About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bread pudding - පාන් පුඩිමක් හදමුද?

එදා ඔයාලට "රුළං කැද" හදන විදිහ කියලා දුන්න නුවනි මිතුරිය ඔන්න අද ඔයාලට කියලා දෙන්න යන්නෙ …
Bread pudding - පාන් පුඩිමක් හදමුද?
එදා ඔයාලට "රුළං කැද" හදන විදිහ කියලා දුන්න නුවනි මිතුරිය ඔන්න අද ඔයාලට කියලා දෙන්න යන්නෙ "පාන් පුඩිමක්" හදාගන්නේ කොහොමද කියලා.. ඇයත් ඔයාලා වගේම "ඉවුම් පිහුම්" ඇප් එක බලන මිතුරියක්. බලන්නකෝ එහෙනම් ඇයගේ වචන වලින්ම කොහොමද මේ පාන් පුඩිම හදන්නේ කියලා..

"..අපේ අම්මලා ඒ දවස් වල පුඩිං හැදුවෙ හුමාලෙන් තම්බලනෙ. මේ පුඩිම හදන්නේ අවන් එකේ. හදන්න ලේසියි. මේකටම කියලා කඩේ ගිහින් බඩු ගේන්න ඕනා නැහැ. බලමු මොනවද ඕනකරන දේවල් කියලා..."
 

අවශ්‍ය දේවල්:
  • දිනක් පරණ පාන් පෙති 6
  • උණු කරගත්ත බටර් මේස හැඳි 2
  • වියලි මිදි කෝප්ප 1/2 (කැමතිනම් පමණයි)
  • ගහගත්‍තු බිත්තර 4
  • නැවුම් කිරි කෝප්ප 2
  • සුදු සීනි කෝප්ප 3/4
  • කුරුදු කුඩු තේ හැඳි 1
  • වැනිලා තේ හැඳි 1

සාදාගන්නා ආකාරය:
  • ඔයාගේ ඔයාලගේ අවන් එක රත් කරගන්න ඕනෙ. අවන් එකේ උෂ්ණත්වය තියෙන්නෙ ෆැරන්හයිට් වලින් නම් අංශක 350 විදිහට හරි සෙල්සියස් වලින් නම් අංශක 175 විදිහට හරි දාගෙන අවන් එක රත් කරගන්න.
  • අගල් 8 බේකින් පෑන් එකක් (ට්‍රේ එකක් නෙමේ පෑන් එකක් ගන්න කියන්නේ ටිකක් උසට මේක හදාගන්න ඕනා නිසා) අරන් ඒකට පාන් ටික චූටියට කඩලා දාන්න.
  • ඊට පස්සෙ උණු කරගත්ත බටර් ටික පාන් උඩින් ඉහගන්න. ඔයා වේලිච්ච මිදි පාවිච්චි කරනවානම් ඔන්න වෙලාව ඒ ටික එකතුකරගන්න. 
  • ඊට පස්සෙ ඉඩකඩ තියෙන භාජනයකට බිත්තර, කිරි, සීනි, කුරුදු සහ වැනිලා දාලා හොදට මිශ්‍රවෙනකන් කලවම් කරන්න.
  • මේ මිශ්‍රණය පාන් ටික උඩ වත්කරලා පාන් ටික ඒ මිශ්‍රණයේ පෙගෙන්න හරින්න.
  • දැන් මේ පෑන් එක කලින් රත්කරගත්ත අවන් එකට දාලා විනාඩි 45ක් හෝ පැයක් විතර බේක් කරගන්න.

වැදගත්:
  • බේක් වෙන්න විනාඩි 45 ක් ඇති කියලා කිව්වාට මම නම් පැය 1 තිබ්බා. ලස්සනට අවා. අඩිය කරවෙලා එහෙම ප්‍රශ්න මුකුත් නැහැ.
  • මේක ටිකක් ෆ්‍රිජ් එකේ දාලා තියලා කෑවම ගොඩක් රසයි.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ පාන් උඩින් උණු කරගත්ත බටර් දාලා.

මේ තියෙන්නෙ බිත්තර, කිරි, සීනි, කුරුදු සහ වැනිලා මිශ්‍රණය.

 මේ දියර මිශ්‍රණයේ පාන් පොගවලා.

 මේ බේක් කරගෙන ඉවර වුනාට පස්සෙ.

 දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ. මමනම් කෑවේ චොකොලට් සෝස් එක්ක.
















ලිපිය ලිව්වේ නුවනි සිල්වා මිතුරිය. නුවනි මේ පුඩිම හදනකොට සමහර කරුනු allrecipes.com වෙබ් අඩවියේ ලිපියකිනුත් ලබාගත්තා කියලා කිව්වා. ඇයට ගොඩක් ගොඩක් ස්තූතියි නේද අපිට "පාන් පුඩිමක්" හදාගන්න විදිහ කියලා දුන්නට? බොහොම ස්තූතියි නුවනි! නුවනි මිතුරියගේ තවත් ලිපියකින් ඇයව ආයෙමත් දවසක ඉක්මනටම හමු වෙමුකෝ එහෙනම්..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment