About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Creamy Rice Pudding - බත් වලින් රසම රස පුඩිමක්

ඔව් ඔව්! බත් වලිනුත් පුඩිං හදන්න පුළුවන්.. බත් වලින් පුඩිං හදනවා කිව්වම අපිට ටක්ගාලා ඔළුවට එන්නේ ජප…
Creamy Rice Pudding - බත් වලින් රසම රස පුඩිමක්
ඔව් ඔව්! බත් වලිනුත් පුඩිං හදන්න පුළුවන්.. බත් වලින් පුඩිං හදනවා කිව්වම අපිට ටක්ගාලා ඔළුවට එන්නේ ජපානෙ හරි කොරියාවේ හරි වෙන්න ඇති එහෙනම් කියලානේ. එහෙනේ ඉතින් ඔය බත් වලින් හදන කෑම වලට ජනප්‍රිය. නැහැ නැනැ!. මේක බටහිර රටවල හදන පුඩිමක්. හරි ලේසියි හදාගන්න. මේ කෑම එක පොඩ්ඩොන්ට සහ ලොකු පොඩ්ඩොන්ටත් ගැලපෙනවා හොදටම. උදේ ආහාරයක් විදියට වගේම හවස තේ වෙනුවට කන්නත් පුළුවන. ඉතින් දැන් මේ කියලා දෙන්න යන්නෙ මේක හදන්නේ කොහොමද කියලා.. බලන්නකෝ එහෙනම් හදන විදිහ..

අවශ්‍ය දේවල්:
  • සුදු හාල් කෝප්ප 3/4
  • නැවුම් කිරි කෝප්ප 2 (Fresh Milk)
  • සුදු සීනි කෝප්ප 1/3
  • ලුණු තේ හැඳි 1/4
  • ගහගත්තු බිත්තර 1 (ගෑරුප්පුවකින් වගේ පොඩ්ඩක් කහමදයයි සුදුමදයයි කලවම් වෙනකන් ගසාගන්න)
  • වියලි මිදි කෝප්ප 2/3
  • බටර් මේස හැඳි 1
  • වැනිලා තේ හැඳි 1/2

සාදාගන්නා ආකාරය:
  • සාස්පානකට වතුර කෝප්ප 1 1/2 ක් දාලා නටවන්න. දැන් මේ නටන වතුර එකට සුදු හාල් ටික දාන්න. දැන් ලිපේ ගින්දර ටිකක් අඩු කරලා, සාස්පාන පියනකින් වහලා, විනාඩි 20 ක් ඒ මද ගින්නේ තැම්බෙන්න හරින්න.
  • ඊට පස්සෙ වෙනම භාජනයකට, කිරි කෝප්ප 1 1/2, අර කලින් උයපු බත් කෝප්ප 1 1/2, සීනි සහ ලුණු දාගෙන මිශ්‍රකරන්න.
  • දැන් මේ මිශ්‍රණය විනාඩි 15-20 මද ගින්නේ උකු සහ ක්‍රීම් වෙනකන් රත්කරන්න.
  • දැන් ඉතිරි කිරි කෝප්ප 1/2, ගහගත්තු බිත්තරයයි, වියලි මිදියි එකතු කරලා තව විනාඩි 2 ක් උයාගන්න. මේක හොදට හැඳි ගාන්න අමතක කරන්න එපා.
  • දැන් මේක ලිපෙන් බාලා බටර් සහ වැනිලා එකතුකරන්න. එච්චරයි! වැඩේ ඉවරයි! පිළිගන්වනකොට තව මොනවා හරි උඩින් දාගෙන චුට්ටක් සරසාගෙනම ඔයාලට මේක පිළිගන්වන්න පුලුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ හාල් ටික නටන වතුර එකට දාගෙන පියනකින් වහලා තම්බාගන්න කොට.

 මේ වෙනම භාජනයකට උයපු බත් ටික දාගෙන ඒකට, කිරි, සීනි සහ ලුණු දා ගෙන මිශ්‍ර කරන්නකොට. දැන් මේ මිශ්‍රණය විනාඩි 15-20 මද ගින්නේ උකු සහ ක්‍රීම් වෙනකන් රත්කරන්න ඕනෙ.

 මේ ඊට පස්සෙ ඒකට ගෑරුප්පුවකින් වගේ පොඩ්ඩක් ගසාගත්ත බිත්තරයයි, කිරියි, වියලි මිදියි දාගෙන කලවම් කරන ගමන්.

 දැන් අන්තිමට බටරුයි, වැනිලායි එකතුකරන්න ඕනෙ.

 මේ ඔක්කොම වැඩ ඉවර වෙලා පිළිගන්වන්න සූදානම් කරගෙන. මෙතනම් නම් මේ උඩින් දාලා තියෙන්නෙ කුරුඳු කුඩු.

















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ allrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment