About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Homemade chocolate - ගෙදරදීම චොකලට් හදමු..

ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න යන්නෙ "ගෙදරදීම චොකලට් කෑලි හදාගන්නේ කොහොමද" කියලා.. පට්ට කට්ට…
Homemade chocolate - ගෙදරදීම චොකලට් හදමු..
ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න යන්නෙ "ගෙදරදීම චොකලට් කෑලි හදාගන්නේ කොහොමද" කියලා.. පට්ට කට්ටක් කන්න වෙයි කියලා හිතනවාද මේක හදන්න ගිහිල්ලා? හී හී.. හයියෝ එහෙම වෙන්නෙ නෑ. චොකලට් කෑලි හදන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මම හිතන්නෙ මේක තමයි හදන්න පුලුවන් ලේසිම ලේසිම ක්‍රමේ. මේ විදිහට හදන්න නම් පොඩ්ඩක්වත් අමාරු නෑ. සීනි ටික ගානට දිය කරගත්තනම් හරි. එච්චරමයි වැඩකට කියලා කරන්න තියෙන්නෙ. කඩේ ගන්න තියෙන චොකලට් වගේම උසස් තත්වයෙන් වගේම රසට තියෙන්න හදාගන්න පුලුවන් ඔයාලට. හබැයි ඉතින් කල් තබාගන්න දේවල් දාන්නෙ නැති හින්දා මාස් ගානක් නම් තියාගන්න බෑ. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා...

අවශ්‍ය දේවල්:
  • කොකෝවා පව්ඩර් මේස හැදි 5ක් (Cocoa powder = කොකෝවා කුඩු)
  • කිරි පිටි කෝප්ප 1 1/4ක් (Milk powder)
  • බටර් කෝප්පයකින් 1/4 ක්
  • සීනි කෝප්පයකින් 2/3 ක්
  • වතුර කෝප්පයකින් 1/2 ක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම කොකෝවා පව්ඩර් ටිකයි කිරි පිටි ටිකයි පෙනේරයකින් හලාගෙන පැත්තකින් තියාගන්න.
  • වතුරයි, සීනියි භාජනයකට දාගෙන ලිපේ තියලා උණු කරගන්න (boil). උණු වුනහම ලිපේ ගින්දර ටිකක් අඩු කරන්න. ටික වෙලාවකින් මේ සීනි මිශ්‍රණය නූල් ඇදෙන ගානට එනවා (පල්ලෙහා ෆෝටෝ එකක් දාලා තියෙනවා). අන්න ඒ නූල් ඇදෙන ගානට, නැත්නම් ඒ පදමට ආපුවහම මිශ්‍රණයට බටර් ටික දාගෙන හොදට දිය වෙලා සීනි මිශ්‍රණය සමග හොදට කලවම් වෙනකන් හැදි ගා ගන්න ඕනෙ. ඊට පස්සෙ ලිප නිවා ගන්න.
  • ඊට පස්ස් සීනි මිශ්‍රණයට කලින් අපි හලාගත්ත කොකෝවා පව්ඩර්-කිරි පිටි මිශ්‍රණයෙන් චුට්ට චුට්ට දා ගන්න ගමන් කලවම් කරගන්න ඕනෙ. එක පාර සීනි මිශ්‍රණයට පිටි ඔක්කොම ටික හලාගන්නවා එහෙම නෙමෙයි! මිශ්‍රණය හොදට ක්‍රීම් එකක් වගේ එකනම් කලවම් කරගන්න ඕනෙ (කැට, කෑලි හිටින්නෙ නැතිව මිශ්‍රණය දිලිසෙන තත්වයට එනකන්ම කලවම් කරගන්න).
  • ඊට පස්සෙ බටර් ගා ගත්ත තැටියකට මේ හදාගත්ත මිශ්‍රණය දාලා තුනී කරගන්න. තුනී කරගන්න පුලුවන්නම් පැතලි හැන්දක් නැත්නම් ස්පැටුලා එකක් පාවිච්චි කරන්න. අළුවා හදනකොට වගේ අතින් එහෙම තුනී කරන්න යනවා නෙමෙයි ඕන්! ඊට පස්සෙ විනාඩි 10ක්-15ක් පැත්තකින් පොඩ්ඩක් තියලා තියන්න. ෆ්‍රිජ් එකට දාන්න එපා දැන්ම.
  • විනාඩි 10ක්-15ක් ගියාට පස්සෙ ෆ්‍රිජ් එකට දා ගන්න. ෆ්‍රිජ් එකෙත් විනාඩි 10ක්-15ක් තිබ්බහම ඇති.
  • ඊට පස්සෙ ෆ්‍රිජ් එකෙන් එලියට ඇරගෙන කෑලි කපාගන්න. කුකී කටර් එකක් තියේනම් මේ ෆොටෝ වල තියෙනවා වගේ ලස්සන ලස්සන හැඩ වලට කපා ගන්න පුලුවන්. නැත්නම් ඉතින් පිහියකින් වගේම් තමයි කෑලි කපා ගන්න වෙන්නෙ.

වැදගත්:
  • සීනි ටික නූල් ඇදෙන ගානට හරියට උණු උනේ නැත්නම් චොකලට් මිශ්‍රණය පස්සෙ ඝණ වෙන්නෙ නැති වෙන්න පුලුවන්. එහෙම උනොත් කෑලි කපන්න බැරි වෙනවා.
  • හැම වෙලාවෙම තත්වයෙන් උසස් බටරුයි කොකෝවා පවුඩරුයි පාවිච්චි කරන්න බලන්න.
  • ඔයාලට ඕනෙනම් මිශ්‍රණයට් කජු කෑලි එහෙමත් දා ගන්න පුලුවන්.
  • වැනිලා දාගන්න ඕනෙ නම්, බටර් දා ගන්න වෙලාවේදී වැනිලා එසනස් තේ හැදි 1/2ක් වගේ දා ගන්න.
  • කිරි පිටි තමයි ඔයාලා මේකට යොදා ගන්න ඕනෙ. ඒ වෙනුවට කිරි, උකු කල කිරි එහෙම පාවිච්චි කරන්න එපා..

පොටෝ ටිකත් බලන්නකෝ..
සීනියි වතුරයි දාලා උණුකරගන්නකොට හැදෙන පැණි මිශ්‍රණයේ පදම මේ විදිහට බලන්න. මිශ්‍රණය මේ යටම තියෙන එකේ වගේ නූල් ඇදෙන් ගානට ආවානම් හරි. බැරි වෙලාවත් මේ ඇදෙන් නූල කැඩුනොත් ඒ කියන්නෙ සීනි ටික තවම උණු වෙලා මදි කියන එක. එතකොට තව ටික වෙලාවක් මිශ්‍රණය උණු වෙන්න දෙන්න.

අතින් තුනී කරගන්නෙ නැතුව ස්පැටුලා එකකින් හරි, මොකක් හරි පැතලි හැන්දකින් හරි චොකලට් ටික තුනී කරගන්න බලන්න. තැනට සුදුසු නුවනින් වැඩේ ගොඩ දා ගන්න පුලුවන්නෙ අපේ ඉවුම් පිහුම් කට්ටියට.

මේ තියෙන්නෙ මේ විදිහට හදාගත්ත චොකලට් ටික කෑලි කපාගෙන. මේ හැඩයට කපාගන්න නම් කුකී කටර් එකක් ඕන වෙනවා. කුකී කටර් එකක් නැත්නම් පිහියකින් වගේ කපාගන්න. එච්චරයි! කපාගත්තට පස්සෙ ඉතින් කන්න තමයි තියෙන්නෙ.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ sailusfood.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment