About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Shrimp Fried Rice - ලංකාවේ අපේ ක්‍රමයට ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් හදන්නේ මෙහෙමයි

දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ රසම රස බත් වර්ගයක් හදාගන්න විදිහ. මේක ලංකාවේ අපේ ක්‍රමයට හදන ඉස්සෝ ෆ්…
Shrimp Fried Rice - ලංකාවේ අපේ ක්‍රමයට ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් හදන්නේ මෙහෙමයි
දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ රසම රස බත් වර්ගයක් හදාගන්න විදිහ. මේක ලංකාවේ අපේ ක්‍රමයට හදන ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒ වගේම විනාඩි 30 කින් වග හදලා ඉවර කරන්නත් පුලුවන් මේක.

ඉස්සො වෙනුවට ඔයාලා කැමති ඕනෑම මුහුදු ආහාර හෝ මස් වර්ගයක් හෝ කිහිපයක් ඔයාලට යොදාගන්න පුළුවන් මේකට. කිසිම ආකාරයක රසකාරක වර්ග හෝ සෝස් වර්ග පාවිච්චි කරලා නැති හින්දා මේක රසින් වගේම ගුණිනුත් අඩුවක් නැති ආහාරයක්. ඒ හින්දම රෙසිපි එකනෙ මොනවත් අඩු කරන්නේ නැතුව මේකම පොඩ්ඩන්ටත් හදලා දෙන්න පුලුවන්.

මෙහිදීත් අනෙක් බත් වර්ග සාදන විටදී වගේම, බත් කලින් පිසගෙන සිසිල්වී තිබිය යුතුයි. මේ සඳහා ඕනෑම බත් වර්ගයක් යොදාගන්න ඔයාලට පුළුවන්. දහවල් හෝ උදෑසන ආහාරයෙන් ඉතිරි වූ බත් යොදාගෙනත් ඔබට බොහොම පහසුවෙන් මෙය පිළියෙල කරගන්න පුළුවන්.

අවශ්‍ය දේවල්: (දෙදෙනෙකුට පිළිගැන්වීමට)
  • බත් කප් 2 (පමණට ලුණු දමා තම්බාගත්)
  • ඉස්සන් 200g (පිරිසිදු කර ලුණු සහ ගම්මිරිස් තැවරූ)
  • කැරට් කප් 1 (සිහින්ව දිගට කූරු කපාගත්)
  • ලීක්ස් කප් 1/2 (රවුමට කපාගත්)
  • සුදුළුුනු මේස හැන්දක් (තලාගත්)
  • ලූනු කප් 1/4 (පෙති කපාගත්)
  • බිත්තර 1 (බීට් කරගත්)
  • ලුණු තේ හැන්දක්
  • ගම්මිරිස් තේ හැඳි 1/2
  • කෑලි මිරිස් හැන්දක්
  • තෙල් කප් 1/4

සාදාගන්නා ආකාරය:
  • සාස්පානක් (පෑන් එකක්) ලිප තබා තෙල් එක්කරන්න.
  • එයට ඉස්සන් එකතු කර හොඳින් දෙපසම බැදගන්න.
  • බැදුනු ඉස්සන් පිඟානකට ඉවත් කරගන්න.
  • නැවත්තන් එම සාස්පානම ලිප තබා, එයට සුදුළුුනු එකතු කරන්න.
  • සුදුළුුනු විනාඩියක් පමණ බැදෙන විට ලූනු එකතු කර තවත් විනාඩියක් බැදගන්න.
  • ඉන්පසු එයට බීට් කරගත් බිත්තරය එකතු කර ස්ක්‍රැම්බල් කරගන්න. (
  • ස්ක්‍රැම්බල් කළ බිත්තරය ලූනු හා සුදුළුුනු වලට එකතු කර කළවම් කරගන්න.
  • එයට කැරට්, ලුණු, ගම්මිරිස් සහ කෑලි මිරිස් එකතු කර කළවම් කර විනාඩි 2,3ක් තෙම්පරාදු කරගන්න.
  • ඉන්පසු එයට ලීක්ස් එකතු කර කළවම් කරගන්න.
  • දැන් බත් එකතු කර හොඳින් හැඳි ගාමින් විනාඩි 5ක් පමණ හොඳින් බත බැදගන්න.
  • අවසානයේ බැදගත් ඉස්සන් එකතු කර ලිපෙන් ඉවත්කරගන්න.
  • ලිපෙන් ඉවත් කරගත් ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් උණු උණුවේ පවුලේ අයට පිළිගන්වන්න.

වැදගත්:

  • ආහාරයේ පෝෂ්‍යගුණය රැකගන්න ශරීරයට හිතකර කොලෙස්ටරෝල් රහිත තෙල් වර්ගයක් භාවිතා කරන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ ගත්ත දේවල් වලින් ටිකක්.

මේ ඉස්සො ටික බැදගන්න කොට.

බිත්තරයක් ස්ක්‍රැම්බල් කරනවා කියන්නෙ මොකක්ද කියලා නොදන්න අය මේ ෆොටෝ එක බලලා අදහසක් ගන්න බලන්න. මේ තියෙන්නෙ බිත්තරයක් ස්ක්‍රැම්බල් කරගත්තට පස්සෙ. ඔම්ලට් එකක් වගේ ලස්සනට හැඩේට නෑ. ඔම්ලට් එකම තමා, හැබැයි දනකොට හැදි ගා ගන්න නිසා බිත්තර කෑලි කෑලි වෙලා තියෙන්නෙ. (මේ රෙසිපි එකේ ෆොටෝ එකක් නෙමේ මේක.)

මේ ඒකට කැරට්, ලුණු, ගම්මිරිස් සහ කෑලි මිරිස් දාලා ඉවර වෙලා අන්තිමට ලීක්ස් ටිකත් දා ගත්තට පස්සෙ. මේක හොදට කලවම් කරගන්න ඕනෙ.

මේ බත් ටික දාලා හැදි ගා ගෙන ඊට පස්සෙ අන්තිමට බැදගත්ත ඉස්සො ටිකත් දා ගෙන.

අන්තිමට ලිපෙන් ඉවත් කරගත්ත අපේ ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් එක උණු උණුවේම පිළිගන්වන්න තමයි තියෙන්නෙ. කැමතිනම් පිළිගන්වන්න කලින් චුට්ටක් සරසා ගන්නත් අමතක කරන්න එපා..















මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ බර්නඩින් සහ සජානි කියන මිතුරියන් දෙදෙනාගේ thetastylove.com වෙබ් අඩවියෙන්. එයාලගේ ලිපි අපේ ඉවුම් පිහුම් කට්ටියට බලන්න ඇප් එකේ පළකරන්න අහපුවහම කිසිම අවුලක් නැතිව මිතුරියන් දෙදෙනා හා කිව්වා. ඔවුන්ට බොහොම ස්තූතියි! ඒ වගේම මොනවා හරි ගැටලුවක් මතුවුනොත් එයාලා හදපු මේ වීඩියෝ එකත් බලන්නකෝ.. (https://www.youtube.com/watch?v=qr31aOZf74w)
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment