About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Toffee Banana - කෙසෙල් වලින් හදන චීන අතුරුපසක්

නිතරම ඔයාලට එක එක අලුත් කෑම ජාති හදන විදිහ කියලා දෙන චම්පා දුලාංජනී මිතුරිය ඔන්න ඔයාලට තව කෑමක් හදන…
Toffee Banana - කෙසෙල් වලින් හදන චීන අතුරුපසක්
නිතරම ඔයාලට එක එක අලුත් කෑම ජාති හදන විදිහ කියලා දෙන චම්පා දුලාංජනී මිතුරිය ඔන්න ඔයාලට තව කෑමක් හදන විදිහ දැන් කියලා දෙන්නයි යන්නෙ. එයා දැන් හදන්නෙ කෙසෙල් වලින් හදන චීන අතුරුපසක් හදාගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. බලන්නකෝ එහෙනම් අපේ මිතුරියගෙ වචන වලින්ම මේ මේවා හදන්නේ කොහොමද කියලා...
 "...මේක ඇවිල්ලා චීන අතුරුපසක්.සමහරු නම් දන්නවත් ඇති,හරි මන් කියන්නම් ඕන කරන දේවල් ටික..."

අවශ්‍ය දේවල්:
  • පාන් පිටි 50g
  • කෝන්ෆ්ලවර් (ඉරිඟු පිටි) 25g සහ තව චුට්ටක් වෙනම ඕනේ.
  • කූල් වතුර 90 ml
  • එලවලු තෙල් තේ හැදි 1
  • කෙසෙල් ගෙඩි 2 (කෝලිකුට්ටු හරි පුවාලු වගේ ගොඩක් හොදයි හැබැයි ගොඩාක් ඉදුනු ගෙඩි ගන්න එපා)
  • සීනි 120(කැරමල් එක හදාගන්න)
  • තල ඇට ටිකක් සහ අයිස් ක්‍රීම් ටිකක් ඕන සරසගන්න.
  • තව ඕන අයිස් කෑට කීපයක් දාගත්තු වතුර එකක් (මොකද අපි කෙසෙල් ටික කැරම එකට දාපු ගමන් අයිස් වතුර එකට කෙසෙල් ටික දාගන්න ඕනේ)

සාදාගන්නා ආකාරය:

  • මුලින්ම පාන් පිටි ටිකයි, කෝන්ෆ්ලවර් ටිකයි හොදට බාජනේකට දාලා අතින් කවලම් කරගන්න.
  • ඊට පස්සෙ වතුර ටික ටික දාගෙන ටිකක් උකු මිශ්‍රණයක් (බැටර් එකක්) හදාගන්න.
  • ඊලගට කෙසෙල් ගෙඩි දෙක කෑලි වලට කපාගන්න. පල්ලෙහා ෆොටෝ වල තියෙන හැඩේට කපාගන්න.
  • ඊට පස්සෙ අර මුලින් වැඩිපුර කෝන්ෆ්ලවර් ටිකක් ඕන කියුවා නේද? කපපු කෙසෙල් ටික ඒකේ මුලින් දවටලා ඊට පස්සෙ අර අපි හදපු බැටර් එකේ දවටලා ගැබුරු තෙලේ බැදගන්න.
  • ඊලගට සීනි ටික කැරමල් කරගන්න.
  • ඊට පස්සෙ කැරමල් ටිකක් උනුසුම්ව තියෙද්දිම අර අපි බැදගත්තු කෙසෙල් ටික කැරමල් එකේ බස්සලා ඉක්මණට දාගන්න අයිස් වතුර එකට. වැඩි වෙලා තියන්න ඕනේ නෑ. ඉක්මනට වතුරෙන් අරගෙන පෙරෙන්න තියගන්න.
  • ඊලගට එක උඩින් තල ඇට ටිකක් ඉහල පොඩ්ඩක් සරසාගෙන අයිස් ක්‍රීම් ටිකක් එක්ක පිලිගන්වන්න තමයි තියෙන්නෙ. අයිස් ක්‍රීම් ඉතින් අවශ්‍යම නෑ. තියෙනවනම් රසට කන්න පුලුවන්. හදල බලන්නකෝ..

පොටෝ ටිකත් බලන්නකෝ...

කෙසෙල් මේ හැඩේට කපා ගත්තනම් වැඩිය ලස්සනයි.

මේ තියෙන්නේ ඔක්කොම දේවල් කරලා අයිස් ක්‍රීම් ටිකකුත් දාලා පිළිගන්වන්න ලෑස්ති කරලා..















ලිපිය ලිව්වේ චම්පා දුලාංජනී මිතුරිය. ඇයට බොහොම ස්තූතියි නේද අපිට මේ විදිහට කෙසෙල් වලින් අපිට අලුත් කෑමක් හදාගන්න විදිහ කියලා දුන්නට? බොහොම ස්තූතියි චම්පා මිතුරියට!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment