About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Udu Curry - උඳු මාළුව

"ඉවුම් පිහුම්" ඇප් එකට ඔන්න අලුතෙන් තවත් යාලුවෙක් ඇවිල්ලා.. මිතුරියක්! එයාගේ නම තමයි &quo…
Udu Curry - උඳු මාළුව
"ඉවුම් පිහුම්" ඇප් එකට ඔන්න අලුතෙන් තවත් යාලුවෙක් ඇවිල්ලා.. මිතුරියක්! එයාගේ නම තමයි "පූර්ණිමා ඒකනායක". අපි හැමෝම අපේ මිතුරියව ගොඩක් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා නේද? ඉතින් අපේ මිතුරිය ඔයාලට කියලා දෙන්න කියලා අපිට "උඳු මාළුව" හදාගන්න විදිහ එවලා තිබුණා. බලන්නකෝ එහෙනම් අපේ මිතුරියගේ වචන වලින්ම මේ "උඳු මාළුව" හදාගන්නේ කොහොමද කියලා..

"..මේක බොහොම ලොකු ඉතිහාසයක් තියන කෑමක්. මේක මම ඉගෙන ගත්තෙනම් අම්මගෙන්, අම්මා ඉගෙන ගෙන තියෙන්නේ අපේ ආච්චිගෙන්, ඒ කියන්නේ තාත්තගේ අම්මගෙන්. හරිම රසයි. උඳු වල අමුතු රස එන්නේ නෑ. vegetarian අයට නම් ගොඩක් ගුණ කෑමක්. මං දානවලට එහෙමත් හදනවා..."


අවශ්‍ය දේවල්:
  • උඳු ඇට 250g
  • ලුණු
  • රතුලූණු
  • කරපිඅංචා
  • සුදුලූණූ
  • මිරිස් කුඩු
  • තුනපහ
  • මිටිකිරි (පොල් කිරි)
  • වතුර

සාදාගන්නා ආකාරය:
  • උඳු ඇට ටිකට වතුර දාලා රැයක් පෙගෙන්න තියන්න.
  • උදේට වතුර ටික පෙරලා ඉවත් කරල උඳු ඇට ටික අඹරලා (Blend කරලා) ලුණු, රතුලූණු, කරපිඅංචා දාලා වාෂ්පයෙන් තම්බන්න. මම නම් රයිස් කුකර් (Rice Cooker) එකේ බත තියලා ඒකේ ස්ටීමර් (Steamer) එකේම මේක තිබ්බා. බත ඉදෙන කොට මේකත් තැම්බිලා.
  • තැම්බුනාට පස්සෙ මිශ්‍රණය ස්ටීමර් එකෙන් ඉවත් කරගෙන කෑලි කපන්න.
  • තෙල් චුට්ටක් ලිපේ තියලා ඒකට කරපිඅංචා, රතුලූණූ, සුදුලූණූ, මිරිස් කුඩු, තුනපහ දාලා, කපාගත් උඳු ටිකත් දාලා මිටිකිරි දාලා උතුරවා ගන්න. එච්චරයි!
 මේ තියෙන්නෙ ස්ටීම් කරගත්තට පස්සෙ කපාගත්ත උඳු කෑලි.

 මේ තියෙන්නෙ ඒ කෑලි, මිරිස්, තුනපහ, මිටිකිරි එහෙම දාලා හදාගත්ත අපේ රසම රස "උඳු මාළුව". හදලා බලන්නකෝ එහෙනම් ඔයාලත්. උඳු වල අමුතු රස එන්නේ නෑ පොඩ්ඩක්වත්.














ලිපිය ලිව්වේ පූර්ණිමා ඒකනායක මිතුරිය. අපේ මිතුරියට බොහොම ස්තූතියි අපිට මේ වගේ අපි අතරින් දැන් දැන් සැගවිලා යන පැරණි ව්‍යාංජනයක් හදන විදිහ කියලා දුන්නට. පූර්ණිමා මිතුරිය එවපු තවත් ලිපි තියෙනවා. ඒවත් ඉකමන්ටම ඇප් එකට දන්නම්කෝ..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment