About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Butter Cookies - බටර් කුකීස්

නිතරම ඔයාලට එක එක අලුත් කෑම ජාති හදන විදිහ කියලා දෙන චම්පා දුලාංජනී මිතුරිය ඔන්න ඔයාලට තව කෑමක් හදන…
Butter Cookies - බටර් කුකීස්
නිතරම ඔයාලට එක එක අලුත් කෑම ජාති හදන විදිහ කියලා දෙන චම්පා දුලාංජනී මිතුරිය ඔන්න ඔයාලට තව කෑමක් හදන විදිහ දැන් කියලා දෙන්නයි යන්නෙ. එයා දැන් හදන්නෙ "බටර් කුකීස්" හදාගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. බලන්නකෝ එහෙනම් අපේ මිතුරියගෙ වචන වලින්ම මේ විදිහට බටර් කුකීස් හදන්නේ කොහොමද කියලා...

"...අද මං කියල දෙන්න යන්නෙ බටර් කුකීස් හදන විදිහ. මේක මං සොයාගත්තේ ඉන්ටර්නෙට් එකෙන්. හවස තේ මේසෙට නම් නියමයි. හරි මෙන්න ඕන දේවල් ටික..." 


අවශ්‍ය දේවල්:
  • අල පිටි කෝප්ප 1
  • පාන් පිටි කෝප්ප 2/3
  • අයිසින් සීනි කෝප්ප 1/3
  • බටර් ස්ටික් 1 (ඇන්කර්, හයිලන්ඩ් නම් වඩාත් හොදයි)[බටර් ස්ටික් 1 = කෝප්ප 1/2ක් විතර]

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම පාන් පිටි ටික හොදට හලාගෙන පැත්තකින් තියාගන්න.
  • ඊට පස්සෙ බටර් ටිකට අයිසින් සීනි ටික දාගෙන හොදට දිය වෙනකම් කවලම් කරගන්න.
  • ඊට පස්සෙ ඒකටම දාගන්න අල පිටි ටික දාලා හොදට කවලම් කරගන්න.
  • පස්සෙ පාන් පිටි ටිකත් දාගෙන හොදට අනාගෙන ඩෝ එකක් හදාගන්න (පිටි ගුලියක්). ඩෝ එක අතේ නොඇලෙන පදමට හදාගන්න.
  • ඊට පස්සෙ ඩෝ එක ලෑල්ලක් උඩ වගේ තියාගෙන, ඒක හරි මදින් දෙකට කපාගෙන ලෑල්ල උඩ ඒ එක කෑල්ලක් තියාගෙන රෝල් කරගන්න (තේරුන මදි වගේනම් පින්තූර ටික බලන්නකෝ). ඒ විදිහට කෑලි දෙකම රෝල් කරගන්න ඕනෙ. ඊට පස්සෙ එකත් පොඩි පොඩි කෑලි වලට කපාගන්න.
  • ඊට පස්සෙ ඒ පොඩි කෑලි ටික අරගෙන චූටි චූටි බෝල හදාගෙන ඒ බෝල අතේ අල්ලෙන්ම පොඩියට බිස්කට් එකක් වගේ තුනී කරගෙන හදාගෙන ලෑල්ල උඩින් තියාගන්න.
  • අපි බිස්කට් එකට පොඩි හැඩයකුත් දෙමු නේද? හරි එහෙනම් ගන්නකො ගෑරුප්පුවක් දැන් අර හදාගත්තු බිස්කට් වල උඩන් ලාවට තියල තද කරගන්න.
  • හරි දැන් තියෙන්නෙ මේක බේක් කරගන්න. ඔයිල් පේපර් එකක් දාගත්තු තැටියකට මේ ටික ලස්සනට පරිස්සමට අතුරගන්න.
  • ඊලඟට 165C°/325F° උශ්නත්වයෙ විනාඩි 15 පුච්චගන්න. ඉවරයි! දැන් තියෙන්නෙ කන්න තමයි.

වැදගත්:
  • අල පිටි කියන්නෙ මොනවාද කියලා සමහරවිට ඔයාලට ගැටලුවක් ඇති නේද? සුපර් මාකට් වලට තියෙනවා "Potato Starch" කියලා පාන් පිටි වගෙ පිටි එකක්. ලොකු ගනක් වෙන්නෙ නෑ.

පොටෝ ටිකත් බලන්නකෝ..
බටර් ස්ටික් එකක් කියන්නෙ මෙන්න මේ වගේ එකක්. මේවගේ ඒවා කඩේ ගන්න තියෙනවා.

 මේ තියෙන්නෙ අල පිටි. මේ වර්ග වලින් නම් ලංකාවේ ගන්න නැති වෙයි. එත් එක එක වෙලද නාම යටතේ "අල පිටි" වර්ග ලංකාවෙත් ගන්න තියෙනවා.

 මේ බටර් ටිකට අයිසින් සීනි ටික දාගෙන හොදට දිය වෙනකම් කවලම් කරගෙන.

 ඊට පස්සෙ ඒකට අල පිටියි පාන් පිටියි දාගෙන හොදට අනාගෙන ඩෝ එකක් හදාගෙන. ඒ කිව්වෙ පිටි ගුලියක් හදාගෙන.

 ඊට පස්සෙ ඒ ඩෝ එක දෙකට කපාගෙන, ලෑල්ල උඩ ඒ එක කෑල්ලක් තියාගෙන රෝල් කරගන්න ඕනෙ මේ වගේ. ඒ විදිහට කෑලි දෙකම වෙන වෙනම රෝල් කරගන්න ඕනෙ.

 ඊට පස්සෙ එකත් පොඩි පොඩි කෑලි වලට කපාගන්න.

 ඊට පස්සෙ ඒ පොඩි කෑලි ටික අරගෙන චූටි චූටි බෝල හදාගෙන ඒ බෝල අතේ අල්ලෙන්ම පොඩියට බිස්කට් එකක් වගේ තුනී කරගෙන ලෑල්ල උඩින් තියාගන්න.

 ගෑරුප්පුවක් අරගෙන මෙන්න මේ වගේ බිස්කට් උඩින් චුට්ටක් තද කරලා බිස්කට් වලට පොඩි හැඩයක් දෙන්න පුලුවන් ඔයාලට.

 දැන් තියෙන්නෙ බේක් කරගන්න. ඔයිල් පේපර් එකක් දාගත්තු තැටියකට මේ ටික ලස්සනට පරිස්සමට අතුරගෙන 165C°/325F° උශ්නත්වයෙn විනාඩි 15 බේක් කරගන්න.

 ඔන්න බේක් කරගෙන ඉවරයි. ලස්සනයි නේද? මේ කුකීස් බේක් කරාට පස්සෙ පාට දුඹුරු පාටට එහෙම වෙනස් වෙන්නෙ නෑ. ක්‍රීම් පාටයි බේක් කරාට පස්සෙත්. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.












ලිපිය ලිව්වේ චම්පා දුලාංජනී මිතුරිය. ඇයට බොහොම ස්තූතියි නේද අපිට මේ විදිහට "බටර් කුකීස්" හදාගන්න විදිහ කියලා දුන්නට? බොහොම ස්තූතියි චම්පා මිතුරියට!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment