About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Spicy Samaposha "Meatballs" Curry - සමපෝශ වලින් ව්‍යාංජනයක් හදමුද?

මීට කලින් කියලා දුන්නනේ සමපෝශ වලින් කුකීස්, එහෙමත් නැත්නම් බිස්කට් හදන්නේ කොහොමද කියලා.. ත්‍රිපෝශ, …
Spicy Samaposha "Meatballs" Curry - සමපෝශ වලින් ව්‍යාංජනයක් හදමුද?
මීට කලින් කියලා දුන්නනේ සමපෝශ වලින් කුකීස්, එහෙමත් නැත්නම් බිස්කට් හදන්නේ කොහොමද කියලා.. ත්‍රිපෝශ, සමපෝශ කියන්නෙ පෝශණ ගුණයෙන් ගොඩක් ඉහල දේවල්නෙ. ඉතින් අද ඔන්න හදන්නෙ ත්‍රිපෝශ හරි සමපෝශ හරි පාවිච්චි කරලා හදාගන්න බෝල ටික උයාගෙන ව්‍යාංජනයක් හදාගන්නේ කොහොමද කියලා කියලා දෙන්න. ත්‍රිපෝශ, සමපෝශ වලින් හැමදාම හදනවා වගේ අග්ගලා හදන්නේ නැතුව එක පාරක් හරි මේ විදිහට හදලා බලන්නකෝ එහෙනම්. බලන්නකෝ එහෙනම් හදන විදිහ..

අවශ්‍ය දේවල්:
සමපෝශ ගුලි සඳහා,
  • සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 1/2
  • පාන් පිටි මේස හැන්දක්
  • චොප් කරගත් ලූනු
  • චොප් කරගත් අමු මිරිස්
  • කහ, මිරිස් කුඩු චුට්ටක්
  • ලුණු

ව්‍යාංජනය සඳහා,
  • මිටි කිරි කප් 1
  • අබ ඇට ටිකක්
  • රම්පෙ, කරපිංචා
  • කපාගත් ලූනු, සුදු ලූනු
  • බැදපු පහේ
  • මිරිස් කුඩු සහ ලුණු (රස අනුව)
 තව අපිට ඕනෙ,
  • තෙල් (බැදගැනීමට)

සාදාගන්නා ආකාරය:
  • සමපෝශ බෝල සඳහා දී ඇති සියළුම දේ එකට එක් කර වතුර ස්වල්පයක් දමා බෝල සාදාගන්න.
  • එම බෝල ටික ගැඹුරු තෙලේ බැදගෙන පසෙකින් තියාගන්න.
  • තෙල් ටිකක් රත් වෙන්න තබා එයට මිටි කිරි හැර ව්‍යාංජනයට අවශ්‍ය අනෙක් සියල්ල දමා තෙම්පරාදු කර එයට මිටි කිරි දමා උතුරුවා ගෙන බැදගත් සමපෝශ බෝල ටික එක් කර මිශ්‍ර කර මද වේලාවක් අඩු ගින්දරේ ලිප තබා ගන්න.
 හදලා බලන්නකෝ ඔයාලත් වෙලාවක එහෙනම්.














මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ aniwa.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment