About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Egg salad for sandwiches - සැන්ඩ්විච් එකකට රසම රස බිත්තර සලාදයක්

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ සැන්ඩ්විච් එකකට රසම රස බිත්තර සලාදයක් හදාගන්නේ කොහොමද කියලා.. මේ සලාදය(…
Egg salad for sandwiches - සැන්ඩ්විච් එකකට රසම රස බිත්තර සලාදයක්
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ සැන්ඩ්විච් එකකට රසම රස බිත්තර සලාදයක් හදාගන්නේ කොහොමද කියලා.. මේ සලාදය(සැලඩ් එක) පාන් පෙති දෙකක් මැදට තවරලා හදාගත්තු සැන්ඩ්විච් එකක් උදේ හරි හවස හරි තේ වලට පංකාදු පහයි. ඒ වගේම, පොඩි පොඩි සාද වලටත් කියාපු කෑම එකක්! හදන්න නම් පොඩ්ඩක්වත් අමාරු නෑ. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • බිත්තර 8
  • මයොනේස් කෝප්ප 1/2
  • අබ පේස්ට් තේ හැඳි 1
  • චූටියට කපාගත්තු ළූණුකොළ කෝප්ප 1/4
  • ලුණු සහ ගම්බිරිස් කුඩු රස අනුව
  • මිරිස් කුඩු තේ හැඳි 1/4

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම බිත්තර ටික සාස්පානකට දාලා ඒවා වැහෙන්න ඇල්වතුර දාගෙන ලිපේ තියාගන්න ඕනෙ. මේ වතුර නටනකොටම ලිපෙන් බාගන්න.
  • දැන් මේ සාස්පාන පියනකින් වහලා මේ බිත්තර විනාඩි 10 - 12 ක් අතර කාලයක් මේ රස්නෙ වතුරෙ තියෙන්න හරින්න (තේරෙන භාසාවෙන් කිව්වොත්, මේ බිත්තර ටික හොදට තම්බගන්න).
  • ඊට පස්සෙ බිත්තර ටික එළියට අරගෙන නිවෙන්න හැරලා කටු ඉවත් කරලා පොඩි කෑලි වලට කපාගන්න.
  • මේ පොඩියට කපාගත්ත බිත්තර ටික ටිකක් ඉඩකඩ තියෙන භජනයකට දාගෙන ඒකටම මයොනේස්, අබ සහ ළූණු කොළ ටික එකතුකරලා හොදට කලවම් කරගන්න.
  • ඊට පස්සෙ ලුණු, ගම්බිරිස් සහ මිරිස් කුඩු රස අනුව එකතුකරගෙන ඔයා කැමතිම පාන් මැදට තවරලා හෝ කර කර ගාලා හැපෙන ලුණු රස බිස්කට් එක්ක හරි පිලිගන්වන්න.

වැදගත්:
  • මයොනේස් සහ අබ පේස්ට් සැන්ඩ්විච් සදහාම වෙළඳපොලේ විකුණන්න තියෙන ද්‍රව්‍යය. ඕනම සුපිරි වෙළෙදසලක මිළදී ගන්න තියෙනවා.
  • මමනම් ළූණු කොළ වෙණුවට සාමාන්‍යය ප්‍රමාණයේ අමු මිරිස් කරල් දෙකක් එකතුකරගත්තා.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තියෙන්නෙ මයොනේස්.

 මේ තියෙන්නෙ අබ පේස්‍ට්.

 මේ තියෙන්නෙ බිත්තර, අබ, මයොනේස්, මිරිස් ටික එකට දාගෙන. දැන් මේ ටික හොදට අනාගන්න ඕනෙ.

 මේ ඒ ටික අනාගත්තට පස්සෙ. වැඩේ ඉවරයි! දැන් තියෙන්නෙ පාන් මැදට තවරලා හරි කර කර ගාලා හැපෙන ලුණු රස බිස්කට් එක්ක හරි පිලිගන්වන්න තමයි.

 දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.. ඒ කියන්නෙ ඉතින් අපේ ඉවුම් පිහුම් කට්ටියට කරන්න අමාරුම දේ නෙහ්? :)












wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment