About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mixed Yellow Rice - මිශ්‍ර කහ බත්

ඔයාලා වගේම "ඉවුම් පිහුම්" ඇප් එක බලන අපේ අරුණි මිතුරිය, ඔන්න ඔයාලට කියලා දෙන්න කියලා එයා …
Mixed Yellow Rice - මිශ්‍ර කහ බත්
ඔයාලා වගේම "ඉවුම් පිහුම්" ඇප් එක බලන අපේ අරුණි මිතුරිය, ඔන්න ඔයාලට කියලා දෙන්න කියලා එයා "මිශ්‍ර කහ බත්" හදන්නේ කොහොමද කියලා අපිට එවලා තිබුණා.. මේක හදනකොටනම් ඔයාලට ඔම්ලට්, චිකන් වෙනුවට වෙන මස් ජාතියක්, සොසෙජස් එහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. මේ බත් එක උයාලා තියෙන්නෙ එයා දෙදෙනෙකුට ඇතිවෙන්න. බත් එක තවත් රසවත් කරගන්න ඕනෙනම් ඔයාලට බත් එක උයනකොට වතුර වෙනුවට උකු පොල් කිරි පාවිච්චි කරන්න පුලුවන්. බත් එක උයාගන්න නම් පොඩ්ඩක් වත් අමරු නෑ, හරිම ලේසියි මේ බත් එක හදන්න. බලන්නකෝ එහෙනම් අරුණි මිතුරියගේ වචන වලින්ම මේ බත් එක උයාගන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • හාල් කෝප්ප 2 ක් (කීරි සම්බා, බාස්මතී වගේ හාල් වර්ග ගැලපෙනවා) [කෝප්ප 2 = රයිස් කුකර් එකේ තියෙන පොඩි කප් එක]
  • චිකන් (කුකුල් මස්) ග්‍රෑම් 100 ක්
  • බිත්තර දෙකක්
  • අමු මිරිස් කරලක්
  • තක්කාලි ගෙඩියක්
  • ලොකු ළූණු ගෙඩියක්
  • රතු ළූණු ගෙඩි 3-4 ක්
  • සුදු ළූණු බික් 3-4 ක්
  • කරදමුංගු ටිකක්
  • කරාඹු නැටි 2-3 ක්
  • බටර් මේස හැදි 3 ක්
  • උකු පොල් කිරි කෝප්ප බාගයක් (කැමති නම් විතරක්)
  • කහ කුඩු තේ හැදි බාගයක්
  • ලුණු රස පදමට
  • ගම්මිරිස් පිංචක්

සාදාගන්නා ආකාරය:

  • හාල් ටික හොඳට හෝදලා වතුර බේරෙන්න තියන්න.
  • චිකන් ටික කපලා, හොඳට හෝදලා, චිකන් ටික වැහෙන්න වතුර දාලා ලුණු ටිකක් දාලා වහලා මද ගින්නේ ලිපේ තියලා විනාඩි 20 ක් විතර තම්බ ගන්න.
  • චිකන් තම්බපු වතුර (චිකන් ස්ටොක් එක) පෙරලා වෙන් කරගන්න.
  • චිකන් කෑලි ටික පොඩි කොටු වලට කපා ගන්න.
  • බිත්තර දෙකට චූටියට කපපු අමු මිරිස්, ලුණු චුට්ටක්, ගම්මිරිස් පිංචක් දාලා ඔම්ලට් එකක් හදා ගන්න.
  • ඔම්ලට් එක ලිපෙන් බාලා පොඩි කොටු වලට කපාගන්න.
  • දැන් සුදුසු භාජනයක් ලිපේ තියලා ඒකට බටර් ටික දාන්න.
  • බටර් දියවුනාම පොඩියට කපපු සුදු ළූණු, රතු ළූණු, ලොකු ළූණු, තක්කාලි දාලා තෙම්පරාදු කරගන්න.
  • ඒකටම කරදමුංගු, කරඹුනැටි, ලුණු, කහ එකතු කරන්න.
  • පෙරාගත්ත හාල් ටිකත් දාලා විනාඩි 5 ක් විතර කලවම් කරන්න.
  • දැන් ඒකටම චිකන් තම්බපු වතුර ටික දාලා විනාඩි 5 ක් කලවම් කරගෙන ලිපෙන් බාගන්න.
  • දැන් ලිපෙන් බාගත්ත හාල් සහිත මිශ්‍රණය රයිස් කුකර් එකට දාන්න.
  • රයිස් කුකර් එකේ තියෙන හාල් එකට තම්බපු කුකුල් මස්, ඔම්ලට් ඔක්කෝම ටික දාන්න.
  • බතට තැම්බෙන්න චිකන් ස්ටොක් මදි නම් වතුර ටිකක් හෝ උකු පොල් කිරි ටිකක් දාගන්න පුළුවන්.
  • දැන් සාමාන්‍ය විදිහටම රයිස් කුකර් එකේ බත උයාගන්න.
  • බත හැදුනාට පස්සේ උණුවෙන්ම මේසෙට යවන්න.

වැදගත්:
  • මේක ඉක්මනින් හදන්න පුළුවන් පහසුම බත් එකක්. යන්නේ විනාඩි 30- 45 ක් විතරයි.
  • බටර් වෙනුවට ඕනෙනම් මාගරින් දාන්නත් පුළුවන්. හැබැයි එතකොට නියම රස එන්නේ නැහැ. ගිතෙල් නම් පාවිච්චි කරන්න පුලුවන් රසේ වෙනසක් වෙන්නේ නැතුවම.
  • රතු ළූණු නොදාත් බත හදන්න පුළුවන්. කාටවත් වෙනසක් දැනෙන එකක් නැහැ.
  • ඔම්ලට් එකට චීස් ටිකක් එකතු කරලා හදාගෙන බත් එකට දාන්න කැමති නම්.
  • ඔම්ලට්, චිකන් වෙනුවට වෙන මස් ජාතියක්, සොසෙජස් එහෙමත් පාවිච්චි කරන්න පුළුවන්.
  • හාල් කෝප්ප දෙකකින් (රයිස් කුකර් එකේ තියෙන පොඩි කප් එක) හදන ප්‍රමාණය දෙන්නෙකුට ඇති. කැමති විදිහට ප්‍රමාණය වැඩි කරගන්න.
  • වතුර වෙනුවට උකු පොල් කිරි දැම්මොත් බත් එක ටිකක් බරයි. හැබැයි වැඩිපුර රසයි.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තියෙන්නෙ හාල් ටික හොඳට හෝදලා වතුර බේරෙන්න තියාගෙන.

 මේ තියෙන්නෙ කපාගත්ත තක්කාලි, අමු මිරිස් කරලක්, ලොකු ළූණු සහ සුදු ළූණු.

 මේ කපාගත්ත රතු ළූණු.

 මේ අරගත්ත කරදමුංගු සහ කරාඹු නැටි.

 මේ බටර්.

 චිකන් ටික කපලා, හොඳට හෝදලා, වතුර දාලා මේ වගේ තම්බා ගන්න.

 අමු මිරිස්, ලුණු, ගම්මිරිස් දාලා හදාගත්ත ඔම්ලට් එක ලිපෙන් බාලා පොඩි කොටු වලට කපාගන්න.

 භාජනයක් ලිපේ තියලා ඒකට බටර් ටික දාගෙන දිය කරගන්න.

 බටර් දියවුනාම පොඩියට කපපු සුදු ළූණු, රතු ළූණු, ලොකු ළූණු, තක්කාලි දාලා තෙම්පරාදු කරගන්න මේ වගේ.

 ඒකටම මේ වගේ කරදමුංගු, කරඹුනැටි, ලුණු, කහ එකතු කරන්න ඕනෙ.

ඊට පස්සෙ ඒකට පෙරාගත්ත හාල් ටික දාලා කලවම් කරගන්න ඕනෙ.

 ඊට පස්සෙ ඒකටම චිකන් තම්බපු වතුර ටික දාලා කලවම් කරගෙන ලිපෙන් බාගන්න.

 හාල් සහිත මිශ්‍රණය රයිස් කුකර් එකට දාගත්තට පස්සෙ ඒකට තම්බපු කුකුල් මස්, ඔම්ලට් ඔක්කෝම ටික දා ගන්න ඕනෙ.

බතට තැම්බෙන්න චිකන් ස්ටොක් මදි නම් වතුර ටිකක් හෝ උකු පොල් කිරි ටිකක් දාගන්න පුළුවන්. ඊට පස්සෙ සාමාන්‍ය විදිහටම රයිස් කුකර් එකේ බත උයාගන්න ඕනෙ.

මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත බත් එක අන්තිමට. දැන් ඉතින් උණුවෙන්ම මේසෙට යවන්න තමයි තියෙන්නෙ. හදලා බලන්නකෝ එහෙනම් ඔයාලත්.













ලිපිය ලිව්වේ A. O. P. ගාල්ලගේ මිතුරිය. වෘත්තියෙන් ඇය වෛද්‍යතුමියක්. මතකයි නේද එයා අපිට මීට කලිනුත් ගොඩක් කෑම ජාති හදන විදිහ කියලා දුන්නා? ඇයට බොහොම ස්තූතියි අපිට මේ විදිහට "මිශ්‍ර කහ බතක්" හදන විදිහ කියලා දුන්නාට නේද? බොහොම ස්තූතියි අරුණි! තවත් දවසක ඇයගේ ලිපියකින් ඇයව හමු වෙමුකෝ එහෙනම්..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment