About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Crema Catalana - ක්‍රෙමා කටලානා

ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න යන්නෙ "Crema Catalana" කියලා ස්පඤ්ඤ ජාතිකයන් අතර ගොඩක් ජනප්‍ර…
Crema Catalana - ක්‍රෙමා කටලානා
ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න යන්නෙ "Crema Catalana" කියලා ස්පඤ්ඤ ජාතිකයන් අතර ගොඩක් ජනප්‍රිය රසම රස අතුරුපසක් හදාගන්න විදිහ.. මේක හදන්න හරිම ලේසියි වගේම ටිකක් අමුතුම රසයක් ගෙන දෙන අතුරුපසක්. ඔයාලට චුට්ටක් අමාරු වුනොත් අමාරු වෙන්නෙ පුඩිම උඩින් දාන සීනි ටික කෑරමල් වන තෙක් පුළුස්සා ගන්න එක විතරයි. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..
 

අවශ්‍ය දේවල්:
මුලින්ම අපිට මේ දේවල් ටික ඕනෙ,
  • බිත්තර කහ මද 08 යි
  • අඹරාගත් සීනි ග්‍රෑම් 220 යි (කෝප්ප 01 යි. සීනි ටික සියුම් වෙන්න බ්ලෙන්ඩර් එකට දාලා අඹරාගන්න.)
  • සම්පුර්ණ යොදය සහිත කිරි ලීටර් 1.125 යි (කෝප්ප 4 ½ යි)
  • ගාගත් ලේමන් සහ කහ දොඩම් පොතු මේස හැඳි 03 යි
  • තරමක ලොකු කුරුඳු කැබැලී 01 යි
  • කොන් පිටි ග්‍රෑම් 75 යි (කෝප්ප ½ යි)
  • වැනිල තේ හැඳි 01 යි
  • බිරියානි මල් (Star Anise) 01 යි

තව අපිට ඕනෙ,
  • උඩින් ඉසීම සදහා අඹරාගත් සීනි ග්‍රෑම් 75 (කෝප්ප ½ යි)

සාදාගන්නා ආකාරය:
  • සම්පුර්ණ යොදය සහිත කිරි, කුරුදු කැබැල්ල, ගාගත් ලේමන් සහ කහ දොඩම් පොතු හා බිරියානි මල තරමක විශාල භාජනයක එකතු කොට මද ගින්දරේ පෙණ නගිමින් උතුරන තෙක් උණුසුම් කරගන්න. ඉන්පසු ළිප නිවා හොඳින් සිසිල් වීමට සලස්වන්න.
  • සීනි සහ බිත්තර කහ මද ක්‍රීම් වනතුරු හොඳින් බිට් කරගන්න.
  • කලින් සිසිල් වීමට තැබූ කිරි ටික සිසිල් වූ පසු කිරි ටික පෙරාගෙන බිත්තර මිශ්‍රණයට එකතු කරන්න. කිරි ටිකක් වෙනම වෙන් කර ගන්න. මිශ්‍රණය බිට් කරමින් කිරි ටික ටික එකතු කර ගන්න. හොඳින් බිට් කරන්න.
  • එම අතර වාරයේ ඉතිරි කරගත් කිරි හා කොන් පිටි කැට නොසිටින ලෙස දිය කර බිට් වෙන මිශ්‍රණයට එකතු කොට හොඳින් බිටි කර ගන්න.
  • තරමක කට පළල් භාජනයකට එම මිශ්‍රණය එකතු කොට ලිප මත තබා අඩු ගින්දරෙ මිශ්‍රණය ඝණකම් වනතෙක් හැඳි ගාමින් මිශ්‍ර කරන්න.
  • ඝණකම් වූ මිශ්‍රණය, අවන් එකක තැබිය හැකි කට පළල් භාජනයකට දමා ශීතකරණයේ අවම වශයෙන් පැය 6ක් තබන්න.
  • පිළිගන්වන විට ඉතිරි සීනි ටික පුඩිම උඩින් අතුරා, පුඩිම අවන් එකට දමා වැඩි උෂ්ණත්වයක් (250°C පමණ) යටතේ සීනි කෑරමල් වන තෙක් විනාඩි කිහිපයක් බේක් කරගන්න. (අවන් එකේ ඉහළ කොටස පමණක් උණුසුම් කරගන්න). එච්චරයි! වැඩේ ඉවරයි.

පොටෝ ටිකත් බලන්නකෝ.. (අන්තරජාලයෙන් ලබාගත්තේ පොටෝ ටික නම්)
 මේ තියෙන්නෙ බිරියානි මල් (Star Anise). මේවා ලංකාවේ ගන්න තියෙනවා.

 මේ කිරි, කුරුදු, ලේමන් සහ දොඩම් පොතු, බිරියානි මල එකට දාගෙන ලිපේ තියාගෙන.

 සීනි සහ බිත්තර කහ මද ක්‍රීම් වනතුරු හොඳට බිට් කරගන්න ඕනෙ.

මේ රත් කගෙන සිසිල් වීමට තැබූ කිරි මිශ්‍රණය පෙරාගෙන බිත්තර මිශ්‍රණයට එකතු කරගන්න ගමන්.

මේ ඒකට කොන් පිටි මිශ්‍රණය එකතු කරගෙන බීට කරගත්තට පස්සෙ ලිපේ තියලා. දැන් මිශ්‍රණය ඝණ වෙනකන් එක දිගට හැදි ගා ගන්න ඕනෙ.

මිශ්‍රණය ඝණකම් වුනාට පස්සෙ අවන් වල දාන්න පුලුවන් භාජන වලට මිශ්‍රණය දා ගන්න ඕනෙ.

ඊට පස්සෙ ෆ්‍රිජ් එකේ තියන්න.

වැඩේ ඉවරයි. දැන් තියෙන්නෙ පිළිගන්වන කොට සීනි ටිකක් පුඩිම උඩින් ඉහගෙන, පුඩිම අවන් එකට දාලා උඩින් දාපු සීනි ටික කැරමල් කරගන්න එක.

ස්පඤ්ඤ ජාතිකයො නම් මේ පුඩිම උඩින් දා ගන්න සීනි ටික කැරමල් කරගන්න එක එක ක්‍රම පාවිච්චි කරනවා. අපිට නම් මේ විදිහට කරන්න බඩු හොයාගන්න අමාරුයි.

මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත පුඩිම අන්තිමට. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.













මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ panthakamaisonette.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment