About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Nutella cookies - නියුටෙලා වලින් කුකීස් (බිස්කට්)

ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ නියුටෙලා වලින් කුකීස් (බිස්කට්) හදාගන්නේ කොහොමද කියලා.. මේ කුකීස්…
Nutella cookies - නියුටෙලා වලින් කුකීස් (බිස්කට්)
ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ නියුටෙලා වලින් කුකීස් (බිස්කට්) හදාගන්නේ කොහොමද කියලා.. මේ කුකීස් ගොඩක් හයිය නෑ. ඒ හින්දම ලේසියෙන් හපන්න පුලුවන්. කොහොම උනත් කිරි කෝප්පයක් එක්ක නම් නියමයි කියලා තමයි කියන්න තියෙන්නෙ. පොල් කිරි එහෙම කියලා හිතනවා නෙමේ ඕන්..! මේ කිව්වෙ අපි බොන කිරි (ෆ්‍රෙෂ් මිල්ක්) එකක පොගවලා කන්න පුලුවන් කියලා. ඒ වගේම කියන්න ඕනෙ මේක හදන්න අපිට දේවල් 4යි ඕන වෙන්නෙ. ඒ හින්දා ලේසියෙන්ම හදාගන්නත් පුලුවන්. විනාඩි 20ක් වගේ ඇතුලත හදලා ඉවරයක් කරන්න පුලුවන්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්: (කුකීස් 12ක් සඳහා)
  • පාන් පිටි මේස හැදි 8ක්
  • බිත්තර 1ක්
  • නියුටෙලා කෝප්ප 1/2 ක් සහ තව මේස හැදි 2ක්
  • බේකින් පවුඩර් තේ හැදි 1/2ක්

සාදාගන්නා ආකාරය:

  • මොකුත්ම කරන්න කලින් අපි මුලින්ම අවන් එක රත් වෙන්න දා ගන්න ඕනෙ. අවන් එක 180°C (350°F) දාගන්න. ඒත් එක්කම බේකින් ට්‍රේ එක ඇරගෙන බේකින් ශීට් එකක් (Baking sheet)/ පාච්මන්ට් පේපර් (Parchment Paper) එකක් වගේ දාලා ට්‍රේ එකත් සූදානම් කරගන්න.
  • ඊට පස්සෙ ටිකක් ලොකු බෝල් එකක් (භාජනයක්) ඇරගෙන අවශ්‍ය දේවල් වල සඳහන් කරලා තියෙන ඔක්කොම දේවල් ටික එකට දාලා කලවම් කරගන්න. ස්පැටුලා (Spatula) එකකින් හරි, හැන්දකින් හරි අනාගන්න පුලුවන් ඔයාලට. කොහොමහරි පිටි ටික හොදට කලවම් වෙනකන් අනාගන්න.
  • දැන් කරන්න තියෙන්නෙ හදාගත්ත ඒ මිශ්‍රණයෙන් පොඩි බෝල හදාගෙන අපි කලින් සූදානම් කරගත්ත බේකින් ට්‍රේ එක උඩින් තියාගන්න. තියාගෙන පොඩ්ඩක් තුනී කරගන්න. බේකින් ට්‍රේ එකේ තියනකොට ටිකක් ඈතින් ඈතින් බෝල ටික තියාගන්න. දෙකක් අතර පරතරය අගල් 2ක් වගේ තියෙන්න ඕනෙ. මේ බෝල හදාගන්න පුලුවන් වෙන්න නම් අපි හදාගන්න මිශ්‍රණය ගොඩක් හයිය නැති වෙන්න ඕනෙ වගේම ගොඩක් දියාරු වෙන්නත් බෑ. ඒ ගැන මිශ්‍රණය අනනකොට සැලකිලිමත් වෙන්න.
  • ඊට පස්සෙ බේකින් ට්‍රේ එක අවන් එකට දාලා විනාඩි 10ක් බේක් කරගන්න.
  • බේක් වුනාට පස්සෙ අවන් එකෙන් එලියට ඇරන් නිවෙන්න දෙන්න. යාන්තම් රස්නෙ තියෙද්දිම අමුත්තන්ට සංග්‍රහ කරන්න පුලුවන් නම් හොදයි.
  • ඉතුරු වුනොත් කුකීස් ටික හුලන් නොවදින විදිහට අහුරා ගන්න. දවස් 3ක් වගේ තියාගන්න පුලුවන් ඔයාලට.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ පාන් පිටියි, බිත්තරයි එකට දාගෙන.

මේ නියුටෙලා දා ගන්න ගමන්.

මේ බේකින් පවුඩර් දා ගන්න කොට.

මේ වගේ ස්පැටුලා එකකින් ඒ ටික කලවම් කරගන්න.

අන්තිමට මිශ්‍රණය මේ වගේ තියෙන්න ඕනෙ.

මේ බේකින් ට්‍රේ එකේ අහුරාගෙන.

මේ බේක් කරගත්තට පස්සෙ.

දැන් ඉතිං කන්න තමයි තියෙන්නෙ.













මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ cookingandme.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment