About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Thala Guli - ස්වයං රැකියාවක් විදිහට තලගුලි (කැරලි) හදන්නේ මෙහෙමයි!

දැන් මේ ඔයාලට කියලා දෙන්න හදන්නේ ස්වයං රැකියාවක් විදිහට තලගුලි ( කැරලි) හදන්නේ කොහොමද කියලා.. තල කිය…
Thala Guli - ස්වයං රැකියාවක් විදිහට තලගුලි (කැරලි) හදන්නේ මෙහෙමයි!
දැන් මේ ඔයාලට කියලා දෙන්න හදන්නේ ස්වයං රැකියාවක් විදිහට තලගුලි (කැරලි) හදන්නේ කොහොමද කියලා.. තල කියන්නෙ පෝෂණයෙන් ඉතාම ඉහළ ආහාරයක්. එසේම වැඩිම කැල්සියම් ප්‍රමාණයක් ලබාගත හැකි ආහාරයක් වෙනවා. මේ නිසා ශරීරයට මේදය ද ලැබෙනවා. එයින් ශක්තිය ඇතිවෙනවා. වටිනාකමින් වැඩි ආහාරයක් වන තල ලංකාවේ ගොඩක් සූලභයි. ඉතින් මේ සූලභ ආහාරයෙන් තලගුලි වගේ දෙයක් හදලා ආර්ථිකයට ශක්තියක් එකතු කරගන්නටත් ඔයාලට පූළුවන්. තලගුලි ඉතාම පහසුවෙන් හදාගන්නත් පුලුවන්. බලන්නකෝ එහනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • තල හූණ්ඩූ 2
  • හකුරු ග්‍රෑම් 250
  • පොල් බෑයක පොල් (කොප්පරා පොල් ගන්නත් පුලුවන්.)

සාදාගන්නා ආකාරය:
  • තල තරමක් අපිරිසිදුයි. වැලි, දූවිල, ඇතුළත්. මේ නිසා මූලින්ම තල හොඳින් ගරා, සෝදා, අව්වේ වියළා ගත යූතුයි. හොඳින් වේලුණූ පසූ කබලේ බැදගන්න.
  • බැදගත් තල සමග පොල් එකට දමා කොටන්න. තල අලෙවි කිරීමට සාදන නිසා කල් තබා ගැනීමට හැකි ලෙස සෑදිය යූතුයි. ඒ නිසා පොල් යන්තම් බැදගන්න. කොප්පරා පොල් දමනවා නම් බැදීමට අවශ්‍ය නැහැ.
  • කොටාගත් තල-පොල් මිශ්‍රණයට, හකුරු දමා දිගටම කොටාගන්න. ඉන් ස්වල්පයක් අතට ගෙන ගුලිකර බලන්න. හොඳින් ගුලිවී සිටිනවා නම් කෙටී ඇති තරම ප්‍රමාණවත්.
  • පිරිසිදු කරගත් ප්ලාස්ටික් බට කැබැල්ලකට මේ මිශ්‍රණය පූරවා ගන්න. අඟල් 1-2, 3-4 පමණ පළල ඇති බට කැබැල්ලක් මේ සඳහා සූදුසූයි. ඔබට අවශ්‍ය නම් එයට වඩා විශාල එකක් වූව ද තෝරා ගන්නට පූළුවන්. නමූත් එවිට තල කැරැල්ලේ ප්‍රමාණය විශාල වන නිසා මිල නියම කිරීමේදී ගැටලු ඇතිවෙනවා.
  • බටය තුළට පූරවා ගත් තල, ලී කූරක ආධාරයෙන් පිටතට තල්ලු කර අඟල් 2 ට අඩූවෙන් කැබලි කපන්න. උපරිම දිග අඟල් 2 ක් වීම ප්‍රමාණවත්. එම ප්‍රමාණයට පොලිතින් කොළ ද කපාගෙන එක් එක් කොළය මත තල කැරැල්ල තබමින් පොලිතින් එකෙන් ඔතා පසූව සව් කඩදාසිවලින් ඔතා ගන්න. තෙල් උනන නිසා අනිවාර්යයෙන්ම පොලිතින් එකක එතිය යූතුයි.

වැදගත්:
  • නගරයෙන් මඳක් බැහැරව සිටින අය තල කැරලි සඳහා යොදාගන්නේ කොප්පරා පොල්. කොප්පරා පොල් මගින් තලවලට වැඩි රසයක් එකතු වෙනවා.
  • තල කැරලි සඳහා ඉතාම හොඳ හකුරු වර්ගයක් තෝරාගත යූතුයි. නැතිනම් තල එකට ගුලිවී රඳන්නේ නෑ. සීනි හකුරු ඇලෙන ගතියෙන් තොර නිසා ඒවා තෝරාගන්න එපා.
  • රවූම් හැඩැති පැතලි තල කැබලි ද වෙළෙඳපොළේ අලෙවියට තිබෙනවා. ඒවා ද මේ ආකාරයටම සාදාගෙන තරමක් ලොකු බටයකින් පිටතට ගත යූතුයි. පෙති ලෙස කපාගෙන මැදින් කජූ පියල්ලක් තබාගන්න. එය පොලිතින් කොළයක ඔතා කෙළවර යන්තම් ඉටි පන්දමකින් රත්කර උණූවෙන විට තද කරන්න. එවිට කොළය ගැලවෙන්නේ නෑ.
  • සමහරු තල කැරලි හදනකොට කිතුල් පැණි, ලුණු චුට්ටක් එහෙමත් දා ගන්නවා.

 මේ තියෙන්නෙ පියවර කිහිපයක්.

 හදලා බලන්නකෝ එහෙනම් වෙලාවක ඔයාලත්. ස්වයං රැකියාවක් විදිහට නොකෙරුවත් තල කැරලි හදන්න ඕනෙ කරන දේවල් ටික හොයාගන්න පුලුවන් නම්, හදලා බලන්න එක පාරක් හරි.














මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබගත්තේ sinhalamag.com වෙබ් අඩවියෙන්. පින්තූර ටික ලබාගත්තා mysrilankanrecipe.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
1 comment
  • wikitech.xyz
    wikitech.xyz

    Good