About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kimchi Fried Rice - කිම්චි ෆ්‍රයිඩ් රයිස්

දැන් ඔයාලට කියලා දෙන්න යන්නෙ කොරියන් සම්ප්‍රදායට අයත් එයටම ආවේණික රසකින් යුතු ඉතාම රසවත් ආහාරයක්. K…
Kimchi Fried Rice - කිම්චි ෆ්‍රයිඩ් රයිස්
දැන් ඔයාලට කියලා දෙන්න යන්නෙ කොරියන් සම්ප්‍රදායට අයත් එයටම ආවේණික රසකින් යුතු ඉතාම රසවත් ආහාරයක්. Kimchi-bokkeum-bap ලෙස හඳුන්වන කිම්චි ෆ්‍රයිඩ් රයිස් කොරියාවේ ඉතාම ජනප්‍රිය බත් වර්ගයක්. මේක හදන්න ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නෙ "කිම්චි" කිම්චි හදන විදිහ මීට කලින් ඉවුම් පිහුම් ඇප් එකේ කියලා දීලා තියෙනවා("විදේශ ආහාර වර්ග" කියන කොටසේ ඒ ලිපිය තියෙනවා. පොඩ්ඩක් ඒකත් බලන්නකෝ.). කිම්චි සමඟම තවත් එළවළු, මස් මාළු වර්ග යොදාගෙන රසවත් කරගත හැකි මේ කිම්චි ෆ්‍රයිඩ් රයිස් රාත්‍රී ආහාරයට කදිමට ගැලපෙන ආහාරයක්.

අද දවසේ අප ඔබ වෙත ගෙන එන්නේ, ඉතාම පහසුවෙන් විනාඩි 30ක් ඇතුළත සාදාගත හැකි ඉතාම සරල කිම්චි ෆ්‍රයිස් රයිස් රෙසිපියක්. ඒ වගේම මෙහිදී මේ බත් කලින් උයාගෙන සිසිල් වී තිබිය යුතුයි. රාත්‍රී ආහාරය සඳහා පිළියෙල කරනවා නම් පහසුවෙන්ම දවල් ඉතිරිවූ බත් භාවිතා කරන්න පුළුවන්. මෙයට ඔබ කැමති ආකාරයෙන් එළවළු වර්ග සහ මස් මාළු වර්ග එකතු කර තවත් රසවත් කරගන්න ඔබට පුළුවන්.

අවශ්‍ය දේවල්:
  • බත් කප් 2 (තම්බා සිසිල්වූ)
  • කිම්චි කප් 1/2 (යුෂත් සමඟ පොඩියට කපාගත්)
  • ලූනු කොළ වල අලකොටස හෝ ලීක්ස් ගසෙහි අල කොටස කප් 1/2 (පොඩියට කපාගත්)
  • ලූනු කොළ වල කොළපැහැ කොටස හෝ ලීක්ස් කප් 1/2 (පොඩියට කපාගත්)
  • සෝයි සෝස් මේස හැඳි 1
  • තල තෙල් තේ හැඳි 1/4
  • එළවළු තෙල් හෝ කෑම පිසීමට ගන්නා තෙල් මේස හැඳි 2
  • ලුණු සහ ගම්මිරිස් ස්වල්පය බැගින්

සාදාගන්නා ආකාරය:
  • ලොකු සාස්පානක් ලිප තබා එයට තෙල් දමන්න.
  • එයට ලූනු කොළ වල අලකොටස හෝ ලීක්ස් ගසෙහි අල කොටස එකතු කර විනාඩි 2, 3ක් හොඳින් තෙම්පරාදු කරගන්න.
  • ඉන්පසු එයට බත් එකතු කර මිශ්‍ර කරමින් තවත් විනාඩියක් තෙම්පරාදු කරගන්න.
  • ඉන්පසු එයට කිම්චි සහ කිම්චි යුෂ එකතු කරන්න.
  • බත් සහ කිම්චි හොඳින් මිශ්‍ර කරමින් විනාඩි කිහිපයක් හොඳින් බැදෙන්න හරින්න.
  • එයට ලුණු, ගම්මිරිස් ස්වල්පයක් සහ සෝයි සෝස්, තල තෙල් එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
  • බත් ඇට හොඳින් බැදෙන තෙක් විනාඩි කිහිපයක් හොඳින් එහා මෙහා කරමින් කිම්චි රයිස් බැදෙන්න හරින්න.
  • අවසානයේ ලූනු කොළ වල කොළපැහැ කොටස හෝ ලීක්ස් එකතු කර කලවම් කරගෙන ලිපෙන් ඉවත් කරගන්න. එච්චරයි!
  • ලිපෙන් ඉවත් කරගත් කිම්චි ෆ්‍රයිඩ් රයිස් මතින් බුල්ස් අයි කළ බිත්තරයක් තබා උණු උණුවේ පවුලේ අයට පිළිගන්වන්න තමයි තියෙන්නෙ අන්තිමට.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ මේක හදන්න ගත්ත බත්.

මේ මේක හදන්න ගත්ත තව දේවල් ටිකක්.

 මේ හදාගෙන යනකොට.

 ඔන්න හදලා ඉවරයි. මේ ඔම්ලට් එකත් උඩින් දා ගත්තට පස්සෙ.
















මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ බර්නඩින් සහ සජානි කියන මිතුරියන් දෙදෙනාගේ thetastylove.com වෙබ් අඩවියෙන්. එයාලගේ ලිපි අපේ ඉවුම් පිහුම් කට්ටියට බලන්න ඇප් එකේ පළකරන්න අහපුවහම කිසිම අවුලක් නැතිව මිතුරියන් දෙදෙනා හා කිව්වා. ඔවුන්ට බොහොම ස්තූතියි! ඒ වගේම මොනවා හරි ගැටලුවක් මතුවුනොත් එයාලා හදපු මේ වීඩියෝ එකත් බලන්නකෝ.. (https://www.youtube.com/watch?v=4D9JMrogWHQ)
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment