About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Microwave Mug Brownie - මයික්‍රෝවේව් එකේ විනාඩියෙන් බ්‍රව්නී එකක් හදමුද?

"ඉවුම් පිහුම්" ඇප් එකේ අපි ගොඩක්ම අඩුවෙන් තමයි මයික්‍රෝවේව් එකෙන් හදන්න පුලුවන් කෑම ගැන ක…
Microwave Mug Brownie - මයික්‍රෝවේව් එකේ විනාඩියෙන් බ්‍රව්නී එකක් හදමුද?
"ඉවුම් පිහුම්" ඇප් එකේ අපි ගොඩක්ම අඩුවෙන් තමයි මයික්‍රෝවේව් එකෙන් හදන්න පුලුවන් කෑම ගැන කතා කරන්නේ. ඒකට හේතුව මේකේ උෂ්ණත්වය පාලනය කරන එක සාමාන්‍ය අවන් එකකට වඩා වෙනස් හින්දා. කොහොම හරි ඔන්න අද අපි කියලා දෙන්න හිතුවා මයික්‍රෝවේව් එකේ ලේසියෙන්ම හදාගන්න පුලුවන් බ්‍රව්නී එකක් හදාගන්නේ කොහොමද කියලා.. විනාඩියෙන් කියාලා කිව්වට බ්‍රව්නී එකට ඕනෙ කරන මිශ්‍රණය හදාගන්න විනාඩි 5ක් වගේම හදාගත්ත බ්‍රවිනි එක නිවෙන්න විනාඩි 5ක් වගේ වගේ තව අමතර කාලයක් ගතවෙනවා. බ්‍රව්නි එක මයික්‍රෝවේව් එකට දාලා හදාගන්න නම් යන්නෙ විනාවියයි. කතාවට කියනවා වගේ මේකත් දිවේ තියන් ඉන්න පුලුවන් තරම් රසයි කියලා නම් කියන්න පුලුවන් ඔන්න...

අවශ්‍ය දේවල්:
  • පාන් පිටි මේස හැදි 3ක්
  • දුඹුරු සීනි මේස හැදි 3ක්
  • කොකෝවා පවුඩර් මේස හැදි 3ක්
  • පොල් තෙල් මේස හැදි 3ක්
  • වතුර මේස හැදි 3ක්
  • ලුණු පින්චක්
  • වැනිලා තේ හැදි 1/2 ක් (Vanilla Extract)
  • චොකලට් චිප්ස් තේ හැදි 2ක් (Chocolate Chips)

සාදාගන්නා ආකාරය:
  • කරන්න තියෙන එකම දේ තමයි මයික්‍රෝවේව් එකට දාන්න පුලුවන් මග් එකක් (කප් එකක්) ඇරගෙන ඒකට ඔය උඩ කියපු ඔක්කොම දේවල් දාලා (චොකලට් චිප්ස් හැර) හොදට කලවම් කරගන්න එක. හොදට කලවම් කරගන්න ඕනෙ.
  • ඊට පස්සෙ චොකලට් චිප්ස් ටික ඒකට දාලා කලවම් කරගන්න.
  • දැන් තියෙන්නෙ මේක අවන් එකට දාලා හදාගන්න එක, නමුත් ඔයාලට මේක දැන්ම හදාගන්න උවමනාවක් නැත්නම් හදාගත්ත මේ මිශ්‍රණය ෆ්‍රිජ් එකට දාලා පැය 24ක් තියාගන්න.
  • මේ විදිහට හදාගත්ත මිශ්‍රණය මයික්‍රෝවේව් එකට දාලා තත්පර 45-60ක් මයික්‍රෝවේව් කරගන්න (වෙලාව වෙනස් වෙන්න පුලුවන් මයික්‍රෝවේව් එක අනුව. 1200W එකකින් තමයි මෙච්චර වෙලාවක් යන්නෙ.) ඊට පස්සෙ විනාඩි 5ක් විතර නිවෙන්න දෙන්න.
  • සංග්‍රහ කරනකොට, වැනිලා අයිස්ක්‍රීම් තියෙනවා නම් පොඩ්ඩක් අපි මේ හදාගත්ත බ්‍රව්නි එක උඩින් දාලා පිළිගන්වන්න.

වැදගත්:
  • මයික්‍රෝවේව් එක අනුව වගේම අපි පාවිච්චි කරන මග් එකේ ගැඹුර, ප්‍රමාණය වගේ දේවල් අනුවත් බ්‍රව්නි එක හැදෙන්න යන කාලය වෙනස් වෙනවා. මේ රෙසිපි එකේදී අපි පාවිච්චි කරලා තියෙන්නෙ පොඩි මග් එකක්. ඒ කියන්නෙ කප් එකක ප්‍රමාණයේ මග් එකක්.
  • මයික්‍රෝවේව් එකට දැම්මට පස්සෙ පොඩ්ඩක් බලාගෙන ඉන්න මග් එක දිහා. බ්‍රව්නි එක මග් එකෙන් පිටට උතුරලා ගියොත්, කරවෙන්න වගේ හැදුවොත් එහෙම අපිට ටක්ගාලා අදුරගන්න පුලුවන් වෙන්නෙ අපි බලාගෙන හිටියොත් තමයි.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මයික්‍රෝවේව්! මයික්‍රෝවේව්! කිව්වට සමහර අය බලනවා ඇතිනේ මේ මොකක් ගැනද කියන්නේ කියලා. මේ තියෙන්නෙ මයික්‍රෝවේව් එකක්. අවන් එකක් කියලා හිතාගන්නකෝ.. මයික්‍රෝවේව් එකෙන් කරගන්න පුලුවන් දේවල් ගැන ඉවුම් පිහුම් ඇප් එකේ මීට කලින් කියලා දීලා තියෙනවා මතකයි නේද? ඇප් එකේ  "අපි දැනගත යුතු දේවල්" කියන කොටසේ ඒ ලිපිය තියෙනවා. නොබලපු කට්ටිය පොඩ්ඩක් ඒ ලිපියත් මතක ඇතුව බලන්න.

 මේ තියෙන්නෙ චොකලට් චිප්ස්. මේවා සුපර් මාකට් වලින් ගන්න පුලුවන්.

 ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත අපේ බ්‍රව්නි එක තමයි මේ තියෙන්නෙ.

 දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ. පිළිගන්වනකොට අයිස්ක්‍රීම් පොඩ්ඩක් උඩින් දාලා දෙන්නත් අමතක කරන්න එපා..














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ biggerbolderbaking.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment