About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Sugar Cookie - ෂුගර් කුකීස් හදමු.

අද ඔයාලට මේ කියලා දෙන්න යන්නෙ දරුවන්ටම විශේෂවූ රසවත් කුකීස් වර්ගයක්, එහෙමත් නැත්නම් බිස්කට් වර්ගයක්…
Sugar Cookie - ෂුගර් කුකීස් හදමු.
අද ඔයාලට මේ කියලා දෙන්න යන්නෙ දරුවන්ටම විශේෂවූ රසවත් කුකීස් වර්ගයක්, එහෙමත් නැත්නම් බිස්කට් වර්ගයක් හදාගන්නේ කොහොමද කියලා.. දරුවන්ට රසට කන්න පුළුවන් වගේම අම්මලාට ඉතාම පහසුවෙන් මේවා ඔවුන්ට සාදා දෙන්නත් පුළුවන්. කඩෙන් මිලදී ගන්නා බිස්කට් වර්ග වගේ කල් තබාගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන නිසා, කිසිම බයක් නැතිව වයස අවුරුද්දට වැඩි කුඩා දරුවන්ටත් දෙන්න පුළුවන්.

විනාඩි 30ක් පමණ සුළු වේලාවකින් සාදාගත හැකි මේ ෂුගර් කුකීස් ඔබට කැමති ආකාරයට අලංකාර කරගන්නත් තවත් රසවත් කරගන්නත් ඔබට පුළුවන්. ඉතාම සරලව උඩින් සීනි ටිකක් ඉසගන්නත්, කජු, ආමන්ඩ් වැනි යමක් පොඩියට කපා එකතු කරන්නත්, නැතිනම් වියළ් මිදි හෝ පළතුරු කැබලි වැනි දේවල් එකතු කරගන්නත් ඔබට නිදහස තිබෙනවා. බලන්නකෝ එහෙනම් හදන විදිහ..

අවශ්‍ය දේවල්: (කුකීස් 12ක් පමණ හදාගන්න පුලුවන්)
  • බටර් 100g (ලුණු සහිත)
  • සීනි 100g
  • බිත්තර 1
  • පාන් පිටි 150g
  • බේකිං පවුඩර් තේ හැඳි 1
  • වැනිලා තේ හැඳි 1

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අවන් එකේ උෂ්ණත්වය සෙල්සියස් 190ක් (ෆැරන්හයිඩ් 375 ක්) ලෙස සකස් කර අවන් එක රත් වෙන්නට හරින්න.
  • ඉන්පසු භාජනයකට සීනි සහ බටර් දමා හොඳින් සීනි දියවන තුරු විනාඩි 2, 3ක් හොඳින් බීට් කරන්න.
  • පිටි වලට බේකින් පවුඩර් දමා හොඳින් කළවම් කරන්න.
  • බේකින් පවුඩර් සමඟ මිශ්‍ර කරගත් පිටි, බිත්තරය සහ වැනිලා බටර් මිශ්‍රණයට එකතු කරන්න.
  • එම මිශ්‍රණය පිටි බෝලයක් ලෙස එන තෙක් විනාඩි 2,3ක් හොඳින් කලවම් කරන්න.
  • ගැඹුර අඩු දිග වැඩි බේකින් තැටියක් ගන්න.
  • එයට තෙල් කඩදාසියක් දමන්න (නැතහොත් හොඳින් බටර් තවරන්න).
  • බිස්කට් මිශ්‍රණයෙන් කුඩා කොටස් ගෙන අතින් කුඩා බෝල සාදා බේකින් තැටිය මත තබන්න.
  • බේක් වන විට බිස්කට් බෝල පැතලි වී බිස්කට් හැඩය ගන්නා නිසා තැටියට බෝල තබන විට එම බෝල අතර ප්‍රමාණවත් ඉඩක් තිබෙන්න හරින්න. (මේ මිශ්‍රණය බිස්කට් බෝල 12 කට ප්‍රමාණවත්)
  • දැන් බේකින් තැටිය අවන් එක තුළට දමා ලා දුඹුරු පැහැවන තෙක් විනාඩි 15–20 අතර කාලයක් බේක් කරගන්න.
  • එච්චරයි! බේක් වෙලා ඉවර වුනහම කුකීස් ටික නිවෙන්න තියලා කෑමට ගන්න පුලුවන්.

වැදගත්:
  • හොඳින් බේක් වුණු ෂුගර් කුකීස් හොඳින් නිවී සිසිල් වුණු පසු, සුළං නොවදින බඳුනක දමා කාමර උෂ්ණත්වයේ සතියක් දක්වා නැවුම්ව කල් තබා ගත හැකියි.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ මිශ්‍රණය හදාගන්න කොට.

බේකින් තැටියක් ඇරගෙන ඒකට තෙල් කඩදාසියක් දාලා හරි නැත්නම් හොදට බටර් හරි තවරාගෙන මේ වගේ තැටිය සූදානම් කරගන්න.

මේ බේකින් තැටිය උඩින් බිස්කට් මිශ්‍රණයෙන් හදාගත්ත බෝල ටික තියාගෙන. බේක් වෙන කොට බිස්කට් බෝල පැතලි වී බිස්කට් හැඩය ගන්න හින්දා තැටිය උඩින් බෝල ටික තියන කොට ඒවා අතර ඉඩක් හිටින විදිහට තියන්න. මේ වගේ තියාගත්තනම් හරි.

 මේ තියෙන්නෙ බේක් වුනාට පස්සෙ කුකීස් ටික. දැන් ඉතින් නිවුනට පස්සෙ කෑමට ගන්න තමයි තියෙන්නෙ.















මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ බර්නඩින් සහ සජානි කියන මිතුරියන් දෙදෙනාගේ thetastylove.com වෙබ් අඩවියෙන්. එයාලගේ ලිපි අපේ ඉවුම් පිහුම් කට්ටියට බලන්න ඇප් එකේ පළකරන්න අහපුවහම කිසිම අවුලක් නැතිව මිතුරියන් දෙදෙනා හා කිව්වා. ඔවුන්ට බොහොම ස්තූතියි! ඒ වගේම මොනවා හරි ගැටලුවක් මතුවුනොත් එයාලා හදපු මේ වීඩියෝ එකත් බලන්නකෝ.. (https://www.youtube.com/watch?v=oJxj8drraSQ
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment