About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chocolate Balls - චොකලට් බෝල

ඉතිං ඔයාලට දැන් මේ කියලා දෙන්න යන්නේ රසම රස චොකලට් බෝල වර්ගයක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා.. මීට …
Chocolate Balls - චොකලට් බෝල
ඉතිං ඔයාලට දැන් මේ කියලා දෙන්න යන්නේ රසම රස චොකලට් බෝල වර්ගයක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා.. මීට කලිනුත් මේ වගේම චොකලට් බෝල හදන විදිහ කියලා දුන්නා මතක ඇති ඔන්න ඉවුම් පිහුම් ඇප් එකේ ඉස්සර ඉදන්ම ඉදපු අයට නම්. ඒ කියලා දුන්නේ පොල් එහෙම දාලා හදන විදිහක්නේ. මේ දැන් කියලා දෙන්න යන ක්‍රමේ ඊට වඩා ගොඩක්ම ලේසියි. හදන්න ගන්න දේවල් හොයා ගන්නත් එච්චර අමාරු නෑ. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා.. මේ විදිහට බෝල හදාගත්තට පස්සෙ ඔයාලට කැමති විදිහකට බෝල ටික සරසා ගන්න පුලුවන්.
අපි හදන්න යන්නේ මේ වගේ බෝල.

මේ තියෙන්නෙ ඒ බෝලම චුට්ටක් සරසාගෙන.

අවශ්‍ය දේවල්:
  • කුකින් චොකලට් 400g (Cooking Chocolate)
  • මාරී බිස්කට් 500g
  • ටින්කිරි පොඩි ටින් එකක්
  • බැදපු රටකජු 250g(තව වැඩි කලොත් තවත් රසයි)

සාදාගන්නා ආකාරය:

  • හරි දැන් තියෙනේ හදා ගන්න. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මාරි බිස්කට් ටික භාජනයකට දාලා හොදින් කුඩු කරගන්න එක.
  • ඊට පස්සෙ රටකජු ටික අරන් වියලි තාච්චියකට වගේ දාලා හොදින් බැදගන්න. ඊට පස්සෙ කජු වල පොතු හොදින් සුද්ද කරගන්න ඕනෙ.
  • දැන් කරන්න තියෙන්නෙ මේ රටකජු ටික බ්ලෙන්ඩරයකට දාල කුඩු කරගන්න එක. ටිකක් කෑලි හැපෙන්න තිබුනොත් හොදයි.
  • ඊට පස්සේ කුඩු කරගත්ත රටකජු සමඟ කලින් අපි කුඩු කරගත්ත මාරි බිස්කට් ටික දාලා හොදින් කලවම් කරගන්න.
  • දැන් කරන්න තියෙන්නෙ ඔයලා ගොඩක්ම කැමති වැඩක්, එක තමයි ටින්කිරි ටින් එක කඩන එක, මොකද ටින් එකේ ඉතුරු වෙන ටින්කිරි කන්න කවුද අකමැති නෙහ්...?
  • දැන් කඩාගත්ත ටින්කිරි එක රටකජු-මාරි බිස්කට් මිශ්‍රණයට දාලා ඒකත් එක්ක හොදින් කලවම් කරගන්න. ඒක තලපයක් වගේ හොදින් අනාගන්න ඕනෙ. දැන් මේ මිශ්‍රණයෙන් ඔයාලා පොඩි පොඩි බෝල හදාගන්න ඕනෙ. හදාගන්න බොල ටික තැටියක වගේ තියලා ඒ ටික පැත්තකින් තියාගන්න ටික වෙලාවකට.
  • දැන් තමයි පොඩ්ඩක් අමාරු වඩේ තියෙන්නේ. චොකලට් දිය කරගන්න එක. චොකලට් ටික ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න ඕනෙ ඔයාලා (ඩබල් බොයිල් ක්‍රමය [Double Boil Method] කියන්නෙ කුඩා බදුනක් සහ එම කුඩා බදුන ගිල්විය හැකි ප්‍රමාණයේ විශාල බදුනක් ගෙන, විශාල බදුනට වතුර දමා ලිප තබා කුඩා බදුන එම විශාල බදුනේ ගිල්වා ගෙන කුඩා බදුනෙහි මොනවා හරි දිය කර ගන්න එකට). දිය කරගත්ත චොකලට් ටික ඉක්මනට ගල් විම වලක්වගන්න ඔයාලා චොකලට් රත් කරනකොට බටර් ස්වල්පයක් එකතු කරගන්න. එතකොට කුකින් චොකලට් ටික ගල් වෙන එක පොඩ්ඩක් හෙමින් සිද්ද වෙයි.
  • දන් බොහොම ඉක්මනින් ඔයලා හදාගත්ත බෝල ටික මේ දියකරගත්ත චොකලට් එකේ ගිල්ලලා බටර් ටිකක් ගාපූ තැටියක් මත වෙලෙන්න හරින්න.
  • චුට්ටක් වේලුනාට පස්සෙ ෆිජ් එකට දාලා මේ ටික කූල් කරගන්න. චොකලට් ටික හොදටම හයි වෙනකන් තිබ්බානම් ඇති. ඊට පස්සෙ ඉතින් කන්න තමයි තියෙන්නෙ. කන්න කලින් ඕනෙනම් උඩ තියෙන ෆොටෝ වල විදිහට පොඩ්ඩක් සරසා ගන්නත් පුලුවන් චොකලට් වලින් ඉරි ටිකක් දාගෙන, කුඩු කරගත්ත රටකඩු ටිකක් උඩින් ඉහගෙන වගේ.

වැදගත්:
  • කුකින් චොකලට් සුපර් මාකට් වලින් ගන්න පුලුවන් ඔයාලට.

    පොටෝ ටිකත් බලන්නකෝ..
     මේ බිස්කට් ටික කුඩු කරගෙන, රට කජු දා ගත්තට පස්සෙ, ටින් කිරි එහෙම දාලා මිශ්‍රණය හදාගෙන. ඊට පස්සෙ මිශ්‍රණයෙන් බෝල හදාගන්න ඕනෙ.

     මේ ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගත්ත චොකලට්.

     මේ ඒකෙ ගිල්ලවා ගත්ත බෝල.

     ඊට පස්සෙ චොකලට් ටික වේලෙන්න තියන්න ඕනෙ.

     දැන් තියෙන්නෙ ඉතින් කන්න තමයි. කැමතිනම් මේ බෝල තව චුට්ටක් සරසා ගන්නත් පුලුවන් ඔයාලට. ඒකනම් ඔයාලට ඔයාලගේ අත්දැකීම් එහෙම පාවිච්චි කරලා පොඩ්ඩක් හිතලා බලලා කරන්න වෙන දෙයක්. කොහොම උනත් සැරසිලි වැඩ ගැන ලඟදීම කියලා දෙන්න බලන්නම්කෝ..













    ලිපිය සකස් කරන්න කරුණු ලබාගත්තේ entakanta.blogspot.com බ්ලොග් අඩවියෙන්.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment