About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Yellow rice - කම්මැලිකමට ලේසියෙන්ම කහ බතක් හදමුද?

සමාන්‍ය බත් වලට වඩා, ඒ කියන්නෙ සුදු බත් වලට වඩා කහ බත් කියපුවහම අපිට පොඩි විශේෂත්වයක් දැනෙනවානෙ. ඉත…
Yellow rice - කම්මැලිකමට ලේසියෙන්ම කහ බතක් හදමුද?
සමාන්‍ය බත් වලට වඩා, ඒ කියන්නෙ සුදු බත් වලට වඩා කහ බත් කියපුවහම අපිට පොඩි විශේෂත්වයක් දැනෙනවානෙ. ඉතින් මේ කියලා දෙන්න හදන්නේ කහ බත් ඉක්මනින්ම ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා.. බලන්නකෝ එහෙනම් හදන විදිහ. මේ සාමාන්‍ය කහ බත් හදන ක්‍රමය නෙමේ. ඒ වගේම පොල් කිරිත් ඔයාලට ඕනෙනම් විතරක් දා ගන්න පුලුවන්. පොල් කිරි දානවානම් වතුර ගැනත් සැලකිලිමත් වෙන්න. බත් එකේ රස තියෙන නිසා හදිසියට බිත්තරයක් පරිප්පුවක් වගේ උනත් ඇති මේකත් එක්ක. හැබැයි ඉතින් මහ ලොකු රසක් කියලා නම් නෑ. සුවද නම් තියෙනවා හොදටම. මේක ඉදෙනකම් පරිප්පු එක හදාගන්න බලන්න.

අවශ්‍ය දේවල්:
  • හාල් (තැම්බෙන්න හොර නැති ඕනෙම වර්ගයකින් ගන්න.)
  • රම්පෙ
  • කරපිංචා
  • කුරුඳු පොතු
  • කරදමුංගු
  • කරාබු නැටි
  • කහ
  • ලුණු
  • තියෙනව නම් පොල් කිරි ටිකක් (ඕනෙම නෑ)
  • බටර්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම් හාල් ටික හෝදලා ගල් වැලි ඉවත් කරගෙන බත ඉදෙන ගාණට වතුර තියාගන්න.
  • ඊට පස්සෙ අවශ්‍ය දේවල් යටතේ තියෙන අනිත් අඩුම කුඩුම සේරම එකට දාලා බත උයාගන්න. ඔච්චරයි කරන්න තියෙන්නෙ.
 තෙම්පරාදු කහ බත තරම්ම රසට සුවඳට ඊට වඩා ඉක්මණට මේ බත හදාගන්න පුළුවන්. මේ ෆොටෝ වල තියෙන බත් එක උඩින් ලූණු කොල ටිකක් පොඩියට කපලා ඉහගෙන තියෙන්නෙ බත් එක පොඩ්ඩක් ලස්සනට පේන්න.













ලිපිය ලියන්න කරුණු ලබාගත්තේ aniwa.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment