About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Macaroni Pudding- මැකරෝනි (පස්තා) වලින් පුඩිමක් හදමුද?

මොකක් කිව්වා? පස්තා වලින් පුඩිං හදන්නත් පුලුවන්ද? ඔව් ඔව්.. හදන්න පුලුවන් නේන්නම්. ගෙදරට පස්තා ගෙනා…
Macaroni Pudding- මැකරෝනි (පස්තා) වලින් පුඩිමක් හදමුද?
මොකක් කිව්වා? පස්තා වලින් පුඩිං හදන්නත් පුලුවන්ද? ඔව් ඔව්.. හදන්න පුලුවන් නේන්නම්. ගෙදරට පස්තා ගෙනාපුවහම හැමදාම එකම විදිහට නූඩ්ල්ස් වගේ තෙම්පරාදු කරලා හදන්නේ නැතුව, මෙදා පරා පස්තා වලින් පුඩිමක් හදාගන්නේ කොහොමද කියලා තමයි ඔන්න දැන් කියලා දෙන්න යන්නේ.. බලන්නකෝ එහනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • මැකරෝනි කප් 1 1/2 (මේකට අපි මැකරෝනි කියන ටියුබ් වගේ හැඩේ පස්තා තමයි පාවිච්චි කරන්නෙ.)
  • ෆ්‍රෙශ් මිල්ක් කප් 2
  • සීනි මේස හැඳි 4ක්
  • බිත්තර 2
  • බටර් මේස හැඳි 2
  • වියලි මිදි කප් 1/4
  • ගා ගත්ත දෙහි ගෙඩි භාගයක ලෙලි (දෙහි ගෙඩි භාගයක ලෙල්ලක් ඇරගෙන පොඩියට හීනියට කපාගන්න.)

සාදාගන්නා ආකාරය:
  • මැකරෝනි ටික තම්බාගන්න.
  • වෙනම බඳුනක කිරි, සීනි සහ බිත්තර හොඳින් ගසාගන්න. එය ලිප තබා එයට බටර් ටිකද එකතු කරගන්න.
  • එයටම වියලි මිදි සහ දෙහි ලෙලි එක් කර කලවම් කර මැකරෝනි ටිකත් එක් කරගන්න. මද ගින්නේ විනාඩි 15ක් පමන පිසගන්න.
  • බටර් තවරාගත් බේකින් තැටියකට දමා සෙල්සියස් 150ට විනාඩි 30ක් බේක් කරගන්න.

 මේ ෆොටෝ එකනම් ඇත්තටම මේ රෙසිපි එකට අදාල නෑ. මේ තියෙන්නෙ වෙළඳපොලේ දකින්න ලැබෙන පස්තා වර්ග කිහිපයක්. ඇත්තටම මේ පොඩ්ඩම පොඩ්ඩක් විතරයි. දැනට වෙළඳපොලේ පස්තා වර්ග 350කට වඩා තියෙනවා කියලා තමයි සලකන්නෙ.














මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබාගත්තේ aniwa.lk වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment