About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Omurice - ඔමුරයිස් (ඔම්ලට් රයිස්)

දැන් ඔයාලට කියලා දෙන්න යනෙන ඉතාම රසවත් බත් වර්ගයක් හදාගන්න විදිහ. බැලූ බැල්මට බත් වර්ගයක් ලෙස නෝපෙන…
Omurice - ඔමුරයිස් (ඔම්ලට් රයිස්)
දැන් ඔයාලට කියලා දෙන්න යනෙන ඉතාම රසවත් බත් වර්ගයක් හදාගන්න විදිහ. බැලූ බැල්මට බත් වර්ගයක් ලෙස නෝපෙනුනත් ඇත්තටම මෙය ජපානයේ, කොරියාවේ සහ තායිවානයේ ඉතාමත් ජනප්‍රිය බත් වරගයක්! මෙහිදී භාවිතා වන තක්කාලි සෝස් නිසා, කුඩා දරුවන් අතරත් මෙය ඉතාමත්ම ජනප්‍රියයි.

ඔමුරයිස් යන්නෙන් අදහස් වන්නේ ජපන් භාෂාවෙන් Omu-raisu හෙවත් ඔම්ලට් රයිස් යන්නයි. බිත්තර ඔම්ලට් එකකින් වට වුණු, රසවත්ව ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි මේ ඔමුරයිස් කියන්නේ. මේ රෙසිපියෙහි, ඔමුරයිස් සෑදීමට ජපන් ආහාර වට්ටෝරුවල වඩාත් භාවිතා වන චිකන් සහ කොරියන් ක්‍රමයට ෆ්‍රයිඩ් රයිස් සාදාගෙන ඇති නිසා, අපේ රෙසිපිය ඒ දෙවර්ගයටම අයත් ලෙස සලකන්න පුළුවන්.

ඉතාම පහසුවෙන්, විනාඩි 30ක් වැනි සුළු කාලයකින් පිළියෙල කරගත හැකි මේ ඔමුරයිස්, ඔබේ පවුලේ සියල්ලන්ට රසවිඳිය හැකි ආහාරයක්. මෙය රාත්‍රී ආහාරයට ඉතාම සුදුසුයි.


අවශ්‍ය දේවල්: (දෙදෙනෙකුට ඔමුරයිස් සෑදීමට)
  • බත් කප් 2 (තම්බා සිසිල් වූ)
  • චිකන් 150 (කුඩාවට සිහින්ව කපාගත්)
  • කැරට් කප් 1 (කුඩාවට කොටු කපාගත්)
  • ලූනු ගෙඩි 1 (කුඩාවට කපාගත්)
  • ලූනු කොළ කප් 1 (කුඩාවට කපාගත්)
  • සෝයි සෝස් මේස හැන්දක්
  • තක්කාලි සෝස් මේස හැන්දක්
  • ලුණු තේ හැඳි 1/2
  • ගම්මිරිස් තේ හැඳි 1/2
  • කෑලි මිරිස් තේ හැඳි 1/2
  • බටර් හෝ තෙල් කප් 1/4
  • බිත්තර 4

සාදාගන්නා ආකාරය:
මුලින්ම ෆ්‍රයිඩ් රයිස් හදමු,
  • සාස්පානක් ලිප තබා බටර් මේස හැඳි 2ක් දමා දියවෙන්න හරින්න.
  • එයට ලූනු සහ චිකන් එකතු කරන්න.
  • ඉන්පසු ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස් සහ සෝයි සෝස් එකතු කරන්න.
  • හොඳින් කළවම් කරමින් විනාඩි 2, 3ක් බැදෙන්න හරින්න.
  • එයට කැරට් එකතු කර, චිකන් තැම්බී මිශ්‍රණයේ තෙත ගතිය නැතිවන තෙක් හොඳින් තෙම්පරාදු කරගන්න.
  • ඉන්පසු එයට කලින් පිසගත් සිසිල් වූ බත් එකතු කර මිශ්‍ර කරගන්න.
  • බත් වලට උඩින් තක්කාලි සෝස් එකතු කර හොඳින් කලවම් කරන්න.
  • අවසානයේ ලූනු කොළ උඩින් දමා කළවම් කර ලිපෙන් ඉවත් කරගන්න.

දැන් හදමු එහෙනම් ඔමුරයිස්,
  • බිත්තර දෙකක් හොඳින් බීට් කරගන්න.
  • සාස්පානක් ලිප තබා බටර් මේස හැන්දක් දමා දියවෙන්න හරින්න.
  • බීට් කරගත් බිත්තර සාස්පානට වත් කරන්න.
  • ඔම්ලට් එකෙහි යට කොටස හොඳින් සෙට් වී මතුපිට බාගෙට තැම්බීගෙන එන්න පටන් ගන්නා විට ලිප නිවන්න.
  • බාගෙට තැම්බී යම්තම් තෙත තිබෙන ඔම්ලට් එක මැදට සාදාගත් රයිස් වලින් කොටසක් දමන්න.
  • ඔම්ලට් එකෙහි දෙපසින් මැදට නවා එය පිඟානකට මාරු කරන්න.
  • අනෙක් බිත්තර දෙක බීට් කර මෙලෙසම අනෙක් ඔමුරයිස් එකත් සාදාගන්න.
  • අවසානයේ උඩින් ලූනු කොළ සහ තක්කාලි සෝස් දමා හැඩකරගත් ඔමුරයිස් උණු උණුවේ පවුලේ අයට පිළිගන්වන්න. කටට කෙළ උනන සුවඳකින් සහ ප්‍රණීත රසකින් යුතු හොඳට බඩ පිරෙන රාත්‍රී ආහාරයක් ඔබේ ගෙදර අයට රස විඳින්න පුළුවන්.

වැදගත්:
  • කුඩා දරුවන්ටම පමණක් සාදනවා නම්: මෙහිදී යොදාගෙන ඇති සෝයි සෝස් භාවිතා නොකර ෆ්‍රයිඩ් රයිස් සාදාගන්න. වැඩිහිටියන් දෙදෙනෙකුට බිත්තර දෙක බැගින් යොදා ඔම්ලට් සාදාගෙන ඇති නිසා, කුඩා දරුවන් 4 දෙනෙකුට ෆ්‍රයිඩ් රයිස් වෙන්කර, බිත්තර එක බැගින් යොදාගෙන ඔම්ලට් සාදාගන්න. 

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ තම්බලා සිසිල් කරගත්ත බතුයි, කුඩාවට සිහින්ව කපාගත්ත චිකනුයි (කුකුල් මස්).

මේ කුඩාවට කොටු කපාගත්ත කැරටුයි, කපාගත්ත ලූනු ගෙඩියකුයි.

මේ කපාගත්ත ලූනු කොළයි, බිත්තරයි.

මේ රයිඩ් රයිස් එක හදනකොට.

මේ ඔම්ලට් එකක් හදාගෙන ඒකට අපි හදාගත්ත රයිඩ් රයිස් ටිකක් දාලා ඔම්ලට් එක රෝල් කරගෙන. වැඩේ ඉවරයි. දැන් තියෙන්නෙ මේ හදාගත්ත ඔමුරයිස් එක සරසාගෙන පිළිගන් වන්න.

අන්තිමට ඔයාලට මේ වගේ සරසා ගන්න පුලුවන් ඔමුරයිස් ටික. ඊට පස්සෙ ඉතින් කන්න තමයි තියෙන්නෙ.












මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ බර්නඩින් සහ සජානි කියන මිතුරියන් දෙදෙනාගේ thetastylove.com වෙබ් අඩවියෙන්. එයාලගේ ලිපි අපේ ඉවුම් පිහුම් කට්ටියට බලන්න ඇප් එකේ පළකරන්න අහපුවහම කිසිම අවුලක් නැතිව මිතුරියන් දෙදෙනා හා කිව්වා. ඔවුන්ට බොහොම ස්තූතියි! ඒ වගේම මොනවා හරි ගැටලුවක් මතුවුනොත් එයාලා හදපු මේ වීඩියෝ එකත් බලන්නකෝ.. (https://www.youtube.com/watch?v=yrwz3CWWe4g)
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment