About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Hedi Kewum - ලේසියෙන්ම හැදි කැවුම් හදමු.

අපේ අලුත් මිතුරිය පූර්ණිමා තමයි මේ ලිපිය ලියන්නෙත්. එයා ඔයාලට දැන් කියලා දෙන්න හදන්නෙ ලේසියෙන්ම හැද…
Hedi Kewum - ලේසියෙන්ම හැදි කැවුම් හදමු.
අපේ අලුත් මිතුරිය පූර්ණිමා තමයි මේ ලිපිය ලියන්නෙත්. එයා ඔයාලට දැන් කියලා දෙන්න හදන්නෙ ලේසියෙන්ම හැදි කැවුම් හදගන්නේ කොහොමද කියලා. පැය 2න් හදන්න පුලුවන්. හැබැයි හාල් ටික පෙගෙන්න පැය 5ක් යනවා. ඒ කාලය නැතුව තමයි පැය දෙක. බලන්නකෝ එහෙනම් අපේ මිතුරියගේ වචන වලින්ම කොහොමද මේ හැදි කැවුම් එයා හදන්නේ කියලා..

"මං වෙනදට හදන්නෙ හාල් පිටි වලින් පොල් දාන්නෙ නෑ. මේ විදියට ලේසියි රසයි. හරියටම පැය 2 කින් හැදුවා.."


අවශ්‍ය දේවල්:
  • හාල් හුණ්ඩු 1යි
  • පොල් කෝප්ප 1යි
  • සීනි කෝප්ප 1යි
  • ලුණු ටිකක්
  • උණු වතුර කෝප්ප 1/2
  • තිරිගු පිටි (අවශ්‍ය පමණ.)
  • පොල් තෙල් (කැවුම් බැදගන්න.)
  • ඇල් වතුර (හාල් පෙගෙන්න දාන්න.) අවශ්‍ය පමණ.

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම හාල් ටික හෝදලා වැලි ගල් ඉවත් කරගන්න.
  • ඊට පස්සෙ වෙනම භාජනයකට හාල් ටික දාගෙන ඒකටම හාල් වැහෙන තරමට වතුර දාගෙන හාල් ටික පැය 5 ක් පෙගෙන්න තියන්න.
  • ඊට පස්සෙ ඔක්කොම (තිරිගු පිටි, පොල් තෙල් සහ ඇල් වතුර හැරා එකට බ්ලෙන්ඩර් එකට දාලා හොදට බ්ලෙන්ඩ් කරගන්න. (ඒ කියන්නෙ හොදට බ්ලෙන්ඩර් එකෙන් අඹරා ගන්න.)
  • දියාරු මිශ්‍රණයක් ලැබුනොත් ටිකක් උකු වෙනකම් තිරිගු පිටි දා ගන්න.
  • ඊට පස්සෙ මේ මිශ්‍රණය පැය 2ක් පැත්තකට කරලා තියන්න.
  • දැන් තියෙන්නෙ කැවුම් ටික හදාගන්න එක. තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටික දාලා තෙල් ටික රත් වෙන්න තියන්න.
  • තෙල් රත් වුනහම කැවුම් මිශ්‍රණයෙන් පොඩ්ඩක් තෙලට දාලා බලන්න කැවුම් හැදෙන තරමට තෙල් රත් වෙලා ඇතිද කියලා. (ඒ දාපු මිශ්‍රණය චුරු චුරු ගාලා බැදිලා තෙලේ මතුපිටට ආවොත් තෙල් ටික රත් වෙලා ඇති කියලා නිගමනය කරන්න පුලුවන්.)
  • ඊට පස්සෙ කැවුම් මිශ්‍රණයෙන් කැවුමකට ඇති තරම් ටිකක් තෙල් වලට දාගෙන කැවුමක් හදාගන්න. මේ විදිහට මිශ්‍රණය ඉවර වෙනකන්ම කැවුම් හදාගන්න එක තමයි ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඉතින්.
 පොටෝ ටිකත් බලන්නකෝ..
මේ හාල් ටික පෙගුනට පස්සෙ.

මේ හාල් ටික බ්ලෙන්ඩර් එකට දාගෙන.

මේ ඒකටම පොල් දාගෙන.

මේ ඒකට සීනි දාගෙන.

මේ වතුර දා ගත්තට පස්සෙ. දැන් හොදට බ්ලෙන්ඩ් කරගන්න ඕනෙ.

මේ බ්ලෙන්ඩ් කරලා හදාගත්ත මිශ්‍රණය.

මේ තිරිගු පිටි දාලා මිශ්‍රණය පදමට හදාගෙන.

තෙල් ටික රත් වෙන්න ලිපේ තියලා.

තෙල් ටික රත් වුනහම මේ වගේ මිශ්‍රණයෙන් ටිකක් දාගෙන කැවුම් හදාගන්න.

මේ තියෙන්නෙ මේ විදිහට හදපු කැවුම්. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.














ලිපිය ලිව්වේ පූර්ණිමා ඒකනායක මිතුරිය. ඇයට බොහොම ස්තූතියි අපි හැමෝටම ලේසියෙන්ම හැදි කැවුම් හදාගන්න පුලුවන් ක්‍රමයක් කියලා දුන්නට. පූර්ණිමා මිතුරියගේ තවත් ලිපියකින් ඇයව ආයෙමත් හමුවෙමුකෝ එහෙනම්..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment