About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Capsicum and Brinjal Curry - මාළු මිරිස් සහ වම්බටු කරිය

හදමුද මාළු මිරිසුයි වම්බටුයි එකට දාලා රසම රස කරිය? බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා.. අවශ්‍ය දේවල්…
Capsicum and Brinjal Curry - මාළු මිරිස් සහ වම්බටු කරිය
හදමුද මාළු මිරිසුයි වම්බටුයි එකට දාලා රසම රස කරිය? බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • වම්බටු 250g
  • මාළු මිරිස් 125g
  • පොල් තෙල් කෝප්ප ½ක්
  • කබලේ බැඳගත් තුනපහ කුඩු සහ මිරිස් කුඩු අතුරුපස හැඳි (Dessert Spoon) 01ක බැගින්
  • කබලේ බැඳනොගත් මිරිස් කුඩු අතුරුපස හැඳි 01ක්
  • කුඩු කරගත් සූදුරු තේ හැඳි 01ක්
  • කොටාගත් උම්බලකඩ අතුරුපස හැඳි 01ක්
  • කහ කුඩු අතුරුපස හැඳි ½ක්
  • ලුණු අතුරුපස 02ක් (රස අනුව දාගන්න.)
  • ලොකු පොල් බෑයකින් ලබාගත් මිටි කිරි සහ දිය කිරි කොප්ප 1 ½ක්
  • කපාගත් අමු මිරිස් කරල් 02ක්
  • කපාගත් රතු ළුෑණු 08ක්
  • කරපිංචා කිනිත්තක්
  • විනාකිරි අතුරුපස හැඳි 02ක්
  • අබ කුඩු අතුරුපස හැඳි 01ක්
  • බැඳපු තුනපහ කුඩු අතුරුපස හැඳි 01ක්
  • තව අමතරව වැඩිපුර කහ කුඩු ටිකකුයි විනාකිරි කෝප්ප ½ කුයි ඕනෙ.

සාදාගන්නා ආකාරය:
  • වම්බටු ටිකයි, මාළු මිරිස් ටිකයි සුද්ද කරලා දිග අතට පළලා කපාගෙන ඒ ටික භාජනයකට දාගන්න. ඊට පස්සෙ අර අමතරව වැඩිපුර ගන්න කියපු කහ කුඩු ටිකකුයි විනාකිරි කෝප්ප ½යි ඒකටම දාලා වම්බටු ටිකයි, මාළු මිරිස් ටිකයි හොදට ඒවගෙන් හොදාගන්න. හෝදලා ඉවර වුනහම විනාකිරි මිශ්‍රණය ඉවත් කරගෙන වම්බටු ටිකයි, මාළු මිරිස් ටිකයි පැත්තකින් තියාගන්න.
  • ඉන්පසු භාජනයකට තෙල් දමා, තෙල් ටික රත් වනවිට එයට මාළු මිරිස් සහ වම්බටු ටික දමා බැදගන්න. ඊට පස්සෙ ඒ ටික තෙල් බේරෙන්න තියන්න.
  • දැන් කරන්න තියෙන්නෙ වෙනත් භාජනයක් ඇරගෙන ඒකට තෙල් ටිකක් දාලා උඩ අවශ්‍ය දේවල් කොටසේ තියෙන ලූණු, අමු මිරිස් ඇතුළු හැම දේම දාලා (බැඳපු තුනපහ, වම්බටු, මාළු මිරිස්, විනාකිරි සහ පොල් කිරි හැර) තෙම්පරාදු කරගන්න එක.
  • විනාකිරි ටිකයි පොල් කිරි ටිකයි ඊට පස්සෙ දා ගන්න ඕනෙ. එහෙම දාන හින්දා මේක දැන් කරියක් වගේ හැදෙනවා. මේ කරිය හදනකොට වහන්න එපා!
  • කරිය හදනකොට හැදිගාන්න ඕනෙ. කරියෙ යන්තම් තෙල් ගතියක් පෑදෙන් විට හැඳි ගා වම්බටුයි මාළු මිරිස් ටිකයි එකතු කර ගෙන පරිස්සමින් හැඳි ගා ගන්න ඕනෙ.
  • අන්තිමට කරන්න තියෙන්නෙ බැඳපු තුනපහ ටික උඩින් දාගෙන හැඳි ගා ගන්න එක. ඔච්චරයි. තව චුට්ටක් වෙලා ලිපේ තියන්න ඇරලා, ලිපෙන් ඉවත් කරගෙන කෑම මේසෙට යවන්න තමයි තියෙන්නෙ.

පොටෝ ටික බලන්නකෝ..
 මේ මුලින්ම හෝදාගන්න කොට.

 මේ බැදගත්ත වම්බටුයි මාළු මිරිසුයි.

 මේ තෙම්පරාදු කරන ගමන්.

 මේ ඒකට පොල් කිරි දැම්මට පස්සෙ.

 මේ යන්තම් තෙල් ගතිය පෑදීගෙන එනකොට ඒකට වම්බටුයි මාළු මිරිසුයි දාගෙන.

 මේ අන්තිමට බැඳපු තුනපහ ටික එහෙම දාලා හදාගත්ත අපේ රසම රස කරිය. දැන් ඉතින් පිළිගන්වන්න තමයි තියෙන්නෙ.
















ලිපිය ලියන්න කරුණු ලබා ගත්තේ freshfood.lk වෙබ් අඩවියෙන්. මේ කරිය හදනකොට ඔයාලාට මොනවා හරි ගැලළු මතු වුනෝතින් මේ යූ-ටියුබ් වීඩියෝ එකත් බලන්නකෝ.. (https://www.youtube.com/watch?v=MeL39RWY028)
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Article Tag
    Newer Posts
    Older Posts
    Comment