About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Green Chili Pickle - අමු මිරිස් අච්චාරු

දැන් ඔන්න කියලා දෙන්න යන්නෙ "අමු මිරිස් වලින් අච්චාරුවක්" හදාගන්නේ කොහොමද කියලා.. මේක ටික…
Green Chili Pickle - අමු මිරිස් අච්චාරු
දැන් ඔන්න කියලා දෙන්න යන්නෙ "අමු මිරිස් වලින් අච්චාරුවක්" හදාගන්නේ කොහොමද කියලා.. මේක ටිකක් වෙනස්, අපිට පුරුදු නැති කෑමක්, සැරට කැමති අයට අළුත් රසයක් වෙයි. මේ අමු මිරිස් අච්චාරු හදන එක ක්‍රමයක් විතරයි, තව ගොඩක් ක්‍රම තියෙනවා. මේක හදන්න අමු මිරිස් කරල් ගන්න කොට ටිකක් ප්‍රමාණයෙන් ලොකු අමු මිරිස් කරල් තෝරලා අර ගන්න බලන්න. බලන්නක්කෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • අමු මිරිස් කරල් 10ක් පමණ
  • කොත්තමල්ලි ඇට මේස හැදි 2ක් පමණ
  • සූදුරු ඇට තේ හැදි 1
  • උළුහාල් ඇට තේ හැදි ¼ ක් පමණ
  • අබ ඇට මේස හැදි 1ක් පමණ
  • කහ කුඩු තේ හැදි ¼ ක් පමණ
  • පෙරුම්කායම් (Asafetida) කුඩු ස්වල්පයක් (තිබෙනවා නම් පමණක්)
  • අබ තෙල් මේස හැදි 2ක් පමණ
  • විනාකිරි මේස හැදි 4 - 6ක්
  • සීනි තේ හැදි ¼ - ½ ක් පමණ
  • මිරිස් කුඩු ස්වල්පයක් (කැමති නම් පමණක්)
  • ගම්මිරිස් ඇට 5ක් පමණ
  • ලුණු (රස අනුව)

සාදා ගන්නා ආකාරය:
  • මුලින්ම අමු මිරිස් කරල් ටික හොදට හෝද ගෙන වතුර බේරෙන්න තියලා කිචන් ටවල් (Kitchen towel) එකකින් තෙත මාත්තු කර ගන්න.
  • පස්සේ අමු මිරිස් කරල් වල නැට්ට එහෙම්මම තියෙන්න ඇරලා දික් අතට පලා ගන්න. (කැමති නම් ඇට අයින් කර ගන්නත් පුළුවන්.)
  • දැන් භාජනයක් අඩු ගින්දරේ ලිපේ තියලා රත් වුණාට පස්සේ ඒකට විනාකිරි මේස හැදි 2 - 3ක් දාලා රත් වෙන්න අරින්න.
  • විනාකිරි ටික රත් වුණාට පස්සේ ගම්මිරිස් ඇට ටික දා ගෙන හොදට නටනකන් උණු කරන්න.
  • දැන් ලිප නිවලා සීනි ටිකයි, පෙරුම්කායම් කුඩුයි එකතු කරලා නිවෙන්න තියන්න.
  • ඊට පස්සේ කොත්තමල්ලි ඇටයි, සූදුරු ඇටයි, උළුහාල් ඇටයි, අබ ඇටයි කබලේ බැද ගෙන නිවෙන්න තියලා බ්ලෙන්ඩර් කර ගන්න. (හොදටම කුඩු වෙන්න බ්ලෙන්ඩර් කර ගන්න ඕන නැහැ.)
  • ඊළඟට බ්ලෙන්ඩර් කර ගත්ත මිශ්‍රණයට කහ කුඩු ටිකයි, මිරිස් කුඩු ටිකයි, ලුණු ටිකයි, ඉතුරු විනාකිරි ටිකයි එකතු කරලා හොදට කලවම් කරන්න.
  • දැන් කලින් පලා ගත්ත මිරිස් කරල් ටික හදා ගත්ත මිශ්‍රණයෙන් පුරව ගන්න.
  • ඊට පස්සේ කලින් රත් කරලා නිවෙන්න තියපු විනාකිරි ටික අරන් ගම්මිරිස් ඇට ටික අයින් කරන් පිරිසිදු වීදුරු බෝතලේකට දා ගන්න.
  • පස්සේ ඒකටම හදා ගත්ත අමු මිරිස් කරල් ටිකත් දා ගෙන වහලා දවස් දෙක තුනක් අවුවේ(හිරු එළියේ) තියන්න.
  • අන්තිමට අබ තෙල් ටිකත් මේකටම එකතු කරලා හොදට බෝතලේ හොල්ලලා කලවම් කරලා තවත් දවස් 2 - 3ක් වහලා තියලා අරන් රස බලන්න. (අවුවේ තියන්න නම් එපා මේ පාර.)
  • මෙහෙම හදා ගත්ත අමු මිරිස් අච්චාරු සති 1 - 1 ½ ක් විතර කල් තියා ගන්න පුළුවන්.

වැදගත්:
  • අමු මිරිස් කරල් ගන්න කොට ටිකක් ලොකු අමු මිරිස් කරල් තෝරලා අර ගන්න.
  • අබ තෙල් වෙනුවට තල තෙල් වුණත් පාවිච්චි කරන්න පුළුවන් මෙහෙම අමු මිරිස් කරල් හදා ගන්න කොට. (අනිත් තෙල් වර්ග නම් හරියන්නේ නැහැ මෙහෙම හදන්න. අබ තෙල් හරි, තල තෙල් හරි නැත්තම් තෙල් නොදා ඉන්න.)
  • ඔයාලා කැමති මිරිස් කරල් හැපෙන ගානට නම් අවුවේ දවස් 2 - 3ක් තියලා තෙල් එකතු කරන් එහෙම්මම රස බලන්නත් පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ අපි හැමෝම දන්න අමු මිරිස්. මේ අච්චාරුව හදන්න කරල් තෝරා ගන්න කොට ටිකක් ප්‍රමාණයෙන් ලොකු අමු මිරිස් කරල් තෝරලා ගන්න.

 මේ විදියට තමයි අමු මිරිස් කරල් ටික සෝදලා තෙත මාත්තු කරන් මැදින් පලා ගන්නෙ.

 මේ රත් කරපු විනාකිරි වලට සීනියි, පෙරුම්කායම් කුඩුයි දා ගෙන.. නිවුනටා පස්සේ ගම්මිරිස් ඇට අයින් කරලා ගන්න.

 ඔන්න කොත්තමල්ලි ඇටයි, සූදුරු ඇටයි, උළුහාල් ඇටයි, අබ ඇටයි කබලේ බදින ගමන්.

 මේ කබලේ බැද ගත්ත මිශ්‍රණය නිවුනට පස්සේ බ්ලෙන්ඩර් කරන ගමන්..

 මේ බ්ලෙන්ඩර් කර ගත්ත මිශ්‍රණයට කහ කුඩු ටිකයි, මිරිස් කුඩු ටිකයි, ලුණු ටිකයි, ඉතුරු විනාකිරි ටිකයි එකතු කරන්.

 මේ හදා ගත්ත මිශ්‍රණයෙන් අමු මිරිස් කරල් පුරව ගෙන විනාකිරි මිශ්‍රණය දා ගත්ත බෝතලේටම දා ගෙන.. දැන් හොදට වහලා දවස් 2 - 3ක් අවුවේ තියන්න ඕනේ.

 මේ තෙල් ටිකත් එකතු කරලා තවත් දවස් 2 - 3ක් තියා ගෙන හදා අත්ත අමු මිරිස් අච්චාරු. දැන් ඉතින් කෑමට ගන්න පුලුවන්.

















ලිපිය ලිව්වේ සිතාරා මානෙල් මහත්මිය. ඇයට බොහොම ස්තූතියි!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment