About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mushroom Curry - හතු කරි

අරුණි මිතුරිය තමයි මේ ලිපිය ලියන්නෙ. එයා අපිට මීට කලිනුත් ගොඩක් දේවල් හදන විදිහ කියලා දුන්නා මතකයි …
Mushroom Curry - හතු කරි
අරුණි මිතුරිය තමයි මේ ලිපිය ලියන්නෙ. එයා අපිට මීට කලිනුත් ගොඩක් දේවල් හදන විදිහ කියලා දුන්නා මතකයි නේද? ඉතින් අද අපිට එයා කියලා දෙන්න යන්නෙ එයා "හතු කරියක්" හදන්නේ කොහොමද කියලා.. හරිම ලේසියි හදන්න නම්. එයා කියන විදිහට නම් තෙල් ගොඩක් නොදා තමයි මේක හදන්න ඕනෙ. බලන්නකෝ එහෙනම් අරුණි මිතුරියගේ වචන වලින්ම මේ කරිය හදාගන්නේ කොහොමද කියලා..

"...තෙල් අඩු වෙන තරමට, රසය වැඩියි! හතු ටික සම්පූර්ණයෙන්ම තෙල් වලින්ම තෙම්පරාදු කරගන්න හදන්න එපා, තාච්චියේ නිකන් එහා මෙහා කරලා තාච්චියේ රස්නෙනුත් තෙම්පරාදු කරගන්න බලන්න. මම හිතන්නෙ මේකට කියන්න ඕන හරිම වචනෙ "තෙම්පරාදු කරගන්නවා" කියලා නෙමේ, "රෝස්ට් කරගන්නවා" කියලා තමයි කියන්න ඕනෙ..."


අවශ්‍ය දේවල්:
  • හතු පැකට් එකක් (200g)
  • ලොකු ළූණු ගෙඩියක්
  • අමු මිරිස් කරල් දෙකක්
  • සුදු ළූණු බික් තුනක්
  • කරපිංචා කොල අහුරක්
  • මිරිස් කුඩු තේ හැන්දක්
  • ලුණු කුඩු ‍රස අනුව
  • උණු වතුර කෝප්ප තුනක්
  • පොඩි තක්කාලි ගෙඩියක්
  • පොල් තෙල් මේස හැදි තුනක්

සාදාගන්නා ආකාරය:
  • හතු ටික අරගෙන අතින් හීනියට තීරුවලට ඉරාගන්න. කැමති නම් ඉතින් තීරුවලට කපාගන්නත් පුළුවන්.
  • ඊට පස්සේ හතු ටික හොඳට හෝදලා වතුර බේරගන්න.
  • දැන් ලුණු ටිකක් එකතු කරලා, උණුම උණු වතුර හතු ටික වැහෙන්න දාලා විනාඩි 15 ක් වහලා තියන්න.
  • ඒ අතරේ සුදු ළූණු, ලොකු ළූණු, අමු මිරිස්, තක්කාලි පොඩියට කපාගන්න.දැන් උණු වතුර ටික පෙරලා හතු ටික තෙත අයින් වෙනකන් හොඳට මිරිකන්න.
  • තාච්චියට තෙල් මේස හැදි දෙකක් දාලා තෙත අයින් වුනු හතු ටික දාලා විනාඩියක් 20 ක් විතර හැදි ගාමින් බැදගන්න.
  • හතු ටික බැදිලා පාට වෙනස් වෙනකොට තාච්චියේ කොනකට හතුටික අයින් කරලා ඉතුරු තෙල් මේස හැන්ද එකතු කරගන්න. කැමති නම් හතුටික වෙනම භාජනයකට අයින් කරලා ඉතුරු තෙල් දාගන්නත් පුළුවන්.
  • දැන් අළුත් තෙල් ටිකෙන් සුදු ළූණු, ලොකු ළූණු, කරපිංචා යන්තම් තෙම්පරාදු කරගන්න.
  • හතුත් කලවම් කරලා, අමු මිරිස්, තක්කාලි එකතු කරගෙන විනාඩියකට විතර පස්සේ මිරිස් කුඩු හා රස අනුව ලුණු එකතු කරන්න.
  • විනාඩි 5 ක් විතර කලවම් කරලා ලිපෙන් බාලා මේසෙට යවන්න.

වැදගත්:
  • තෙල් පුළුවන් තරම් අඩුවෙන් දාලා මේ කරි එක හදන්න උත්සාහ කරන්න. හතු බදිනකොට තෙල් ගොඩාරියක් දාන්න එපා. එතකොට හතු එකට වියළි ගතියක් එන්නේ නැහැ. තෙතට තෙල් පෙගිලා වගේ නම් හදන්න එපා.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ අරගත්ත හතු ටිකයි, ඒ ටික තීරුවලට ඉරාගත්තට පස්සෙයි.

හතු ටික හොඳට හෝදලා වතුර බේරගත්තට පස්සෙ මේ වගේ ලුණු ටිකක් එකතු කරගන්න. ඊට පස්සෙ උණු වතුර ටික දා ගන්න ඕනෙ.

මේ උණු වතුර ටික දා ගෙන හතු ටික වැහෙන්න. උණුම උණු වතුර දාගන්න. දැන් මේක විනාඩි 15 ක් වහලා තියන්න ඕනෙ.

 ඒ අතරේ සුදු ළූණු, ලොකු ළූණු, අමු මිරිස්, තක්කාලි ටික පොඩියට කපාගන්න.

 දැන් උණු වතුර ටික පෙරලා, හතු ටික තෙත අයින් වෙනකන් හොඳට මිරිකගන්න.

 මේ තාච්චියට තෙල් මේස හැදි දෙකක් දාගෙන රත් වෙන්න තියලා.

 ඒකට තෙත අයින් වුනු හතු ටික දාලා විනාඩියක් 20 ක් විතර හැදි ගාමින් බැදගන්න.

 හතු ටික බැදිලා පාට වෙනස් වෙනකොට තාච්චියේ කොනකට හතුටික අයින් කරලා ඉතුරු තෙල් මේස හැන්ද එකතු කරගන්න. දැන් අළුත් තෙල් ටිකෙන් සුදු ළූණු, ලොකු ළූණු, කරපිංචා යන්තම් තෙම්පරාදු කරගන්න.

 හතුත් කලවම් කරලා, අමු මිරිස් , තක්කාලි එකතු කරගෙන විනාඩියකට විතර පස්සේ මිරිස් කුඩු හා රස අනුව ලුණු එකතු කරන්න.

 මිරිස් කුඩුයි ලුණුයි දා ගත්තට පස්සෙ විනාඩි 5 ක් විතර කලවම් කරගෙන ලිපෙන් බාගන්න.

 ඔන්න වැඩ ඔක්කොම ඉවරයි! දැන් ඉතින් කෑම මේසෙට යවන්න තමයි තියෙන්නෙ.














ලිපිය ලිව්වේ A. O. P. ගාල්ලගේ මිතුරිය. වෘත්තියෙන් ඇය වෛද්‍යතුමියක්. මතකයි නේද එයා අපිට මීට කලිනුත් ගොඩක් කෑම ජාති හදන විදිහ කියලා දුන්නා? ඇයට බොහොම ස්තූතියි අපිට මේ විදිහට "මිශ්‍ර කහ බතක්" හදන විදිහ කියලා දුන්නාට නේද? බොහොම ස්තූතියි අරුණි! තවත් දවසක ඇයගේ ලිපියකින් ඇයව හමු වෙමුකෝ එහෙනම්..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment