About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Samaposha Coconut Cookies - සමපෝශ කුකීස් (බිස්කට්)

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ත්‍රිපෝශ හරි සමපෝශ හරි පාවිච්චි කරලා හදන්න පුලුවන් රසම රස කුකීස් වර්ගයක…
Samaposha Coconut Cookies - සමපෝශ කුකීස් (බිස්කට්)
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ත්‍රිපෝශ හරි සමපෝශ හරි පාවිච්චි කරලා හදන්න පුලුවන් රසම රස කුකීස් වර්ගයක් හදන්නේ කොහොමද කියලා.. ත්‍රිපෝශ, සමපෝශ කියන්නෙ පෝශණ ගුණයෙන් ගොඩක් ඉහල දේවල්නෙ. හැබැයි ඉතින් අපේ කට්ටිය ඕවා හැදුවොත් හදන්නේ අග්ගලා විදිහට හරි කැඳ එකක් විදියට හරි. හැබැයි ඕවාගෙන් තව එක එක කෑම ජාති හදන්න පුලුවන්. වෙන මොකුත් නෙමේ ත්‍රිපෝශ, සමපෝශ වලින් බෝල හදලා උයන්නත් පුලුවන්. උයන විදිහ පස්සෙ කියලා දෙන්නම්කො. දැන් කියලා දෙන්නම් කොහොමද මේවාගෙන් කුකීස්, එහෙමත් නැත්නම් බිස්කට් හදන්නේ කියලා..

අවශ්‍ය දේවල්:
  • සමපෝශ හෝ ත්‍රිපෝශ කප් 2
  • සීනි කප් 2 1/2
  • බටර් කප් 3/4
  • බිත්තර 2
  • වැනිලා ටිකක්
  • පාන් පිටි කප් 2
  • බේකින් සෝඩා තේ හැන්දක්
  • බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  • පොල් කප් 1
  • ලුණු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:
  • බටර් මෘදු වනතෙක් එලියෙන් තබා එයට සීනි එක් කර ක්‍රීම් වන තෙක් බීට් කරගන්න. බිත්තර එකින් එක එක් කරමින් නැවත බීට් කරන්න.
  • පිටිවලට බේකින් පව්ඩර් සහ සෝඩා සමඟ ලුණු එක් කර වරක් හලාගන්න. එයට පොල් එකතු කර බිත්තර මිශ්‍රනයට දමා හොඳින් අනාගන්න.
  • හොඳින් බටර් ගා තෙල් කඩදාසියක් දාගත් තැටියක කුකීස් සාදා තබා සෙල්සියස් 180ට කලින් රත් කරගත් උඳුනක දමා විනාඩි 8-9ක් හෝ රන්වන් පාට වන තුරු බේක් කරගන්න.
 හදලා බලන්නකෝ ඔයාලත් වෙලාවක එහෙනම්.












මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ aniwa.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment