About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Jackfruit Fritters - කොස් වලින් පොඩි කෑමක් හදමු.

ඔන්න දැන් ඔයාලර කියලා දෙන්න යනෙන වරකා, එහෙමත් නැත්නම් ඉදුණු කොස් වලින් රසම රස කෑමක් හදාගන්න විදිහ. …
Jackfruit Fritters - කොස් වලින් පොඩි කෑමක් හදමු.
ඔන්න දැන් ඔයාලර කියලා දෙන්න යනෙන වරකා, එහෙමත් නැත්නම් ඉදුණු කොස් වලින් රසම රස කෑමක් හදාගන්න විදිහ. බලන්නකෝ එහෙනම් හදන විදිහ..

අවශ්‍ය දේවල්:
  • ඇට ඉවත් කරගත්ත වරකා මදුලු 20ක් විතර (හොඳට ඉදුණු කොස්)
  • හාල් පිටි කෝප්ප ¾ ක් (තව චුට්ටක් වැඩිපුර තියාගන්න.)
  • හකුරු කෝප්ප ½ ක්
  • ගා ගත්ත පොල් කෝප්ප ½ ක්
  • ලුණු තේ හැදි ¼ ක් (රස අනුව ඔයාල දා ගන්න.)
  • තෙල් (බැදගැනීමට. ගැඹුරු තෙලේ බදින්න අවශ්‍ය පමණ පොල් තෙල් වගේ මොනවා හරි ගන්න.)
  • කරදමුංගු (එනසාල්) 3 ක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම කරදමුංගු වල ඇතුලේ තියෙන ඇට ටික වෙන් කරගෙන ඒ ටික හොදට කුඩු කරගන්න ඕනෙ.
  • හකුරු ටිකත් කුඩු කරගන්න.
  • ඊට පස්සෙ වරකා මදුලු ටිකයි, හකුරු ටිකයි එකට දාලා හොදට ඝණ මිශ්‍රණයක් වගේ වෙනකන් බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න ඕනෙ.
  • ඊට පස්සෙ ඒ මිශ්‍රණය භාජනයකට දාගෙන, ඒකට ලුණුයි පොල් ටිකයි කුඩු කරගත්ත කරදමුංගු ටිකයි දාලා හොදට කලවම් කරගන්න ඕනෙ.
  • ඊට පස්සෙ ඒකටම පිටි ටිකත් චුට්ට චුට්ට දාදා කලවම් කරගන්න ඕනෙ. (වතුර දාන්න නම් එපා!). අපි ටිකක් ගණකමට මිශ්‍රණය හදාගන්න ඕනෙ. එකයි මුලින් කිව්වේ තව චුට්ටක් පිටි වැඩිපුර තියාගන්න. කියලා. මිශ්‍රණයෙන් චුට්ටක් අතට ඇරගෙන අත ඇරපුවහම් එක ගුලියක් වගේ පල්ලෙහාට වැටෙන්න ඕනෙ. ගොඩාක්ම දියාරුවට තිබිලා හරියන්නේ නෑ. දියාරු වැඩියි වගේනම් තව පිටි චුට්ටක් දාලා අනාගන්න.
  • ඊට පස්සෙ තෙල් ටික රත් වෙන්න තියාගන්න .
  • දැන් කරන්න තියෙන්න රත් වුන තෙලට අපි හදාගත්ත මිශ්‍රණයෙන් තේ හැන්දක් විතර ප්‍රමාණයේ ගුලි කඩාගෙන තෙලට දාලා රන්වන් දුඹුරු පාට වෙනකන් ඒ ගුලි ටික බැදගන්න එක.
  • බැදුනට පස්සෙ ඉතින් තෙලෙන් ඉවත් කරගෙන තෙල් බේරෙන්න තියලා කන්න තමයි තියෙන්නෙ.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ වගේ ඉදුණු වරකා ගන්න.

මේ හාල් පිටි.

 මේ පොල්.

 මේ ලුණුයි, කරදමුංගුයි (එනසාල්).

 මේ හදාගත්ත මිශ්‍රණය.

 මේ ඒ මිශ්‍රණයෙන් චුට්ට චුට්ට තෙල් වලට දාන ගමන්.

 මේ බැදගත්ත බෝල. දැන් මේ ටික තෙල් බේරෙන්න තියන්න ඕනෙ.

 මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත අපේ බෝල ටික. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.
















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ Swayampaaka.com වෙබ් අඩවියෙන්. ඔයාලාට මොනවා හරි ගැටලු මතු වුනොත් මේ යූ-ටියුබ් වීඩියෝ එකත් බලන්නකෝ (https://www.youtube.com/watch?v=Wa1hM0QkIj4).
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment