About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Katta karawala with Pumpkin Curry - කට්ට කරවල දැමූ වටිටක්කා කරිය

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කට්ට කරවලයි වට්ටක්කයි එකට දාලා රසම රස කරියක් හදාගන්නේ කොහොමද කියලා. ටක්…
Katta karawala with Pumpkin Curry - කට්ට කරවල දැමූ වටිටක්කා කරිය
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කට්ට කරවලයි වට්ටක්කයි එකට දාලා රසම රස කරියක් හදාගන්නේ කොහොමද කියලා. ටක්ගාලා බලමු එහෙනම් හදන්නේ කොහොමද කියලා.. ඊලග පාර ගෙදරට වට්ටක්කා ගෙනාපුවහම, කට්ට කරවලත් හොයාගන්න තිබුනොත්, මේ විදිහට එක පාරක් හරි හදලා බලන්න එහෙනම්!

අවශ්‍ය දේවල්:
  • කටු සමග කට්ට කරවල 100g
  • වටිටක්කා 200g
  • සූදුළුෑණූ 30g
  • කපාගත් ළුෑණූ 30g
  • කපාගත් අමූමිරිස් 30g
  • මිරිස් කුඩූ තේ හැඳි 1
  • කරි කුඩූ මේස හැඳි 1 1/2
  • කහ කුඩූ තේ හැඳි 1/2
  • උළුහාල් ඇට 10යි
  • දියකිරි අඬූකෝප්ප 2 (පොල් කිරි)
  • මිටි කිරි අඬූකෝපප 1 (පොල් කිරි)
  • අබ ඇට තේ හැන්ඳයි
  • රම්පෙ, කරපිංචා සහ කුරුඳුපොතු
  • ලුණු (අපි කරවල වලින් හදන මේ වගේ කෑම වලට ගොඩක් වෙලාවට ලුණු දාන්නෙ නෑ. කරවල වලම ලුණු තියෙන හින්දා. නමුද් අන්තිමට හොද්දෙ ලුණු රහ මදියි වගේනම් ලුණු ටිකකුත් ඔයාලගේ රස අනුව දාගන්න.)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම වටිටක්කා කෑලි කපාගන්න.
  • ඒවගේම කරවල කටුත් සමග සෝදා කපාගන්න.
  • ඊට පස්සෙ අබ ඇට වතුරෙන් අබරාගන්න.
  • අන්තිමට කරන්න තියෙන්නෙ වටික්කා සහ කරවල බඳුනක දමා මිටිකිරි සහ අබ හැර අනෙක් සියල්ල එකට දමා ලිප තබා තැම්බෙන්නට හැර, තැබ්බුණු පසු මිටිකිරිවලට අබ මිශ්‍රකර එයට දමා හොද්ද උතුරවා හොදින් නටවා ගන්න එක. එච්චරයි! කරිය හදලා ඉවරයි. දැන් ඉතින් පිළිගන්වන්න තමයි තියෙන්නෙ.

 හදලා බලන්නකෝ එහෙනම් එක පාරක් හරි ගෙදරට වට්ටක්කයි, කට්ටා කරවලයි ගෙනාපු වෙලාවක.













මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ sinhalamag.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment