About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chocolate Pots - චොකලට් පොට්ස්

චොකලට් යාන්තම් හරි ගෑවිලා තියෙන ඕනෙම කෑමක් කන්න ලොක්කො, පොඩ්ඩො ඕනම කෙනෙක් කැමතියිනෙ.. ඉතින් මේ කියල…
Chocolate Pots - චොකලට් පොට්ස්
චොකලට් යාන්තම් හරි ගෑවිලා තියෙන ඕනෙම කෑමක් කන්න ලොක්කො, පොඩ්ඩො ඕනම කෙනෙක් කැමතියිනෙ.. ඉතින් මේ කියලා දෙන්න යන්නෙ චොකලට් වලින් ලේසියෙන්ම හදන්න පුළුවන් රසවත් කෑමක් ගැන. "Chocolate Pots" කියලා තමයි මෙවට කියන්නෙ. සමහරවිට මීට කලින් ඔයාලා කාල තියෙන්නත් පුලුවන් මේවා. කැවට මොකෝ මේවා හදන්නේ කොහොමද කියලා දන්නෙ නැතුව ඇතිනෙ සමහරවිට. හා හා! කතා ඇති! කතා ඇති! කාලා නැති කට්ටිය වගේම කාලා තියෙන කට්ටියත් බලමු බලමු එහෙනම් මේවා හදන්නේ කොහොමද කියලා.. හරිම ලේසියි හදන්න නම්.

අවශ්‍ය දේවල්:
  • සීනි කප් ⅔
  • ඉරිගු පිටි(Corn Flour) මේස හැඳි 2
  • ලුණු පින්ච් එකක්
  • කිරි(Fresh Milk) කප් 3
  • බිත්තර කහ මද 4
  • වැනිල තේ හැඳි ½
  • පොඩියට කපාගත් ඩාර්ක් චොකලට් 170
  • කොකොවා පව්ඩර් තේ හැඳි ½

සාදාගන්නා ආකාරය:
  • ලිපේ තියන්න පුළුවන් භාජනයකට කිරි කප් 1, ඉරිගු පිටි, සීනි සහ ලුණු එක් කර මිශ්‍ර කර බිත්තර කහ මද එකින් එක විස්ක් එකකින් ගසමින් එක් කරගන්න.
  • මෙයට ඉතිරි කිරි එක් කර හොඳින් මිශ්‍ර කරන්න.
  • භාජනය ලිප තබා අඩු ගින්දරේ මිශ්‍රණය ඝණ වන තුරු විනාඩි 12ක් පමණ නොනවත්වා හැඳි ගාන්න. උතුරන්න දෙන්න එපා.
  • ඝණ වූ පසු ලිපෙන් ඉවතට ගෙන වැනිලා සහ කපාගත් චොකලට් එක් කර චොකලට් දිය වන තුරු හැඳි ගාන්න.
  • පිළිගැන්වීමට සුදුසු වීදුරු කප් වලට දමා පැය දෙකක් පමණ ශීතකරණයේ තබා උඩින් චොකලට් පව්ඩර් ඉස හෝ කැමති ආකාරයකට සරසාගෙන පිළිගන්වන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ වගේ චොකලට් මිශ්‍රණය හදාගන්න.

 මේ මිශ්‍රණය කප් වලට දාන ගමන්.

 ඊට පස්සෙ මේ කප් ටික පැය දෙකක් විතර ශීතකරණයේ තියාගන්න ඕනෙ.

 ෆ්‍රිජ් එකේ තියාගත්තට පස්සෙ මේ වගේ තියෙයි.

 ඊට පස්සෙ ඉතින් කන්න තමයි තියෙන්නෙ. පිළිගන්වනවානම් චුට්ටක් සරසාගෙන පිළිගන්වන්නත් අමතක කරන්න එපා..














මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ aniwa.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment