About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mexican Rice - මෙක්සිකන් රයිස්

දැන් ඔන්න කියලා දෙන්න යන්නෙ නිර්මාංශී ඔබට පහසුවෙන් සකස ගන්න පුළුවන් රසවත් "මෙක්සිකන් බත්"…
Mexican Rice - මෙක්සිකන් රයිස්
දැන් ඔන්න කියලා දෙන්න යන්නෙ නිර්මාංශී ඔබට පහසුවෙන් සකස ගන්න පුළුවන් රසවත් "මෙක්සිකන් බත්" එකක් හදාගන්නේ කොහොමද කියලා.. මේ රයිස් එක ගෙදරට අමුත්තෙක් ආවහම එහෙම පිළිගන්වන්න පුලුවන් විශේෂ රයිස් එකක්. කොහොම උනත් කාට පිළිගන්වන්නත් කලින් එක පාරක් හරි කලින් හදලා රස බලලා ඉන්න. එක එක අය කැමති එක එක රසයන් වලටනේ. ඉතින් මේ බත් එකේ රස ඔයාලට ගැලපුනේ නැත්නම් එදාට අමුත්තාට බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ. ඒ කොහොම උනත් වැඩ එක දෙක වෙලා තමයි නවතින්නෙ. හැමදාම හදන කහ බතට එලවළු බතට වඩා වෙනස් රසයක් තියෙන්නෙ මේ බත් එකේ. හතු බැදුමක්, එලවලු සලාදයක්, අන්නසි කරියක් වගේ දෙයක් එක්ක මේ බත අපූරුවට ගැලපෙනවා. ඒ වගේම කියන්න ඕනෙ මේ බතට අපි කෘතීම රසකාරක, වර්ණකාරක හෝ කිසිම සෝස් වර්ගයක් පාවිච්චි කරන්නේ නෑ.

අවශ්‍ය දේවල්:
  • සෝදා දිය බේරාගත් හාල් කප් 4
  • කපාගත් තක්කලි ගෙඩි 4
  • කපාගත් රතු පාට බෙල් පෙපර් 2
  • හීනියට ගා ගත්ත කැරට් ගෙඩි 4 (සාමන්‍ය ප්‍රමාණයේ)
  • කපාගත් ලූනු ගෙඩි 2ක්
  • වියලි මිරිස් කරල් 4
  • තලාගත් සුදු ලූනු බික් 8
  • තෙල් හෝ බටර්
  • එලවලු තම්බා ගත් වතුර අවශ්‍ය පමණ
  • ලුණු

සාදාගන්නා ආකාරය:
  • තෙල් හෝ බටර් රත් වෙන්න තබා එයට බෙල් පෙපර්, සුදු ලූනු, තක්කලි සහ වියලි මිරිස් එක් කර මිශ්‍ර කරගන්න.
  • මෙම මිශ්‍රණය නිවෙන්නට හැර බ්ලෙන්ඩරයක දමා අඹරාගන්න.
  • වෙනම බඳුනක බටර් ටිකක් රත් වෙන්න තබා එයට ලූනු එක් කර රන්වන් පැහැ වන තෙක් බැද එයට සහල් එක් කර තෙම්පරාදු කරගන්න.
  • අඹරාගත් මිශ්‍රණය සහල් වලට එක් කර එයට කැරට් සහ එලවලු තම්බාගත් වතුර එක් කර අවශ්‍ය පමණට ලුණු එක් කර බත් පිසගන්න. එච්චරයි! වැඩේ ඉවරයි.
     ගොඩක් අයටනම් මේ මොනවාද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද? ඉවුම් පිහුම් ඇප් එකේ තියෙන ගොඩක් කෑම වලට අපි මේවා පාවිච්චි කරලා තියෙනවානෙ. මේ තියෙන්නෙ බෙල් පෙපර්. මේවා සුපර් මාකට් වල එහෙම ගන්න තියෙනවා. 
       හදලා බලන්නකෝ එහෙනම් ඔයාලත්.













      මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ aniwa.lk වෙබ් අඩවියෙන්.
      wikitech.xyz
      wikitech.xyz

      Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

      Article Tag
      Newer Posts
      Older Posts
      Comment