About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Yogurt Jelly Pudding - යෝගට් ජෙලි පුඩිම

ඔන්න දැන් කියලා දෙන්න යන්නේ රසම රස පුඩිමක් ටක්ගාලා හදාගන්නේ කොහොමද කියලා.. මීට කලිනුත් අපේ මේ ඉවුම්…
Yogurt Jelly Pudding - යෝගට් ජෙලි පුඩිම
ඔන්න දැන් කියලා දෙන්න යන්නේ රසම රස පුඩිමක් ටක්ගාලා හදාගන්නේ කොහොමද කියලා.. මීට කලිනුත් අපේ මේ ඉවුම් පිහුම් ඇප් එකේ එක එක විදිහට යෝගට්, ජෙලි දාලා පුඩිං හදාගන්න විදිහ කියලා දීලා තියෙනවානේ. මේ තව එක ක්‍රමයක්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා.. පුඩිං එක හදන්න හරිම ලේසියි වගේම මේක හරිම රසයි..
මේ තියෙන්නෙ මේ විදිහටම හදාගෙන පොඩ්ඩක් සරසා ගත්ත පුඩිං.

අවශ්‍ය දේවල්:
  • ටින් කිරි පොඩි ටින් 1
  • ජෙලි පැකට් 1 (100 g)
  • යෝගට් 2
  • වැනිලා තේ හැදි 1/2

සාදාගන්නා ආකාරය:
  • මේ පුඩින් එක හදන්න නම් මාර ලේසියි, මුලින්ම කරන්න ඕනෙ ජෙලි පැකට් එක හදාගන්න එක. හරි එකත් හදා ගන්න විදිහ කියන්නම්කෝ..
ජෙලි පැකට් එක හදාගන්න විදිහ,
  • වතුර පිරිසි කොප්ප 2 1/4 (දෙකයි කාලක්) හොදින් නටවා ගන්න, ඊට පස්සේ ඒ වතුරට ජෙලි පැකට් එකේ තියෙන කුඩු මිශ්‍රණය එකතු කරගෙන හොඳට දිය කරගන්න. ඊට පස්සෙ ඒ මිශ්‍රණය හොදින් නිවෙන්න හරින්න. එච්චරයි!
  • ඊලගට තියෙන්නේ පුඩින් එක හදාගන්න එක. ඒ ටික කරන්න බ්ලෙන්ඩර් (Blender) එකක් පාවිච්චි කරනවනම් හොඳයි.
දැන් එහෙනම් පුඩිම හදමු,
  • දැන් ඉතින් කරන්න තියෙන්නේ අපි දිය කරගත්ත ජෙලි එකට ටින් කිරි ටින් එක එකතු කරල කවලම් කරගන්න එක. ඊට පස්සේ ඒ මිශ්‍රණය බ්ලෙන්ඩර් එකට දාන්න.
  • ඊලඟට අපි ගත්ත යෝගට් කෝප්ප 2 ත් එකතු කරගන්න.
  • දැන් ඒ මිශ්‍රණය හොදින් බ්ලෙන්ඩර් එකෙන් බ්ලෙන්ඩ් කරගන්න. පෙන නගිනකන් විනාඩි 5ක් පමන බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගන්න අතරතුර වැනිලා ටිකත් මිශ්‍ර කරගන්න.
  • දැන් ඊළඟට කරන්න තියෙන්නෙ අවසන් පියවර. දැන් කරන්න තියෙන්නෙ අපි හදාගත්තු මිශ්‍රණය භාජනයකට දාලා පුඩිම සවි වෙනකන් ශිතකරණයේ තියන්න. එච්චරයි! ඔන්න දැන්නම් වැඩේ ඉවරෙටම ඉවරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.
 බ්ලෙන්ඩර් එකක් පාවිච්චි කරන්න හොදින් කලවම් කරගන්න වැඩේට.

 මේ තියෙන්නෙ අපි හදාගත්ත පුඩිං එක. යාන්තම් සරසා ගත්තේ. හදාගෙන ඉවර වෙලා ඔයාලා කැමති විදිහකට සරසා ගන්න.












මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ entakanta.blogspot.com බ්ලොග් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment