About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

American Fried Rice - අමෙරිකන් ෆ්‍රයිඩ් රයිස්

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ "අමෙරිකන් ෆ්‍රයිඩ් රයිස්" හදන්නේ කොහොමද කියලා.. අමෙරිකන් කියල…
American Fried Rice - අමෙරිකන් ෆ්‍රයිඩ් රයිස්
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ "අමෙරිකන් ෆ්‍රයිඩ් රයිස්" හදන්නේ කොහොමද කියලා.. අමෙරිකන් කියලා කිව්වාට ඇත්තටම මේක හදන්නේ නම් අමෙරිකාවේ නෙමේ. මේක තායි කෑමක්. ඒ කියන්නෙ මේ රයිස් එක ඇත්තටම හදන්නේ තායිලන්තයේ. වියට්නාම් යුද්ධ කාලයේදී තායිලන්තයේ හමුදා කඳවුරු වල හිටපු අමෙරිකානු සොල්දාදුවන්ට කන්න තමයි මේ කෑම එක හැදුවා කියලා කියන්නෙ. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • පොඩියට කපාගත් ලූනු ගෙඩියක්
  • තලාගත් සුදු ලූනු බික් 2ක්
  • කොටු කපාගත් කැරට් කප් 1/4
  • ග්‍රීන් පීස් කප් 1/4
  • බඩ ඉරිඟු ඇට මේස හැඳි 3ක්
  • පිස ගත් බත් කෝප්ප 3ක් (ශීතකරණයේ තබාගත් බත් නම් වඩාත් සුදුසුයි.)
  • සෝයා සෝස් මේස හැන්දක්
  • තක්කලි සෝස් මේස හැඳි 2ක්
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්, රස අනුව ලුණු
  • බිත්තර 2ක්
  • සොසේජස් 4ක්
  • බැදගත් චිකන් ඩ්‍රම්ස්ටික් 2ක් (කුකුල් මස් ගාත/ කකුල්)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම ඉඩකඩ ඇති භාජනයක් ලිප තබා තෙල් මේස හැඳි 3ක් පමණ එක් කර රත් වෙන්න හරින්න.
  • ඉන්පසු එයට ලූණු, සුදු ලූනු සහ කැරට් එක් කර තෙම්පරාදු කරගන්න.
  • ඉන්පසු එයට ග්‍රීන් පීස් සහ බඩ ඉරිඟු ඇට ටික එක් කර පිසගත් බත් එක් කරගන්න. එයට තක්කලි සෝස්, සෝයා සෝස්, රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු මිශ්‍ර කර ගෙන තරමක් වැඩි ගින්දරේ කලවම් කරගන්න. හොඳින් කලවම් වූ පසු ලිපෙන් ඉවත් කරගන්න.
  • සාදාගත් රයිස් එක බැදගත් සොසේජස්, බුල්සයි දමාගත් බිත්තර, බැදගත් චිකන් ඩ්‍රම්ස්ටික් සහ පෙති කපාගත් තක්කලි, පිපිඥ්ඥා සමඟ පිළිගන්වන්න.

වැදගත්:
  • බුල්සයි දමාගත් බිත්තර කිව්වහම බය වෙන්න එපා! තාච්චියකට තෙල් පොඩ්ඩක් දාලා වෙනදා හදන විදිහටම ඔම්ලට් එකක් හදාගන්න කහ මදේ කලවම් කරගන්නෙ නැතුව. එච්චරයි!
හදලා බලන්නකෝ එහෙනම් ඔයාලත් වෙලාවක..














මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ aniwa.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment