About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Creamy Cauliflower Salad - මල් ගෝවා වලින් සැලඩ් එකක්

ඔන්න දැන් කියලා දෙන්න යන්නේ මල් ගෝවා වලින් ලේසියෙන්ම සැලඩ් එකක් හදාගන්න විදිහ, බලන්නකෝ එහෙනම් හදන ව…
Creamy Cauliflower Salad - මල් ගෝවා වලින් සැලඩ් එකක්
ඔන්න දැන් කියලා දෙන්න යන්නේ මල් ගෝවා වලින් ලේසියෙන්ම සැලඩ් එකක් හදාගන්න විදිහ, බලන්නකෝ එහෙනම් හදන විදිහ.. හැබැයි ඉතිං මේක හදන විදිහ බලපුවහම අපේ මේ ඉවුම් පිහුම් ඇප් එක පාව්ච්චි කරන නගරබද ප්‍රදේශ වලින් ඈත ඉන්න ඔයාලට හිතේවි මේ මොන ජාතියේ සැලඩ් එකක්ද, මේවටද අපි සැලඩ් කියන්නේ කියලා. වැඩිය හිතන්න එපා. මෙහෙම සැලඩ් වර්ගත් ලෝකේ තියෙනවා කියලා හිතාගන්නකෝ....

අවශ්‍ය දේවල්:
  • කැබලි වලට කපාගත් මල් ගෝවා ගෙඩි 1ක්
  • හතරට කපාගත් ඉතා කුඩා ප්‍රමාණයේ තක්කාලි කෝප්ප ½ ක්
  • බැදගත් බේකන් කැබලි මේස හැඳි 3ක්. (ඌරු මස්- Bacon bits)
  • හීනියට ගා ගත්ත (ග්‍රේට් කරගත්) චෙඩාර් චීස් කෝප්ප ¼ ක්
  • තම්බා කපාගත් බිත්තර 3ක්
  • මයෝනීස් කෝප්ප 1ක්
  • සීනි කෝප්ප 1/3 ක්
  • විනාකිරි මේස හැඳි 1ක්
  • ලෙමන් යුෂ මේස හැඳි 1ක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම මල් ගෝවා, තක්කාලි, බේකන්, චීස් සහ බිත්තර එකට කලවම් කරගන්න ඕනෙ.
  • ඊට පස්සෙ වෙනම භාජනයක සීනි, විනාකිරි, ලෙමන් යුෂ සහ මයෝනීස් ටික එකට දාලා හොදට කලවම් කරගන්න ඕනෙ.
  • ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඒ හදාගත්ත මිශ්‍රණය (Salad dressing), ගෝවා මල් මිශ්‍රණය උඩින් වක්කර ගන්න එක. ඔච්චරයි! සැලඩ් එක හදලා ඉවරයි!

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තියෙන්නෙ මල් ගෝවයි, තක්කාලියි, බේකනුයි, චෙඩාර් චීසුයි.

 මේ තම්බලා කපාගත්ත බිත්තරයි, මයෝනීසුයි, සීනියි, විනාකිරියි, ලෙමන් යුෂයි.

 මේ මල් ගෝවා, තක්කාලි, බේකන්, චීස්, බිත්තර එකට දාලා කලවම් කරගන්න කොට.

 මේ වෙනම භාජනයක සීනි, විනාකිරි, ලෙමන් යුෂ, මයෝනීස් ටික එකට දාලා හදාගත්ත මිශ්‍රණය.

 මේ අන්තිමට ඒ හදාගත්ත මිශ්‍රණය ගෝවා මල් මිශ්‍රණය උඩින් වක්කර ගන්න කොට. මෙහෙම දා ගත්තට පස්සෙ වැඩේ ඉවරයි. දැන් ඉතින් පිළිගන්වන්න තමයි තියෙන්නෙ.















මේ ලිපිය උපුටා ගැනීමක්. ලිපිය ලබා ගත්තේ freshfood.lk වෙබ් අඩවියෙන්. ඔයාලට මොනවා හරි ගැටළු මතු වුනෝතින් මේ යූ-ටියුබ් වීඩියෝ එකත් බලන්නකෝ.. (https://www.youtube.com/watch?v=3jfK5ayjxp8)
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment