About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Vanilla Pudding - වැනිලා පුඩිං

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ලේසියෙන්ම ගෙදරදීම "වැනිලා පුඩිං" එකක් හදාගන්නේ කොහොමද කියලා..…
Vanilla Pudding - වැනිලා පුඩිං
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ලේසියෙන්ම ගෙදරදීම "වැනිලා පුඩිං" එකක් හදාගන්නේ කොහොමද කියලා.. මීට කලිනුත් අපේ මේ ඉවුම් පිහුම් ඇප් එකේ "වැනිලා පුඩිං" හදන විදිහ කියලා දීලා තියෙනවා තමයි. නමුත් මේ ක්‍රමේ පොඩ්ඩක් වෙනස්. මේකට බිත්තර එහෙම දාන්නෙ නෑ. බිත්තර එහෙම කටේවත් නොතියන අයට මේක හොදටම ගැලපෙනවා. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • නැවුම් කිරි කෝප්ප 2
  • සුදු සීනි කෝප්ප 1/2
  • කෝන් පිටි මේස හැදි 3 (ඉරිඟු පිටි)
  • ලුණු තේ හැදි 1/4
  • වැනිලා තේ හැඳි 1
  • බටර් තේ හැදි 1

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම තරමක් ලොකු සාස්පානකට කිරි ටික දාලා මද ගින්නේ රත් කරගන්න. රත්කරගන්න ඕනෙ කිරි ටික වටෙන් බුබුළු නගිනකන්. මේක නටවන්න උවමනා නැහැ.
  • දැන් වෙනත් භාජනයක, සීනි, කෝන් පිටි සහ ලුණු මිශ්‍ර කරගන්න.
  • ඊට පස්සෙ මේ මිශ්‍රණය අර උණු කිරි එකට ටික ටික එකතුකරන්න. මේ වියලි ද්‍රව්‍යය ටික හොදට අර උණු කිරි වල දියවෙලා යනකන් හොදට හැඳිගාන්න. මේ මිශ්‍රණය ඝනකම වෙනකන් මදහින්නේ තියලා හැදි ගාන්න ඕනෙ. ගොඩාක්ම ඝනකමට නෙමේ. ඔයා පාවිච්චි කරන යකඩ හැන්දේ මේ මිශ්‍රණය ගෑවුනාම ලොකු ශක්තියක් දාලා ගලවන්න ඕන නැතිවෙනකන් විතරයි. මේකෙ කෝන් පිටි තියෙනවනේ. වැඩිය රත් උනොත් හූරන් කන්න තමයි වෙන්නේ. මේක නිකමටවත් නටවන්න එපා.
  • දැන් මේක ලිපෙන් බාලා වැනිලා යි බටරු යි එකතු කලවම් කරන්න.
  • දැන් මේ පුඩිං එකෙන් ටික ටික අතුරුපස පිලිගන්වන්න කෝප්ප වලට දාලා චුට්ටක් ශීතකරණ්යේ දාලා තියලා පිලිගන්වන්න. එච්චරයි! වැඩේ ඉවරයි!
 මේ තියෙන්නෙ මෙහෙම හදාගත්ත පුඩිං.

 දැන් ඉතිං කන්න තමයි තියෙන්නෙ.















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ allrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment