඉක්මනට ලේසියෙන්ම දියකරගන්න පුලුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ "පොප්සිකල්" කෝටු.

 මේ තියෙන්නෙ "ස්ප්‍රින්කල්ස්". මේ මොනවාද කියලා නම් ඔයාලා දැන් හොදටම දන්නවා ඇති "ඉවුම් පිහුම්" ඇප් එකේ දැකලාම.

 මේ නැට්ටත් එක්කම තියෙන චෙරි ගෙඩි. මේවා ලංකාවේ ගන්න තියෙනවා.

 මේ කෙසෙල් කෙසෙල් පොප්ස් වල චොක්ලටුයි, ස්ප්‍රින්කල්සුයි තවරාගෙන ෆ්‍රිජ් එකේ තියලා ගත්තට පස්සෙ. දැන් තියෙන්නෙ මේවා උඩින් විප්ඩ් ක්‍රීම් දාලා, ඊට පස්සෙ චෙරි ගෙඩියකුත් උඩින් තියලා සරසලා පිලිගන්වන්න.

 මේ වැඩ ඔක්කොම ඉවර වුනාට පස්සෙ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ delish.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment