About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chocolate Pudding - චොකලට් පුඩිං

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස "චොකලට් පුඩිං" එකක් හදාගන්න පුලුවන් තවත් එක විදිහක් ගැ…
Chocolate Pudding - චොකලට් පුඩිං
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ රසම රස "චොකලට් පුඩිං" එකක් හදාගන්න පුලුවන් තවත් එක විදිහක් ගැන. මීට කලිනුත් ඉවුම් පිහුම් ඇප් එකේ ඕන තරම් "චොකලට් පුඩිං" වර්ග හදන විදිහ කියලා දීලා තියෙනවා තමයි. ඒත් මේක චුට්ටක් වෙනස්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
පුඩිං එක හදන්න අපිට ඕන වෙනවා,
  • දිය කරන ලද බටර්, අවන් එකට දාන භාජනයේ තවරගැනීම සදහා
  • පාන් පිටි 150g
  • කැස්ටර් සීනි 100g (මේ වෙනුවට සාමාන්‍ය සීනි යොදාගන්න විදිහ පහළ "වැදගත්" කියන කොටසේ තියෙනවා.)
  • කොකෝවා පවුඩර් මේස හැඳි 2
  • නැවුම් කිරි 125ml
  • දිය කරගත්ත බටර් 50g
  • යන්තමට බීට් කරගත්ත බිත්තර 1
  • විප්ඩ් ක්‍රීම් (පිළිගැන්වීම සඳහා)

චොකොලට් සෝස් එක හදන්න අපිට ඕන වෙනවා,
  • දුඹුරු සීනි 155g
  • කොකෝවා පවුඩර් මේස හැඳි 2
  • නටන වතුර 375 ml

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම ඔයාගේ අවන් එක සෙල්සියස් 180 ට රත් කරගන්න. ඒ වගේම අවන් එකට දාන්න පුලුවන් සෙරමික් භජනයක (ලීටර් 1.5 ධාරිතාවක් සහිත) දිය කරපු බටර් තවරලා ලෑස්ති කරගන්න. අපි මේකට තමයි හදාගන්න පුඩිං මිශ්‍රණය දා ගෙන බේක් කරගන්නෙ.
  • ඊට පස්සෙ තරමක ඉඩ තියෙන භාජනයක, පිටි, සීනි සහ කොකෝවා පවුඩර් හොදට කලවම් කරගන්න. ඊට පස්සෙ ඒකේ මැද වලක් හදාගෙන ඒ භාජනය පැත්තකින් තියාගන්න.
  • කිරි, උණු කරගත්ත බටර් 50g සහ බිත්තරය ලොකු ජොගුවකට දාලා හොදට කලවම් කරගන්න. දැන් මේ මිශ්‍රණය අර වියලි ද්‍රව්‍යය මිශ්‍රණයේ මැද හදාගත්ත වලට හෙමින් සැරේ එකතු කරගන්න ගමන් හොදට කලවම් වෙනකන් හැඳි ගාගන්න.
  • ඊට පස්සෙ මෙහෙම හදාගත්ත මිශ්‍රණය අර කලින් ලෑස්තිකරගත්තු සෙරමික් භාජනයට හලාගන්න. හැන්දක පිටිපස්සක් ආධාරයෙන් සෙරමික් භාජනයට දාගත්ත මේ මිශ්‍රනයේ කදු බෑවුම් නැතිවෙලා සමතලා වෙනකන් තුනී කරගන්න.
  • දැන් අපි හදමු චොකලට් සෝස් එක. කොකෝවා පවුඩර් සහ සීනි, පෙනේරයක් ආධාරයෙන් භාජනයකට හලා ගන්න. ඊට පස්සෙ මේ මිශ්‍රණය අර පුඩිං එක උඩින් ඉහගන්න ඕනෙ.
  • දැන් අර නටන වතුර ටික බොහොම පරිස්සමට මේ පුඩිං එක උඩින් වත්කරගන්න.
  • දැන් මේක කලින් රත්කරගත්තු අවන් එකේ දාලා විනාඩි 40-45 ක් විතර හෝ, කේක් එකක උඩට සමාන මතුපිටක් එනතුරු, එහෙමත් නැත්නම්, මේකෙ මැදින් පුඩිමේ භාගයක් දුර වෙනකන් ඉරටුවක් ඇතුල් කලාම පිරිසිදුවට එලිය්ට් එනකන් බේක් කරගන්න. එච්චරයි! වැඩේ ඉවරයි!
  • අන්තිමට බේක් වුනහම විනාඩි 5ක් මේක නිවෙන්න හැරලා විප්ඩ් ක්‍රීම් එක්ක පිලිගන්වන්න තමයි තියෙන්නෙ.

වැදගත්:
  • මේ ලිපිය පරිවර්තනය කරන්න යොදාගත්ත මුලි ලිපියේ මේ පුඩිං එක "තිකන්ඩ් ක්‍රීම්" එක්ක පිලිගන්වන්න කියලා තිබුනත්, ඒවා ලංකාවෙ නම් ලේසියෙන් හොයාගන්න බැරිවෙයි. ඒත් මේක "විප්ඩ් ක්‍රීම්" එක්කත් හරි රසයි. මේවා ඕනම සුපිරි වෙළෙදසලක මිලදී ගන්න තියෙනවා.
  • "කැස්ටර් සීනි" කියන්නේ අයිසින් සීනි කියලා වරද්දගන්න එහෙමනම් එපා. කැස්ටර් සීනි අතට අහුවෙද්දි පොඩි ඝනකම දැනෙනවා. අයිසින් සීනි අතට අහුවෙද්දි පවුඩර් ගතියක් තමයි දැනෙන්නේ. ඒනිසා ඔයාට කැස්ටර් සීනි කඩෙන් ගන්න බැරි උනොත් ඔයාගෙ බ්ලෙන්ඩර් එකේ තුනපහ අඹරන්න එන කොටසට සීනි ටික දාලා පොඩි ඝනකමක් එන තරමට අඹර ගන්න. සාමාන්‍යයෙන් මේ සීනි ආර්පිකෝ එකේ සහ අනෙක් සුපිරි වෙළෙදසල් වල විකුණන්න තියෙනවා. කේක් බඩු විකුනන කඩවලනම් ලේසියෙන් ම හොයාගන්න පුළුවන්.
  • අවන් එකේ දාන්න පුළුවන් ජාතියෙ සෙරමික් භාජන සුපිරි වෙලඳ සැල් වල විකුණන්න තියෙනවා.
 මේ තියෙන්නෙ මේ විදිහට හදාගත්ත "චොකලට් පුඩිං" එක. හදලා බලන්නකෝ එහෙනම් ඔයාලත් වෙලාවක.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ taste.com.au වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment