About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chocolate Custard Marie Biscuit Pudding - චොක්ලට් කස්ටඩ් මාරි බිස්කට් පුඩින්

"ඉවුම් පිහුම්" ඇප් එකට ඔන්න අලුතෙන් තවත් යාලුවෙක් ඇවිල්ලා..  වෛද්‍යතුමියක්! ඇයගේ නම තමයි …
Chocolate Custard Marie Biscuit Pudding - චොක්ලට් කස්ටඩ් මාරි බිස්කට් පුඩින්
"ඉවුම් පිහුම්" ඇප් එකට ඔන්න අලුතෙන් තවත් යාලුවෙක් ඇවිල්ලා..  වෛද්‍යතුමියක්! ඇයගේ නම තමයි "අරුණි". අපි හැමෝම අපේ මිතුරියව ගොඩක් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා නේද? ඉතින් ඇය ඔයාලට කියලා දෙන්න කියලා අපිට රසම රස "චොක්ලට් කස්ටඩ් මාරි බිස්කට් පුඩින්" එකක් හදාගන්න විදිහ එවලා තිබුණා. බලන්නකෝ එහෙනම් අපේ මිතුරියගේ වචන වලින්ම මේ පුඩිම හදාගන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • උණු කිරි කෝප්ප 2 ක් (Fresh milk හරි කිරිපිටි හරි ගන්න පුලුවන්)
  • නිවුණු කිරි කෝප්ප 3 ක් (Fresh milk හරි කිරිපිටි හරි ගන්න පුලුවන්)
  • කෝන් ෆ්ලා තේ හැදි 6 ක් (ඉරිඟු පිටි)
  • චොක්ලට් පවුඩර් තේ හැදි 3 ක්
  • සීනි මේස හැදි 6 ක්
  • වැනිලා බිංදුවක්
  • මාරි බිස්කට් ග්‍රෑම් 300 ක්
  • බටර් මේස හැදි 2 ක් (මාගරින් ගන්නත් පුළුවන්)

සාදාගන්නා ආකාරය:
  • ලිපේ තියන්න පුලුවන් භාජනයකට චොක්ලට් පවුඩර්, කෝන් ෆ්ලා, සීනි, බටර් දාලා මිශ්‍ර කරගන්න.
  • ඒකට නිවුණු කිරි කෝප්ප 3 දාලා හොඳට කලවම් කරන්න.
  • දැන් ඒ මිශ්‍රණය සහිත භාජනය ලිපේ තියලා අඩු ගින්දරේ හොඳට හැදි ගාන්න. කැටි ගැහෙන්න දෙන්න එපා.
  • ටික ටික මිශ්‍රණය බුබුළු දාලා උකු වෙනකන්ම දිගටම හැදි ගාන්න.
  • හොඳට ක්‍රීම් එකක් වගේ උකු උනාම ලිපෙන් බාගන්න.
  • අන්තිමට වැනිලා ටිකක් එකතු කරන්න. දැන් චොක්ලට් කස්ටඩ් එක හදලා ඉවරයි.
  • දැන් මාරි බිස්කට් උණු කිරි වල පොගවා ගන්න. ගොඩක් පොගවන්න එපා. එතකොට බිස්කට් කැඩෙනවා.
  • සුදුසු භාජනයක් අරගෙන ඒක පතුලේ කිරි වල පොගවපු මාරි බිස්කට් අතුර ගන්න.
  • දැන් බිස්කට් වලට උඩින් කලින් හදාගත්ත චොක්ලට් කස්ටඩ් ක්‍රීම් එකෙන් තට්ටුවක් දාගන්න.
  • මාරුවෙන් මාරුවට කිරි වල පොගවපු මාරි බිස්කට් සහ චොක්ලට් කස්ටඩ් දාන්න.
  • අන්තිමට චොක්ලට් කස්ටඩ් තට්ටුවක් දාලා ඉවර කරන්න.
  • දැන් පැය 2-3 ක් ශීතකරණයේ තියන්න.

වැදගත්:
  • කස්ටඩ් ක්‍රීම් එක කැටි ගැහුනොත් හරි උකු වැඩි උනොත් හරි උණු කිරි ටිකක් දාලා හොඳට කලවම් කරලා ඒක හරි පදමට ගන්න පුලුවන්.
  • උඩින් කුකින් චොක්ලට් ග්‍රේට් කරලා, කජු මද ටිකක් දාලා, විපින් ක්‍රීම් දාලා සරස ගන්නත් පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ.. 
මේ චොක්ලට් කස්ටඩ් ක්‍රීම් එක හදාගන්න ගමන්.

 මාරි බිස්කට් ටික මේ වගේ උණු කිරි වල පොගවා ගන්න.

 භාජනයේ අඩියට මුලින්ම දාන්න කිරි වල පොගවපු මාරි බිස්කට් තට්ටුවක්. ඊට උඩින් ඊට පස්සෙ චොක්ලට් කස්ටඩ් ක්‍රීම් එකෙන් තට්ටුවක් දාගන්න. අන්තිමට චොක්ලට් තට්ටුවක් එන විදිහට මේ විදිහට මාරුවෙන් මාරුවට දා ගන්න ඕනෙ. ඊට පස්සෙ පැය 2-3 ක් ශීතකරණයේ තියන්න.

 පැය 2-3 ක් ශීතකරණයේ තිබ්බට පස්සෙ ඔයාලට පුඩින් එක කෑමට ගන්න පුලුවන්. කොහොම නමුත් උඩින් කුකින් චොක්ලට් ග්‍රේට් කරලා, කජු මද ටිකක් දාලා, විපින් ක්‍රීම් දාලා ඔයාලට මේ පුඩින් එක තව ටිකක් සරසා ගන්නත් පුළුවන්.

පැය 2-3 ක් ශීතකරණයේ තිබ්බට පස්සෙ ඔයාලට කෑමට ගන්න පුලුවන්.













ලිපිය ලිව්වේ A. O. P. ගාල්ලගේ වෛද්‍යතුමිය. ඇයට බොහොම ස්තූතියි නේද අපිට මේ වගේ රසම රස පුඩිමක් හදන විදිහ කියලා දුන්නට? තවත් දවසක ඇයගේ ලිපියකින් ඇයව හමු වෙමුකෝ එහෙනම්..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment