About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bukhari Rice - බුඛාරි රයිස්

ඔන්න දැන් කියලා දෙන්න මැද පෙරදිග රටවල් වල ගොඩක් ජනප්‍රිය බත් වර්ගයක් කියලා කියන "බුඛාරි රයිස්&…
Bukhari Rice - බුඛාරි රයිස්
ඔන්න දැන් කියලා දෙන්න මැද පෙරදිග රටවල් වල ගොඩක් ජනප්‍රිය බත් වර්ගයක් කියලා කියන "බුඛාරි රයිස්" හදාගන්නේ කොහොමද කියලා.. මේ බත් එකට මේ නම වැටිලා තියෙන්නෙ සේද මාවතේ පිහිටලා තියෙන "බුඛාරා" කියන නගරය හින්දා කියලයි කියන්නෙ. හදන්න නම් පොඩ්ඩක් වත් අමාරු නෑ. සමාන්‍ය බත් උයන විදිහටමයි උයන්නෙ. ඒකයි පොඩ්ඩක්වත් හදන්න අමාරු නෑ කිව්වෙ. සමාන්‍ය බත් එකකට වඩා වෙනසකට තියෙන්නෙ මේ බත් එකට ගොඩක් කුළුබඩු වර්ග දාන එක විතරයි. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • බාස්මතී හාල් කෝප්ප 2ක්
  • ඔලිව් තෙල් මේස හැදි 2ක්
  • හීනියට කපාගත් ලොකු ලූණු ගෙඩි 1ක්
  • හීනියට ගා ගත්ත කැරට් කෝප්ප 1ක්
  • කුරුදු කෝටු 1ක් හෝ කුරුදු කුඩු තේ හැදි ½ ක්
  • බේ කොල 2ක් (තිබේනම්)
  • සූදුරු තේ හැදි 2ක් (Cumin)
  • කරඳමුංගු තේ හැදි 1½ ක්
  • ගම්මිරිස් තේ හැදි ½ ක්
  • සාදික්කා තේ හැදි ½ ක්
  • කරාඹු නැටි තේ හැදි ⅛ ක්
  • තම්බාගත් කඩල කෝප්ප 1½ ක් (කොණ්ඩ කඩල)
  • එලවළු තැම්බූ වතුර (Vegetable broth) කෝප්ප 3¼ ක් (උණුවෙන්/රස්නෙ පිටින් තියෙන්න ඕනෙ.)
  • රස අනුව ලුණු
  • සරසා ගැනීමට කජු සහ වියලි මිදි

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම සහල් ටික ඇරගෙන 3 පාරක් විතර හොදාගත්තට පස්සෙ, සහල් ටික පෙගෙන්න සහල් වැහෙන ගානට උණු වතුර දාගෙන විනාඩි 10ක් - 15ක් විතර පැත්තකට කරලා තියන්න.
  • ඊට පස්සෙ ලිපේ තියන්න පුලුවන්, බතක් උයාගන්න පුලුවන්, අඩිය ඇලෙන්නෙ නැති, භාජනයක් ඇරගෙන ඒකට තෙල් ටිකක් දාලා මද ගින්දරෙන් ලිපේ තියාගන්න.
  • ඊට පස්සෙ ඒකට කපාගත්ත ලූනු සහ ලුණු පින්චක් විතර (ලුණු චුට්ටම චුට්ටක්) දාගෙන, ලූනු ටික මෘදු වෙලා රන්වන් පාර වීගෙන එනකම් තෙම්පරාදු කරගන්න. ඊට පස්සෙ ඒකටම කැරට් ටික දාගෙන තව විනාඩ්යක් දෙකක් විතර තෙම්පරාදු කරගන්න.
  • ඒ ටික තෙම්පරාදු වෙනකම් හාල් ටික පෙගෙන්න දාපු වතුර ඉවත් කරගෙන ලගින් තියාගන්න.
  • දැන් කරන්න තියෙන්නෙ ලූනු සහ කැරට් මිශ්‍රණයට, කුරුදු කෝටුව, බේ කොල, සූදුරු, කරඳමුංගු, ගම්මිරිස්, සාදික්කා සහ කරාඹු නැටි කියන දේවල් ටික දාගෙන තත්පර 30ක් වගේ තෙම්පාරාදු කරගන්න එක. හරිම සුවදයි මේ ටික තෙම්පරාදු වෙනකොට.
  • ඊට පස්සෙ වතුර ඉවත් කරගත්ත හාල් ටිකයි, කඩල ඇට ටිකයි ඒකට දාලා හොදට කලවම් කරගන්න.
  • ඊට පස්සෙ මේකටම අපි එලවළු තම්බපු වතුර ටිකත් දා ගන්න ඕනෙ. දාගෙන හොදට කලවම් කරගන්න.
  • ඊට පස්සෙ ඉතින් සාමාන්‍ය බතක් උයන විදිහටම බත උයා ගන්න තමයි තියෙන්නෙ. විනාඩි 30 - 40කින් වගේ උයාගන්න පුලුවන් බත් එක. ඉදිලා ඉවර වුනහම ලිපේ තියෙද්දිම බත් එක හොදට හැන්දකින් කලවම් කරගෙන තව විනාඩි 5ක් වගේ පියන වහලා රස්නෙන්ම තියෙන්න දෙන්න. ඔච්චරයි! වැඩේ ඉවරයි.
  • පිළිගන්වනකොට ඔයාලා කජු, වියලි මිදි වගේ දේවල් ටිකක් බත් එක උඩින් දාගෙන පොඩ්ඩක් බත් එක සරසලාම පිළිගන්වන්න.

වැදගත්:
  • බාස්මතී හාල්, ඔලිව් තෙල්, ඒ වගේම එලවළු තැම්බූ වතුර (Vegetable broth) ඔයාලට සුපර් මාකට් වලින් ලේසියෙන්ම ගන්න පුලුවන්.
 හදලා බලන්නකෝ එහෙනම් ඔයාලත් වෙලාවක..


















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ landsandflavors.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment