About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Banana with Jaggery - කෙසෙල්, හකුරු සමග බේක් කර සෑදූ අතුරුපසක්

බැලූ බැල්මට නම් පේන්නෙ මේක ටිකක් පිස්සු කෑමක් වගේ නේද? අපේ රටේ කෙසෙල් බේක් කරලා හදන කෑම ජනප්‍රිය නො…
Banana with Jaggery - කෙසෙල්, හකුරු සමග බේක් කර සෑදූ අතුරුපසක්
බැලූ බැල්මට නම් පේන්නෙ මේක ටිකක් පිස්සු කෑමක් වගේ නේද? අපේ රටේ කෙසෙල් බේක් කරලා හදන කෑම ජනප්‍රිය නොවුනාට පිට රටවල් වලනම් මේ කෑම ටිකක් ජනප්‍රියයි. අපි කරන්න යන්නේ කෙසෙල් ඇතුලට කුරුදුයි හකුරුයි දාලා කෙසෙල් ටික බේක් කරගෙන, ඊට පස්සෙ මී පැණිත් උඩින් දාගෙන රසම රස අතුරු පසක් හදාගන්න එක. කතාවට කියනවා වගේ "දිවේ තියන් ඉන්න පුලුවන් කෑමක්" මේක. ටිකක් පිස්සු වගේද? මොන වගේ කෑමද අප්පා මේ කියලා හිතෙනවාද? කමක්නෑ, ජිවිතේට චුට්ටක් විතර පිස්සු වැඩත් කරන්න ඕනනේ නේද? හදමු එහෙනම්!

අවශ්‍ය දේවල්:

  • ඉඳුණු කෙසෙල් ගෙඩියක්
  • කුරුඳු කුඩු ස්වල්පයක්
  • ගාගත් හකුරු මේස හැඳි 2 ක්
  • කිතුල් පැණි හෝ මී පැණි ටිකක්

සාදාගන්නා ආකාරය:

  • කෙසෙල් ගෙඩියේ ලෙල්ල හැර එය මැදින් දික් අතට කෙසෙල් ගෙඩිය වෙන් නොවෙන්න පැල්මක් දමා ගන්න.
  • ඒ මැදට ගාගත් හකුරු සහ කුරුඳු කුඩු දමා ෆොයිල් පේපර් එකකින් ඔතාගන්න.
  • දැන් තියෙන්නෙ බේක් කරගගන්න. අවන් එකට කෙසෙල් ගෙඩිය දාලා සෙල්සියස් 180ට විනාඩි 7ක් බේක් කරගන්න ඕනෙ. එහෙමත් නැත්නම් පෑන් එකක තියලා ග්‍රීල් කරගන්නත් පුලුවන්. (ඇත්තටම මේක ග්‍රීල් කරගන්න පුලුවන් නම් ගොඩක් හොදයි.)
  • බේක් වුනාට පස්සෙ කිතුල් පැණි හරි මී පැණි හරි කෙසෙල් ගෙඩිය උඩින් දාලා පිලිගන්වන්න පුලුවන් ඔයාලට. තව ඕනෙමනම් උඩින් කපාගත්ත කජු වගේ මොනවා හරි ටිකකුත් ඉසගන්න පුලුවන් ඔයාලට.

 කෙසෙල් ගෙඩිය ෆොයිල් පේපර් එකකින් මේ වගේ ඔතාගන්න. ඊට පස්සෙ තමයි බේක් කරගන්න ඕනෙ.

 දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.














ලිපිය ලියන්න කරුණු ලබාගත්තේ aniwa.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment