About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bread Pudding - හුමාලයෙන් තම්බාගෙන පාන් පුඩිමක් හදමු..

ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එක බලන අපේ සුපුරුදු මිතුරිය චම්පා දුලාංජනී, ඔන්න ඔයාලට ආයෙමත් රසම රස කෑ…
Bread Pudding - හුමාලයෙන් තම්බාගෙන පාන් පුඩිමක් හදමු..
ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එක බලන අපේ සුපුරුදු මිතුරිය චම්පා දුලාංජනී, ඔන්න ඔයාලට ආයෙමත් රසම රස කෑමක් හදන විදිහ අරගෙන ඇවිල්ලා. එයා මේ පාර කියලා දෙන්න යන්නෙ "පාන් වලින් පුඩිමක්" හදාගන්න විදිහ. අවන් ඒකක් ගෙදර නැති ඉවුම් පිහුම් ඇප් එක බලන කට්ටියට නම් ඔන්න සුභ ආරන්චියක්! මේ පුඩිම හුමාලයෙන්(Steam) තම්බාගෙන හදන පුඩිමක්. අවන් එකක් ඕනෙ නෑ මේක හදන්න. ඒ වුනාට මේ ලිපියේ පුඩිම හුමාලයෙන් තම්බා ගන්නේ කොහොමද කියන කරුණු එහෙම ඇතුලත් කරලා නම් නෑ. ඒක හින්දා ඔයාලා මේ පුඩින් එක හදන්න කලින් ඉවුම් පිහුම් ඇප් එකේ තියෙන හුමාලයෙන් තම්බාගෙන හදන අනිත් පුඩින් වර්ග ගැන තියෙන ලිපිත් පොඩ්ඩක් කියවලාම වැඩේට බහින්න. බලන්නකෝ එහෙනම් අපේ මිතුරියගෙ වචන වලින්ම මේ පුඩිම හදන්නේ කොහොමද කියලා...

"...පාන් වලින් පුඩින් හදන විදි කීපයකම ඇප් එකේ තියෙනව. ඒ උනාට පොඩ්ඩක් නිකන් මේකත් උත්සහ කරල බලන්නකෝ... හරි ඔන්න එහෙනම් හදන්න ඕන දේවල් ටිකයි. හදන විදිහයි."


අවශ්‍ය දේවල්:
  • පාන් පෙති 10-12
  • දිය කරගත් බටර් මේස හැදි 5
  • බිත්තර 3
  • කිරි 250ml
  • සීනි කෝප්ප 1
  • වියලි මිදි කෝප්ප 1/4
  • කජු 1/4 (කැමති නම් ටිකක් වැඩියෙන් ගත්තත් කමක් නෑ)
  • සාදික්කා කුඩු මේස හැදි 1/4
  • වැනිලා තේ හැදි 1

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම පාන් වල වාටි අයින් කරගන්න.
  • ඊට පස්සෙ ටිකක් ලොකු බෝල් එකක් වගෙ එකක් (භාජනයක්) අරගෙන ඒකට ඒ ටික දමා ගෙන අතින් හොදට පොඩි කෑලි වෙන්න පොඩි කරගන්න.
  • ඊට පස්සෙ එකට දිය කරගත් බටර්, කිරි, බිත්තර, සීනි, සාදික්කා කුඩු පිලිවෙලට එකතු කරගන්න.(අත් දෙක හොදට පිරිසිදු නම් අතින් කවලම් කරාට කමක් නෑ)
  • ඒ හැමදේම දාලා හොදට කවලම් කරගත්තට පස්සෙ වැනිල ටිකත් එකතු කරගන්න.
  • ඊට පස්සෙ බටර් ගා ගත්තු තැටියකට ඒ මිශ්‍රණයට දාගන්න. කැමතිනම් මිශ්‍රණයට උඩින් කජු, වියලි මිදි එහෙම දාගන්නත් පුලුවන් ඔයාලට.
  • ඊලගට විනාඩි 30-45 වගේ වාශ්පයෙන් තම්බගන්න. වැඩේ ඉවරයි. එච්චරයි! පුඩින් එක තැම්බුණාට පස්සෙ ඔයාලට කෑමට ගන්න පුලුවන්..

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ පාන් වල වාටි අයින් කරන් පොඩියට කපාගත්ත පාන්.

පාන් ටික මේ වගේ හොදට පොඩි කරගන්න ඕනෙ.

මේ පුඩින් මිශ්‍රණය හදාගෙන යන ගමන් (තාම කිරි ටික නම් මේකට දා ගෙන නෑ)

කැමතිනම් කජු ටිකත් මිශ්‍රණයටම දා ගන්න පුලුවන්.

 මේ ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත පුඩින් මිශ්‍රණය.

 තැටියක් ඇරගෙන ඒක මේ වගේ බටර් ගා ගෙන සූදානම් කරගන්න.

 ඊට පස්සෙ ඒකට පුඩින් මිශ්‍රණය දා ගෙන කැමතිනම් මිශ්‍රණයට උඩින් කජු, වියලි මිදි දාගන්න. ඊට පස්සෙ තැම්බෙන්න තියාගන්න.

මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත අපේ පුඩින් එක තැම්බුණාට පස්සෙ. දැන් ඉතින් ඔයාලට කෑමට ගන්න පුලුවන්.














ලිපිය ලිව්වේ චම්පා දුලාංජනී මිතුරිය. ඇයට බොහොම ස්තූතියි නේද අපිට මේ විදිහට පාන් වලින් රසම රස පුඩිමක් හදන විදිහ කියලා දුන්නට? බොහොම ස්තූතියි චම්පා මිතුරියට!!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment