About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Sanja - සන්ජා හදන්නේ මෙහෙමයි..

"මොකක් කිව්වා? සන්ජා ?! මොනවාද සන්ජා කියන්නෙ?" ලිපිය දැකපු ගමන්ම අපේ ගොඩක් අයට නම් හිතෙන්…
Sanja - සන්ජා හදන්නේ මෙහෙමයි..
"මොකක් කිව්වා? සන්ජා ?! මොනවාද සන්ජා කියන්නෙ?" ලිපිය දැකපු ගමන්ම අපේ ගොඩක් අයට නම් හිතෙන්නෙ ඇත්තෙ ඔය වගේ දේවල් තමයි. මේ ලිපිය ලියන්නෙ අපේ සුපුරුදු මිතුරියක් වන ෆාතිමා රිස්නා මිතුරිය. ඇය මේ ලිපිය මට එවනකන්ම මමත් දැනගෙන හිටියේ නෑ සන්ජා කියන්නෙ මොනවාද, මොන වගේ දෙයක්ද කියලා. හැබැයි ඊට පස්සෙ මට දවසක් තෙල්, බෙහෙත් ජාති විකුණන හින්දු ආගමික කඩයක තිබිලත් මේ සන්ජා කියන දේ දැකගන්න ලැබුණා. එදානම් මට විස්තර අහගන්න ලැබුණේ නෑ. කොහොමෙන් කොහොම හරි මම හොයාගත්ත විස්තර අනුව සන්ජා කියන්නෙ ජෙලි වගේ දෙයක්. සමහරවිට ජෙලිම වෙන්නත් පුලුවන්. කඩවල් වල මේවා පැකට් විදිහට වගේම ලූස් විදිහටත් ගන්න තියෙනවා. නූඩ්ල්ස් වගේ පෙනුමක් තියෙන දෙයක්. කොහොම හරි මේවා හැදුවට පස්සෙ නිකන් කන්නත් පුලුවන්, පොල් කිරි එක්කත් කිසිම අවුලක් නැතුව කන්න පුලුවන් කියලා තමයි ෆාතිමා මිතුරිය නම් සඳහන් කලේ. බලන්නකෝ එහෙනම් අපේ මිතුරියගේ වචන වලින්ම කොහොමද මේ "සන්ජා" හදන්නේ කියලා...

අවශ්‍ය දෙවල්:
  • සන්ජා පැකට් 1
  • සීනි
  • ලුණු චුට්ටක්
  • පොල් කිරි (මිටි කිරි)
  • වතුර

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම සන්ජා පැකට් එකේ තියෙන සන්ජා ටික භාජනයකට දාගෙන ඒකට පැකට් එකේ සදහන් කර ඇති ප්‍රමාණයට වතුර දාගෙන විනාඩි 10ක් විතර උතුරනකන් තම්බා ගන්න ඕනෙ. වතුර ටික උතුරනකොට සන්ජා ටික හැන්දකින් කලවම් කරන්න.
  • ඊට පස්සෙ ඒ මිශ්‍රණය පෙනේරයකින් හරි ගොටුවකින් හරි පෙරාගෙන ඒ පෙරාගත්ත ටිකට ඊට පස්සෙ සීනියි, ලුණුයි දාගෙන කලවම් කරගන්න.
  • ඊට පස්සෙ ඒ මිශ්‍රණය භාජනයකට දාලා නිවෙන්න තියන්න. සන්ජා ටික නිකන්ම ඝණ වෙයි.
  • හොදට ඝණ වුණාට පස්සෙ ඒක කෑලි කපාගෙන පොල් කිරි, සීනි දාලා කලවම් කරගන්න. එච්චරයි! ඊට පස්සෙ ඉතින් කෑමට ගන්නයි තියෙන්නෙ..

වැදගත්:
  • කැමති නම් නිවුනාට පස්සෙ ශීතකරණයේ තියලා, ඊට පස්සෙ සීනි, පොල් කිරි දාලා කන්නත් පුලුවන්. නැත්නං සීනි, පොල් කිරි දාලාම ශීතකරණයේ තියන්නත් පුලුවන්.
  • සීනි පොල් කිරි දාන්නෙ නැතුව සන්ජා ටික ඝණ වුණාට පස්සෙ ශීතකරණයේ තියලා කන්නත් පුලුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තියෙන්නෙ සන්ජා පැකට් එකක්.

 මේ මම අර කලින් කිව්ව තෙල්, බෙහෙත් ජාති විකුණන කඩේකදී මට දකින්න ලැබුණු සන්ජා.

 මේ සන්ජා ටික තැම්බෙන්න දැම්මට පස්සෙ.

 මේ සන්ජා ටික තැම්බෙන කොට.

 මේ ඊට පස්සෙ ඒ මිශ්‍රණය පෙරාගෙන ඒකට සීනියි, ලුණුයි දාගෙන කලවම් කරගත්තට පස්සෙ භාජනයකට දාලා නිවෙන්න තියලා..

හොදට ඝණ වුණාට පස්සෙ කෑලි කපාගෙන ඒකට පොල් කිරි, සීනි දාලා කලවම් කරගන්න ඕනෙ.

 මේ තියෙන්නෙ එහෙම කලවම් කරගත්තට පස්සෙ. එච්චරයි! දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.














ලිපිය ලිව්වේ ෆාතිමා රිස්නා මිතුරිය. ෆාතිමා මිතුරියත් ඔයාලා වගේම අපේ ඉවුම් පිහුම් ඇප් එක හැමදාම බලන මිතුරියක්. ඉතින් අපිට මේ විදිහට "සන්ජා" හදාගන්න විදිහ කියලා දුන්න අපේ ෆාතිමා මිතුරියට ගොඩක් ගොඩක් ස්තූතියි නේද? බොහොම ස්තූතියි ෆාතිමා මිතුරියට! ෆාතිමා මිතුරියව ඇයගේ තවත් ලිපියකින් ඉක්මනටම හමු වෙමුකෝ එහෙනම්..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment