About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Dates Halwa - රටඉඳි හල්වා (අළුවා)

ඔයාලට දැන් මේ කියලා දෙන්න යන්නෙ රටඉදි වලින් "හල්වා" හදන්නේ කොහොමද කියලා.. රාමසාන් එහෙමත් …
Dates Halwa - රටඉඳි හල්වා (අළුවා)
ඔයාලට දැන් මේ කියලා දෙන්න යන්නෙ රටඉදි වලින් "හල්වා" හදන්නේ කොහොමද කියලා.. රාමසාන් එහෙමත් නැත්නම් උපවාස මාසයේදී මුස්ලිම් කට්ටිය හදන කෑමක් තමයි මේක. හිරු උදාවත් එක්ක සියළුම ආහාර පාන වලින් වළකින එයාලා නැවත ආහාර ගන්නෙ හිරු බැස ගියාට පස්සෙ. දවස පුරාම නොකා ඉන්න එහෙම දවස් වලට එයාලා ගන්න ආහාරත් විශේෂයි. රටඉදි වලින් හදන මේ හල්වාත් ඔවුන් ඒ දවස් වලදී ආහාරයට ගන්න කෙටි කෑමක් කියලා තමයි අහන්න ලැබෙන්නෙ. බලන්නකෝ එහෙනම් හදන විදිහ..

අවශ්‍ය දේවල්:
  • ඇට ඉවත් කරගත් රටඉඳි 300g
  • කිරි (Fresh Milk) කප් 1
  • එලගි තෙල් මේස හැදි 1
  • කපාගත්ත කජු ටිකක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම රට ඉදි ටික ඇරගෙන ඇට ඉවත් කරලා සුද්ද කරගෙන බ්ලෙන්ඩරයකට දාලා හොදට බ්ලෙන්ඩ් කර ගන්න (අඹරා ගන්න). රට ඉදි ටික ගොඩක් වියලිලා නම් මේ වැඩේ කරන්න අමාරු වෙනවා. එහෙම වුනොත් මේකෙදී අපි ඇරගෙන තියෙන කිරි කප් එකට අමතරව තව කිරි ටිකක් ඇරගෙන ඒකට රට ඉදි ටික දාගෙන පෙගෙන්න තියලා බ්ලෙන්ඩ් කරගන්න. එතකොට ලේසියි.
  • ඊට පස්සෙ එලගි තෙල් ටික ලිපේ තියලා ඒකට රටඉඳියි කිරි ටිකයි දාගෙන හොදට මිශ්‍ර කරගන්න.
  • ටික වෙලවක් යනකොට කිරි ටික හිදිලා මේ රට ඉදි මිශ්‍රණය බදුන වගේ ඇලෙන්නෙ නැති තත්වයට එයි. ඊට පස්සෙ මිශ්‍රණය ලිපෙන් ඉවත් කරගන්න.
  • අන්තිමට තියෙන්නෙ කෑලි කපාගන්න. ඒකෙදි ඔයාලා තැටියක් ඇරගෙන ඒ තැටිය හොදට බටර් තවරාගෙන අපි කලින් හදාගත්ත මිශ්‍රණය ඒකට දා ගෙන, උඩින් කජු ටිකත් දාගෙන මිශ්‍රණය තුනී කරගෙන නිවෙන්න තියලා කෑලි කපාගන්න. එච්චරයි!
     මේ තියෙන්නෙ අපි හැමෝම දන්න රටඉදි. මේවා තමයි මේක හදන්න ගන්න ප්‍රධානම දේ.

    හදලා බලන්නකෝ එහෙනම් ඔයාලත්.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment